ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 2 පාඩම 10 පි.-11 පි. 1 ¶
  • දෙවියන් පළවෙනි පුරුෂයාවයි ස්ත්‍රියවයි හැදුවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් පළවෙනි පුරුෂයාවයි ස්ත්‍රියවයි හැදුවා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • පළමු මිනිසා හා ස්ත්‍රිය
    මගේ බයිබල් කතන්දර පොත
  • අපි වයසට ගිහින් මැරෙන්නේ ඇයි?
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අන්තිම සතුරා වන මරණය නැති කරයි
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ගේ මරණය සහ නැවත නැඟිටීම ඔබට වැදගත්ද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 2 පාඩම 10 පි.-11 පි. 1 ¶
ආදම් සහ ඒව ඒදන් උයනේ

2වෙනි පාඩම

දෙවියන් පළවෙනි පුරුෂයාවයි ස්ත්‍රියවයි හැදුවා

යෙහෝවා ඒදන් කියන තැන ලස්සන උයනක් හැදුවා. ගස්වලින්, මල්වලින් වගේම සත්තුන්ගෙන් ඒක පිරිලා තිබුණා. ඊටපස්සේ ඔහු පළවෙනි මිනිසාව දූවිල්ලෙන් හදලා එයාගේ නහයට හුස්ම දැම්මා. දන්නවාද මොකද වුණේ කියලා? එයා හුස්ම ගන්න පටන්ගත්තා. එයා තමයි ආදම්. යෙහෝවා හදපු ලස්සන උයන බලාගන්න දුන්නේ ආදම්ට. හැම සතෙක්ටම නම් දාන්න කියලත් ඔහු එයාට කිව්වා.

ඊළඟට යෙහෝවා දෙවියන් වැදගත් නීතියක් ගැන ආදම්ට කිව්වා. ‘ඔයාට මේ උයනේ තියෙන ඕනම ගහකින් පලතුරු කන්න පුළුවන්. හැබැයි එක ගහකින් කන්න එපා. ඒකෙන් කෑවොත් ඔයා මැරෙනවා.’

පස්සේ යෙහෝවා කිව්වා ‘මං දැන් ආදම්ට සහකාරියක්ව හදන්නයි යන්නේ’ කියලා. ඊළඟට ඔහු ආදම්ව තද නින්දකට යවලා ආදම්ගේ ඉල ඇටයක් අරන් එයාට බිරිඳක් හදලා දුන්නා. එයාගේ නම ඒව. ඒ දෙන්නා තමයි පොළොවේ හිටපු පළවෙනි පවුල. ඒවව දැක්කාම ආදම් හරිම සතුටින් මෙහෙම කිව්වා. ‘යෙහෝවා මගේ ඉල ඇටයෙන් එයාව හැදුවේ. එයාත් හරියට මං වගේමයි.’

ඊළඟට යෙහෝවා ආදම්ටයි ඒවටයි කිව්වා දරුවන්ව හදලා මුළු පොළොවම මිනිස්සුන්ගෙන් පුරවන්න කියලා. දෙවියන්ට ඕන වුණේ ඒ දෙන්නා සතුටින් මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන උයනක් කරනවා දකින්නයි. ඒත් ඒක එහෙම වුණේ නැහැ. ඒ ඇයි කියලා ඊළඟ පාඩමෙන් බලමු.

“පටන්ගැන්මේදී මිනිස්සුන්ව නිර්මාණය කරපු තැනැත්තා පුරුෂයෙක් සහ ස්ත්‍රියක් විදිහටයි එයාලව නිර්මාණය කළේ.”—මතෙව් 19:4

ප්‍රශ්න: යෙහෝවා ආදම්ට කරන්න කිව්වේ මොකක්ද? කන්න එපා කියපු ගහෙන් කෑවොත් ආදම්ටයි ඒවටයි මොනවා වෙනවා කියලද ඔහු කිව්වේ?

උත්පත්ති 1:27-31; 2:7-9, 15-23; ගීතාවලිය 115:16; මතෙව් 19:4-6

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න