ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 1 පාඩම 8 පි.
  • දෙවියන් අහසත් පොළොවත් හැදුවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන් අහසත් පොළොවත් හැදුවා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • දෙවි මවන්න පටන්ගනී
    මගේ බයිබල් කතන්දර පොත
  • සතුන්
    2015 පිබිදෙව්!
  • ලස්සන උයනක්
    මගේ බයිබල් කතන්දර පොත
  • හැම දෙයක්ම හදපු කෙනා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 1 පාඩම 8 පි.
ඒදන් උයන

1වෙනි පාඩම

දෙවියන් අහසත් පොළොවත් හැදුවා

යෙහෝවා දෙවියන් තමයි අපිව හැදුවේ. අපිව විතරක් නෙවෙයි අපිට පේන දේවලුයි පේන්නේ නැති දේවලුයි හැම දේම හැදුවේ දෙවියන්. අපිට පේන්න තියෙන දේවල් හදන්න ඉස්සෙල්ලා ඔහු ගොඩක් දේවදූතයන්ව හැදුවා. අපිට දෙවියන්ව පේන්නේ නැහැ වගේ එයාලවත් පේන්නේ නැහැ. යෙහෝවා හදපු පළවෙනි දේවදූතයා තමයි හැම දේම හදන්න ඔහුට උදව් කළේ. තරු, ග්‍රහලෝක වගේ අනිත් හැම දේම හදද්දී ඒ දේවදූතයා උදව් කළා. ඒ එක ග්‍රහලෝකයක් තමයි අපේ මේ ලස්සන පොළොව.

ඊළඟට යෙහෝවා මිනිස්සුන්ටයි සත්තුන්ටයි ඉන්න පුළුවන් විදිහට මේ පොළොව ලෑස්ති කළා. ඉර එළියත් දුන්නා. ලස්සන කඳු, මුහුදු, ගංගාවල් හැදුවා.

ඊළඟට මොකද වුණේ කියලා දන්නවාද? යෙහෝවා කිව්වා ‘මම තණකොළත් පැළත් ගසුත් හදනවා’ කියලා. ඊටපස්සේ එක එක ජාතියේ පලතුරු, එළවළු, මල් වැවෙන්න පටන්ගත්තා. ඉගිලෙන, පීනන, බඩගාගෙන යන එක එක විදිහේ සත්තුන්වත් යෙහෝවා හැදුවා. හාවෝ වගේ පුංචි සත්තුන්වත් අලි වගේ ලොකු සත්තුන්වත් හැදුවා. ඔයා වැඩියෙන්ම ආස මොන සතාටද?

ඉස්සෙල්ලාම හදපු දේවදූතයාට යෙහෝවා කිව්වා ‘අපි මිනිස්සුන්ව හදමු’ කියලා. මිනිස්සු සත්තුන්ට වඩා වෙනස්. එයාලට පුළුවන් හොඳට හිතලා දේවල් කරන්න. කතා කරන්න, හිනා වෙන්න, යාච්ඤා කරන්නත් පුළුවන්. පොළොවයි සත්තුන්වයි බලාගන්න දුන්නෙත් එයාලට.

“පටන්ගැන්මේදී දෙවියන් අහසයි, පොළොවයි නිර්මාණය කළා.”—උත්පත්ති 1:1

ප්‍රශ්න: යෙහෝවා කවුද? ඔහු හැදුවේ මොනවාද?

උත්පත්ති 1:1-26; හිතෝපදේශ 8:30, 31; යෙරෙමියා 10:12; කොලොස්සි 1:15-17

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න