ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g 7/08 3 පි.
  • බොඳ වූ සිහින

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බොඳ වූ සිහින
  • 2008 පිබිදෙව්!
  • සමාන තොරතුරු
  • විවාහය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
    බයිබලයෙන් උත්තර
  • සතුට පිරුණු, ශක්තිමත් කැදැල්ලක් ගොඩනඟන්න
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුග දිවිය ප්‍රහාරයකට ලක් වී ඇද්ද?
    2006 පිබිදෙව්!
  • විවාහ නොවී එකට ජීවත් වීම වැරදිද?
    බයිබලයෙන් උත්තර
තව තොරතුරු
2008 පිබිදෙව්!
g 7/08 3 පි.

බොඳ වූ සිහින

“මට නම් දැන් එයත් එක්ක ජීවත් වෙලා ඇති වෙලා තියෙන්නේ!” විවාහක පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් කවදා හෝ එසේ කියනවා ඔබ අසා තිබෙනවාද? ඔබ විවාහක නම් ඔබටත් කවදා හෝ එසේ හැඟී තිබෙනවාද?

ප්‍රේම සම්බන්ධයක් තුළින් හෝ යෝජනාවක් තුළින් හෝ විවාහ වන දහසකුත්දෙනාගේ එකම සිහිනය වන්නේ ප්‍රීතිමත් විවාහ ජීවිතයක් ගත කිරීමයි. නමුත් විවාහ වූ පසු ඒ සිහිනවලට සිදු වන්නේ කුමක්ද? එක් විවාහ උපදේශකවරයෙක් ඒ පිළිබඳව මෙවැනි දෙයක් පැවසුවා. “විවාහ වී කාලයක් ගත වෙද්දී හුඟක් අයට තිබුණු බලාපොරොත්තු සුන් වෙලා යනවා. විවාහය ගැන, සහකාරයන් ගැන, ආදරය ගැන විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතේ ගැනත් එයාලා හුඟක් කලකිරෙනවා.” අවසානයේදී ඔවුන්ට ඉතිරි වෙන්නේ ඔවුන්ගේ විවාහ සහතිකය සහ ඔවුන් ජීවත් වන නිවස පමණයි.

විවාහක යුවළයන් අද්දකින පීඩනය හා කනස්සල්ල විවාහ බැම්ම බිඳී යෑමට බොහෝවිට හේතු වී තිබෙනවා. රැකියාව වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීම හා වැඩමුර ක්‍රමයට වැඩ කිරීම වැනි කාරණා නිසා තම සහකාරයා හෝ සහකාරිය සමඟ කාලය ගත කිරීමට ඔවුන් ආසා කළත් ඔවුන්ට එය කරන්න බැහැ. ඒ විතරක් නොවෙයි ආර්ථික ප්‍රශ්න, දරුවන්ගේ වගකීම්, නිවාස ප්‍රශ්න හා සෞඛ්‍ය ගැටලු නිසාද ඔවුන් එකිනෙකා අතර තිබෙන ආදරය හා ගෞරවය කෙමෙන් කෙමෙන් හීන වෙන්න පුළුවන්.

ඒ වගේම අද බොහෝ මව්වරුන් රැකියාවල නිරත වන නිසා රැකියාවට සහ දරුවන්ගේ දහසකුත් වැඩවලට ඔවුන්ගේ සම්පූර්ණ කාලයම වැය කරන්න සිදු වෙනවා. ඒ නිසා ඔවුන් එකිනෙකා වෙනුවෙන් වැය කරන්න කාලයක් නැති තරම්. එවැනි තත්වයක් යටතේ තමන් තනි වී නැත්නම් දැඩි මානසික පීඩනයකින් සිටිනවා කියා ඔවුන්ට හැඟෙනවා. බොහෝ විවාහක යුවළයන් මෙතරම් පීඩනයකට ලක්ව සිටින්නේ ඇයි? විවාහ ජීවිතයේ ගැටලු ජය ගන්න ඔබට හැක්කේ කෙසේද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න