ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 8/8 30 පි.
  • ලෝකය දෙස බැලීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෝකය දෙස බැලීම
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බ්‍රිතාන්‍යයේදී රෝමානු නිධානය සම්බවේ
  • ඉන්දියාවේ මාරාන්තික කම්පාව
  • කැනඩාවෙහි සහ එක්සත් ජනපදයෙහි අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාවෙහි ගැටලු
  • පූජක පක්ෂය ගැන මහජන මතය පහත වැටේ
  • ඉන්දියානු වනජීවිතය තර්ජනයට ලක්වී
  • ජගත් සෞඛ්‍ය වාර්තාව
  • එක්සත් ජනපදයේ දුම්පානය-ආශ්‍රිත මරණ අඩුවෙමින් පවතී
  • බලාපොරොත්තු රහිතබව හා හෘදය
  • අවසානයක් පෙනෙන්නට නැත
  • විසිවන සියවසේ වසංගත
    1997 පිබිදෙව්!
  • ලොව වටා සෞඛ්‍ය තත්වය දියුණුයි—නමුත් සැමටම නොවේ
    1999 පිබිදෙව්!
  • රෝග නැති ලෝකයක්
    2004 පිබිදෙව්!
  • මිලියන ගණන් ජීවිත දුමට ගොදුරු වේ
    1995 පිබිදෙව්!
තව තොරතුරු
1994 පිබිදෙව්!
g94 8/8 30 පි.

ලෝකය දෙස බැලීම

බ්‍රිතාන්‍යයේදී රෝමානු නිධානය සම්බවේ

රන්, රිදී සහ තඹ කාසි 14,780ක මෙන්ම අඩි-තුනක්-දිග රන් මාලයක, රන් වළලු 15ක සහ රිදී හැඳි 100ක පමණ නිධානයක්, එංගලන්තයේ සෆක්හි ගොවිපොළකදී අනාවරණය කොට ඇත. නිධානය සොයාගෙන තිබෙන්නේ, නැතිවූ මිටියක් සෙවීම සඳහා ලෝහ පරීක්ෂක උපකරණයක් භාවිතා කරමින් සිටි විශ්‍රාම ලැබූ උයන්පල්ලෙකු විසිනි. සොයාගන්නා දෙයෙහි අගය අඩුම තරමින් ඩොලර් මිලියන 15ක්වත් වන බවට එක් ප්‍රවීණයෙකු තක්සේරු කර ඇත. නිධානය රජයේ දේපොළ වන බව ජූරිය මගින් තීරණය කළ අතර ඉන් අදහස් වූයේ නිදන් වස්තු සොයාගත්, 70-හැවිරිදි එරික් ලෝස්, වටිනා නිධානයේ වෙළෙඳ අගයට අනුව දීමනාවක් ලබන බවය. නිධානය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි මහජනයාට දැකීමට තබා ඇති බවට ගාර්ඩියන් වීක්ලි ප්‍රවෘත්ති පත්‍රය වාර්තා කරයි.

ඉන්දියාවේ මාරාන්තික කම්පාව

“අලියෙකුගේ හිසක් සහ විශාල උදරය සහිත මිනිසෙකුගේ ශරීරයක් ඇති ගනේෂා ස්වාමීන්ද්‍රයන්, හින්දු භක්තිකයන්ගේ ප්‍රියතම දෙවියෙකු වන, නව ආරම්භයන්ගේ හා වාසනාවේ දෙවියෙකි.” යයි ටයිම් සඟරාව සඳහන් කරයි. එහෙත් මෙම වාසනාවේ දෙවියාට ගෞරව පුදකිරීමේ දින-දහයේ මංගල්‍යයක අවසානයෙන් පැය කීපයකට පමණක් පසුව ඉන්දියාවේ බටහිර පළාත භූමිකම්පාවකින් පහර ලබා 50කට වැඩි ගම්මාන හා නගරවල නිවාස බිඳවැටීමට සැලැස්වීය. කම්පනයේ අපිකේන්ද්‍රයට ආසන්නයෙන්ම, රික්ටර් පරිමාණයට අනුව 6.4ක පරිමාණයකින් කම්පනයට පත්වූ කිලාරි ගම්මානයේ, සියයට 90ක්ම පොළොවට සමතලා විය. වර්ෂ 58ක් තුළදී ඉන්දියානු උප මහද්වීපය පහර ලැබූ දරුණුතම භූමිකම්පාව වීමට සලසමින්, ඇතැම් සංඛ්‍යා ලේඛන මරණ සංඛ්‍යාව 20,000ටත් අධික වූ බව පෙන්නුම් කරයි. මරණවලින් වැඩි සංඛ්‍යාවක් සිදුවූයේ කම්පාවේ බලයට නොව, නමුත් පීඩිත මඩ හෝ ගඩොළුවලින් සැදි නිවාස බොහොමයක් ඉතා ආදිකාලීනව නිර්මාණය කිරීම හේතුවෙනි, එම නිවාස බිඳවැටී ඒවායේ වැසියන්ව සම්පූර්ණයෙන්ම යටකළේය, එහි ජනාවාසීන්ව පොළොවට හෙළා, පස්වලට යට කරනු ලැබීය. උදාහරණයක් වශයෙන්, වසර කීපයකට පෙර සැන් ෆ්‍රැන්සිස්කෝ භූමිකම්පාව රික්ටර් පරිමාණයට අනුව 6.9ක පරිමාණයකින් සිදුවිය. එහෙත්, හෘදයාබාධවල ලක්ෂණ පහළ කළ මරණ ඇතුළුව, මියගිය බවට වාර්තා කරනු ලැබුවේ 67දෙනෙකු පමණි.

කැනඩාවෙහි සහ එක්සත් ජනපදයෙහි අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාවෙහි ගැටලු

එක්සත් ජනපදයේ උගත්කම පිළිබඳව වර්ෂ-හතරක සංයුක්ත අධ්‍යයනයක් පෙන්නුම් කර තිබෙන්නේ රටේ වැඩිහිටි පුරවැසියන් මිලියන 191කින් අඩකට පමණ, බිල්පත් දෝෂයක් ගැන ලිපියක් ලිවීමට හෝ මුද්‍රිත කාලසටහනකින් බස් ගමන් මඟක දුර ගණන් බැලීමට හෝ ප්‍රමාණවත් ඉංග්‍රීසි දැනුමක දක්ෂතාවක් නොමැතිව සිටින බව,” යයි ද නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කරයි. ප්‍රවෘත්ති පත්‍රයකින් නිවැරදි තොරතුරු ලබාගැනීම, බැංකු-තැන්පතු පතක් සෑදීම, බස් මාර්ගවල කාලසටහනක් කියවීම හෝ දරුවෙකුට දීම සඳහා වූ ලේබලයක තිබෙන හරි ඖෂධ මාත්‍රය තීරණය කිරීම වැනි එදිනෙදා කාරණාවලදී ඔවුන් අසීරුතාවලට මුහුණ දෙන බව මින් අදහස් වේ. “එදිනෙදා ජීවිතයේදී කියවීමට ලැබෙන ලිඛිත දේවලින් වැඩි කොටසක් හා සමඟ කටයුතු කිරීමට ඉඩ සැලසීම සඳහා කැනේඩියානු වැඩිහිටියන්ගෙන් සියයට 16දෙනෙකුගේ කියවීමේ දක්ෂතා ඉතා සීමාසහිත” වන අතර, ද ග්ලෝබ් ඇන්ඩ් මේල් ප්‍රවෘත්ති පත්‍රයට අනුව, මීට අමතර සියයට 22කට හැකි වනුයේ සරල වැඩක් ගැන පැහැදිලිව විස්තර කරන හා හුරුපුරුදු පසුබිමක් තිබෙන අකුරු කියවීමට පමණක් බව කැනඩාවේ එවැනිම නිල අධ්‍යයනයක් හුවා දැක්වීය. අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාවේ හීනතාව මගින් නිෂ්පාදනය අඩුවීම, දෝෂ සහ අනතුරු ඇතිවීම හේතුවෙන් ව්‍යාපාරවලට ඩොලර් බිලියන ගණනකින් පාඩු සිදුකර ඇත.

පූජක පක්ෂය ගැන මහජන මතය පහත වැටේ

“වර්ෂ 1988 සිට සෑම වර්ෂයකදීම, ගැලප් විමසුම මගින් පෙන්නුම් කර තිබෙන්නේ ආගම විශ්වාස කරන බොහෝ දෙනෙකු තුළ ආගමේ බලපැවැත්වීම වැඩිවන බව විශ්වාස කරනවාට වඩා බලපැවැත්වීම අඩුවේ යයි විශ්වාස කරන බව,” ලොස් ඇන්ජලිස් ටයිම්ස් ප්‍රවෘත්ති පත්‍රය සඳහන් කරයි. වෘත්තියක් වශයෙන් පූජක තනතුර කෙරෙහි මහජන ගෞරවය අඩුවී යෑම එක හේතුවකි. වර්ෂ අටකට පෙර අමෙරිකානුවන්ගෙන් සියයට 67ක උච්ඡ සංඛ්‍යාවක් තක්සේරු කළේ අවංකකම හා ආචාර ධර්මයේ ප්‍රමිතීන්වලදී පූජක පංතිය “උසස්” නැතහොත් එපමණක් නොව “ඉතා උසස්” බවය. වර්ෂ 1993දී සියයට 53දක්වා පහත වැටීමක් සමීක්ෂණයක් මගින් පෙන්නුම් කළේය. මන්ද? රූපවාහිනි එවැන්ජලිස්තවරුන්, රෙපරමාදු දේවගැතියන් හා කතෝලික පූජකයන් විසින් ලිංගික දුරාචාරය ඇතුළු නින්දාසහගත දෙයෙහි නියැලීමත් අරමුදල්-එකතු කරන බවට ප්‍රකාශ පිළිබඳ මතභේදත් පූජක රූපය කෙලසා තිබේ. වර්ෂ 1988 වන විට, මහජනයාගේ නෙත් හමුවේ ආචාර ධර්මයෙන් ඉහළම ස්ථානයේ සිටියේ පූජකයන් වෙනුවට බෙහෙත් වෙළෙඳුන්ය. එපමණක් නොව යහපත සඳහා බලපෑමක් ලෙස පල්ලිවලට වඩා පෞද්ගලික ව්‍යාපාරයන් මෙන්ම පරිගණක හා තාක්ෂණය වඩාත් ඉහළ ශ්‍රේණියක තිබෙන බව වෙනත් සමීක්ෂණයක් පෙන්වූයේය. එහෙත් මහජනයාට තවමත් හැඟෙන්නේ දේශපාලනඥයන්ට හා පත්‍ර කලාවේදීන්ට වඩා පූජකයන් වැඩි අවංකකමක් දරන බවය.

ඉන්දියානු වනජීවිතය තර්ජනයට ලක්වී

ඉන්දියාවේ එක්සත් පාරිසරික අමාත්‍යාංශයේ නිලධාරීන් ඉන්දියානු කොටින්ව සුරැකීමට තමන් කර ඇති දේ ප්‍රසිද්ධ කිරීමට ඉකුත් වර්ෂයේදී සියල්ල සූදානම් කළ විට ඔවුන් සොයා ගත්තේ ඊට විරුද්ධ දෙය සැබෑවක් බවය: කොටි වඳවී යෑමට ළඟාවෙමින් තිබේ. කැලෑවේ සිටින කොටි 4,500න් 1,500ක් පමණ 1988 සිට හොර දඩයක්කාරයන් විසින් මරා දමා ඇත. සැබවින්ම මරන ලද කොටින්ගේ සියලුම කොටස්—සම, ඇටකටු සහ ලිංගේන්ද්‍රයන් පවා—අනිසි ලාභ ලැබීමේ මිලවලට හොර වෙළෙඳ පොළට විකුණනු ලබයි. නීත්‍යානුකූල නොවන ව්‍යාපාර මගින් ඉන්දියාවේ වෙනත් බොහෝ සත්ත්වයන් තුරන්වී යෑමට සලස්වයි. අං ලබාගැනීම සඳහා රයිනෝසිරසයන්ව මරා දැමීමේ සංඛ්‍යාව දෙගුණ වී ඇත. දළ ගැනීම සඳහා ඇතුන් විශාල සංඛ්‍යාවක් යළි ඝාතනයට පත් කෙරෙමින් පවතී. සියලු ආකාර ව්‍යාඝ්‍රයන් සිය සම් සඳහා මරනු ලැබේ, කස්තුරි මුවන්ගේ උදර යට පිහිටි කස්තුරි මඩිය ගැනීම සඳහා උන්ව කුරිරුලෙස ඝාතනය කරනු ලබන අතර කලු වලසුන්ගේ පිත්තාශ ගැනීම සඳහා උන්ව ඝාතනය කෙරේ. ඊට අමතරව, සර්පයන්ගේ හා කටුස්සන්ගේ සම සඳහා උන්ව මරණයට පත් කෙරෙන අතර මුගටියන්ගේ දැඩි ලෝමවලින් බුරුසු සෑදීම සඳහා උන්ව මරා දැමේ. ඉබ්බන් සහ උකුස්සන් වැනි වෙනත් සත්ත්වයන්ව, සුරතල් සත්ත්වයන් වශයෙන් නීත්‍යානුකූල නොවන ව්‍යාපාරයක් වශයෙන් නැව්ගත කර හැරේ. බහුල ලෙස ආයුධ සන්නද්ධ දඩයක්කාරයන් නිසා කැළෑ ආරක්ෂකයෝ සිය ජීවිත නැතිවේ යයි බියෙන් පසුවෙති.

ජගත් සෞඛ්‍ය වාර්තාව

රෝගවලට එරෙහිව සමස්ත ලෝක සටනක අඳුරුදායක රූපයක් දක්වමින් ජගත් සෞඛ්‍ය සංවිධානය, එහි ලෝක සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අටවෙනි වාර්තාවෙහි, මෙසේ සඳහන් කරයි: “මෙම ශතවර්ෂයේ, කොලරාව පළමු වතාවට අමෙරිකාව දක්වා පැතිර යෑමත් කහ උණ හා ඩෙංගු උණ වසංගත ඊටත් වඩා ගණනාවකට බලපෑමත් සමඟම උෂ්ණ කලාපීය රෝග බහුල ලෙස පැතිරෙමින් පවතින බව පෙනෙන්ට තිබේ, තවද මැලේරියාවේ තත්ත්වය අඩුවෙමින් පවතී . . . ඒඩ්ස් වසංගතය ලෝක ව්‍යාප්තව පැතිරේ . . . පුප්ඵුසීය ක්ෂයරෝගය වැඩිවෙමින් පවතී . . . සංවර්ධනය වෙමින් පවතින ලෝකයෙහි, පිළිකා රෝගීන්ගේ ගණන පළමු වතාවට සංවර්ධිත රටවලට වඩා වැඩිවී තිබේ. දියවැඩියාව සැමතැන්හිම වැඩිවෙමින් පවතී.” වර්ෂ 1985-90 කාල පරිච්ඡේදය තුළදී, සෑම වර්ෂයකම මරණ මිලියන 50න් මිලියන 46.5ක් අසනීපය හා රෝග හේතුවෙන් වන අතර, සෑම වර්ෂයකම ඉපදෙන බිළිඳුන්ගෙන් මිලියන 140න් මිලියන 4ක්ම වාගේ ඔවුන්ගේ උපතෙන් පැය කීපයක් හෝ දින කීපයක් තුළදී මියයති. සෑම වර්ෂයකම අලුතෙන් මිලියන හතකට පිළිකා රෝගය හට ගැනෙන අතර වර්ෂයකට මිලියනයකට වැඩි දෙනෙකු ඒඩ්ස්-කාරක එච්අයිවීවලින් ආසාදනයට පත්වේ. එහි දීප්තිමත් පැත්ත නම්, සරම්ප සහ කක්කල් කැස්ස වැනි ළමා කාලයේදී සෑදෙන ඇතැම් රෝග අඩුවෙමින් පවතින අතර ජීවිත අපේක්ෂාව වර්ෂයකින් හා වර්ෂ දෙකක පරතරයකින් වැඩි වී තිබීමය. දැන් සමස්ත ලෝක සාමාන්‍යය වර්ෂ 65කි.

එක්සත් ජනපදයේ දුම්පානය-ආශ්‍රිත මරණ අඩුවෙමින් පවතී

රෝග මර්දන හා වැළැක්වීම (CDC) සඳහා එ.ජ. මධ්‍යස්ථාන, 1985දී වාර්තා තැබීමට පටන්ගත්දා සිට, දුම්පානය-ආශ්‍රිත මරණ සංඛ්‍යාවේ පහත වැටීමක් නිවේදනය කර ඇත. සෑම වර්ෂයකම දුම්පානයෙන් මියයන අමෙරිකානුවන්ගේ ගණන 1990දී 15,000කින් අඩු වී 4,19,000ක් බවට පත්විය, ප්‍රධාන වශයෙන්ම මීට හේතු වී තිබෙන්නේ දුම්පානයෙන්-ඇතිවන හෘද රෝගය අඩුවීමය. වර්ෂ 1965දී අමෙරිකානු වැඩිහිටියන්ගෙන් සියයට 42.4ක් පමණ දුම්පානය කළහ. වර්ෂ 1990 වන විට එය සියයට 25.5ක් විය. කෙසේවුවද, වැළැක්විය හැකි රෝගවල හා මරණයේ විශාලතම හේතුකාරකය වශයෙන් තවමත් දුම්පානය පවතින අතර එය වර්ෂයකට ඩොලර් බිලියන 20කින් පමණ සෞඛ්‍ය වියදම් වැඩිකර ඇත. දුම්පානයට විරුද්ධව ප්‍රචාර සඳහා රජය මගින් වර්ෂයකට ඩොලර් මිලියනයක් පමණ වියදම් කරන අතරතුරේදී, දුම්පානය වැඩි කිරීම සඳහා දිරිගැන්වීම් හා ප්‍රචාර සඳහා දුම්කොළ කර්මාන්තය ඩොලර් බිලියන 4ක් වියදම් කරයි. දුම්පානය මගින් සෑම දුම්පානය කරන්නෙකුගේම ජීවිත-අපේක්ෂාව සාමාන්‍යයෙන් වර්ෂ පහකින් අඩුවේ යයි CDC වාර්තා කරයි.

බලාපොරොත්තු රහිතබව හා හෘදය

“බලාපොරොත්තු රහිතබවින් කරදරවීමට හා චිත්තවේගීය විඩාවෙන් හෘද රෝග වර්ධනයට හා එහි ප්‍රතිඵලවලින් මියයෑමට, පුද්ගලයෙකුහට ඇති ඉඩකඩ සැලකිය යුතු අන්දමකින් ඉහළ නංවන බවට,” සයන්ස් නියූස් සඳහන් කරයි. “වර්ෂ ගණන් පුරා පැවති බලාපොරොත්තු රහිතබව හා දුක ‘හෘදයේ ක්‍රියාකාරිත්වය දුර්වල කළ හැක,’ ” යයි පර්යේෂකයෝ පවසති. වයස 45 සිට 77 අතර වැඩිහිටියන් 2,832ක් පිළිබඳව සාමාන්‍යයෙන් වර්ෂ 12ක් පුරා පරීක්ෂකයන් විසින් අධ්‍යයනය කරනු ලැබීය. හෘද රෝග සහ වෙනත් නිදන්ගත අසනීප නොමැතිව සියල්ලෝම පටන්ගත්හ. ඊට සහභාගි වූවන් අතර, බලාපොරොත්තු රහිතබවක් වාර්තා නොකළ අයට වඩා දරුණු බලාපොරොත්තු රහිතබවක් වාර්තා කළ හෘද රෝගවලින් ඇතිවන මරණ හතර ගුණයකින් වැඩි බව දත්තයන් පෙන්නුම් කළේය. බලාපොරොත්තු රහිත බවක් නැති බවට වාර්තා කළ අයට වඩා සුළු විෂාදයකින් හා ප්‍රමාණවත් බලාපොරොත්තු රහිත බවකින් වේදනා විඳි අය අතර පවා හෘද රෝගවලින් ඇතිවන මරණ සංඛ්‍යාව සැලකිය යුතු අන්දමින් වඩා වැඩි වී තිබුණි.

අවසානයක් පෙනෙන්නට නැත

වර්ෂ 1989දී හත්-හැවිරිදි බ්‍රිතාන්‍ය පිරිමි ළමයෙකු වූ ක්‍රේග් ෂර්ගොල්ඩ් මොළේ අර්බුදයකින් පෙළුණු අතර ජීවත්වෙයි කියා අපේක්ෂාවක් නොතිබුණි. ඔහුගේ ආශාව වූයේ සුවය-පැතීමේ වැඩිම කාඩ් පත් සංඛ්‍යාවක් ලබාගැනීමෙන් ලෝක වාර්තාව කැඩීමටය. ජනමාධ්‍ය මගින් හා ඇට්ලැන්ටාහි පිහිටුවා ඇති ළමා කැමැත්තට ඉඩදීමේ ජාත්‍යන්තර පදනම මගින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන්, මාස කීපයක් තුළදී වාර්තාව බිඳ හෙළන ලදි. පළමු වර්ෂයේදී ශුභාශිංසන කාඩ් පත් මිලියන 16කට වඩා ලැබුණු අතර 1992 වන විට ගණන මිලියන 33ක් විය. වර්ෂ දෙකකට පෙර තවදුරටත් නොඑවන්න යයි අයැද සිටියත්, සතියකට කාඩ් පත් 3,00,000 ප්‍රමාණයකින් ඒවා තවමත් ලැබේ. මිලියන 60 වූ විට ගණන් කිරීම නවතා දැමීය. “තවමත් විවෘත කර නොමැති කාඩ් පත් සීලිම දක්වා ගොඩ ගසා ඇති වර්ග-අඩි 10,000ක ගබඩා කාමරයක් අපට තිබෙනවා,” යයි පදනමේ සභාපති ආතර් ස්ටයින් පවසයි. ඒ සඳහා පරිත්‍යාග කළ කෙනෙකුගේ සහාය මගින්, 1991 මුල් භාගයේදී ක්‍රේග්ව ශල්‍යකර්මයකට භාජන කරනු ලැබූ අතර අර්බුදයෙන් සියයට 90ක් ඉවත් කර දැමීය. g94 4/8

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න