පිබිදෙව්! මුද්‍රණයෙන් පුදුමයට පත්වී
“ඩොල්ෆීනයන්ට කුමක් සිදු වී තිබේද?” යන මැය යටතේ මුහුදු ජීවීන් පිළිබඳ විද්‍යාඥ සෑම් ලාබඩ් කථාවක් ඉදිරිපත් කිරීමට නියම වී තිබූ විද්‍යාලයක අමෙරිකා එක්සත් ජනපදයේ මිනෙසෝටාහි වෙසෙන පිබිදෙව්! පාඨකයෙක්, රැකියාවක යෙදෙමින් සිටියි. “ඩ්‍රිෆ්ට්-නෙට් ෆිෂිං ඔන් ද වේ අවුට්,” (එවේක්! 1992 මැයි 22) නමැති පිබිදෙව්! සඟරාවේ ලිපියක ඔහුව උපුටා දක්වා තිබූ බව ඇයට මතක් වී, එම අනුශාසනාවට යද්දී ඈ එම සඟරාව රැගෙන ගියාය.
“සඟරාව මත ලාබඩ් මහතාට මා කුඩා සටහනක් ලීවා. මෙම කදිම ලිපිය ලොව වටා බොහෝ භාෂාවලින් බෙදාහරිනු ලබන්ට යන බවත් මෙම සඟරාව පිටපත් 1,30,00,000ක් මුද්‍රණය කරනු ලබන බවත් දැනගැනීමෙන් ඔහු සතුටට පත් වනු ඇති බව මා සිතූ බව මා එහි සඳහන් කළා. පසුව මගේ නම අත්සන් කර එම පිබිදෙව්! කලාපය කථික ධාරකය මත විවෘතව තබා මගේ ආසනයට මම පැමිණියා.
“ඉක්මනින්ම එක් මනුෂ්‍යයෙකු කථික ධාරකය වෙතට ගොස්, සඟරාව රැගෙන එය කියවනවා මා දුටුවා. විනාඩි ස්වල්පයකට පසුව, ඔහු සභාව දෙස බලා, සඟරාව තබා ගිය පුද්ගලයා සිටිනවාද කියා හඬ නගා ඇසුවා. මගේ අත ඔසවා ‘මමයි’ යනුවෙන් මා පැවසූ විට, ඔහු පැමිණ මා ළඟින් වාඩි වුණා. සඟරාව සඳහා ඔහු මට ස්තුති කළ අතර ඔහුගේ ක්ෂේත්රයේ කටයුතු හෝ ඉටුවීම් ඉස්මතු කොට දක්වන තොරතුරු යමෙකු ඔහුට පිළිගන්වන විට තමා එය අගය කරන බව ඔහු පැවසුවා. කෙසේවෙතත්, සඟරාව මුද්‍රණය කරනු ලබන ප්‍රමාණය 1,30,00,000ක් බව සඳහන් කළ විට මා අතින් වැරදීමක් සිදු වන්නට ඇති බව ඔහුට හැඟුණා. ඔහු සිතුවේ එය 13,000ක් අදහස් කරන්ට යුතු බවයි. එය සැබවින්ම 1,30,00,000ක් වූ බව සඟරාවේ මුල් පිටුවට හැරවීමෙන් මා ඔහුට පෙන්නුවා. ඔහු පුදුමයට පත් වුණා. සඟරාව මුද්‍රණය කරනු ලැබූ භාෂා ප්‍රමාණයෙන්ද [දැන් භාෂා 74කින්] ඔහුගේ සිත ඇදී ගියා. එම සඟරාව එක්සත් ජනපදයේ පමණක් බෙදාහරිනු ලැබූ බව ඔහු සිතුවා, නමුත් එය ලොව වටා කරනු ලබන ආකාරය මා පැහැදිලි කළා.”
පිබිදෙව්! සඟරාවේ පිටපතක් ඔබගේ නිවසට තැපෑලෙන් ලබා ගැනීමට ඔබ කැමති නම්, කරුණාකර වොච්ටවර් 62 ලෙයාඩ්ස් පාර, කොළඹ 5ට හෝ 5වන පිටුවේ ලැයිස්තුගත කර තිබෙන අදාළ ලිපිනයකට ලියන්න. g94 4/8