නව යුග ව්‍යාපාරය යනු කුමක්ද?
එය සංවිධානයක් නොවෙයි, එහෙත් එහි ඉගැන්වීම්වලට සංවිධාන සිය ගණනක අනුබලය ලැබෙයි. එයට ප්‍රධාන නායකත්වයක් නැත, එසේ වුවත් එයට දර්ශනවාදීන් සහ ගුරුවරුන් දහස් ගණනක් සිටිය හැකිය. එයට මත සහ විශ්වාස අඩංගු නිලමය පොතක් නොමැත, එසේ වුවත් එහි පාක්ෂිකයන්ට ලොව පුරා තිබෙන සෑම මහජන පුස්තකාලයකම පාහේ තමන්ගේ ඇදහිලි ක්‍රමය පෝෂණය කළ හැකිව තිබේ. ඊට නමස්කාර කිරීම සඳහා පෞද්ගලික දෙවි කෙනෙකු නැත, එසේ වුවත් සෑම තැනකම, ඕනෑම තැනකම සොයාගත හැකි දෙවි කෙනෙකු සම්බන්ධ අදහසට ඉන් බොහෝදුරට අනුබල ලැබේ.
එය කුමක්ද? එය වනාහි නව යුග ව්‍යාපාරයයි: එනම් පෙරදිග ගූඪවාදය, ස්වාභාවික දෑ ඉක්මවන දේවල්, ගුප්තවාදය සහ ඇතැම් නූතන මනෝවිද්‍යාවේ අදහස් කිහිපයක් කෙරෙහි පවා ඇති චිත්තාකර්ෂණය සමඟ සම්බන්ධ වූ ආගමික, සංස්කෘතිමය, සමාජීය, දේශපාලනමය සහ විද්‍යාත්මක සංකල්පවල අපැහැදිලි මිශ්‍රණයකි. මෙම මිශ්‍රණයට ජ්යෝතිඃශාස්ත්රය, පුනර්භවය, බාහිර භෞමික ජීවය, පරිණාමය සහ මරණයෙන් පසු ජීවිතය කෙරෙහි විශ්වාසය යනාදිය ඇතුළත් වෙයි. පරිසරමය සහ සෞඛ්‍යය කාරණාද වැදගත් අංගයන් වේ.
මෙම ව්‍යාපාරයට හවුල්වීමට ඕනෑම කෙනෙකුට හැකිය. බඳවාගැනීමේ පිළිවෙතක් හෝ බව්තීස්මයක් නැත. ඇරත් ඊට අයත්වීම සඳහා මිනිසුනට තමන්ගේ ආගමික ඇදහිලි ක්‍රම අත්හැරීමටද අවශ්‍ය නැත. අනෙක් අතට, නව යුග ව්‍යාපාරයේ ඇතැම් සංකල්ප ඔවුන් විශ්වාස කරන නිසා හෝ නව යුග කලාව හෝ සංගීතය යයි හඳුන්වනු ලබන දෑ ඔවුන් භුක්තිවිඳින නිසාම පමණක් “නව යුග” ලේබලයෙන් තමන් හඳුන්වනු ලබනවාට බොහෝ දෙනෙක් අකමැත්තක් දක්වති.
එහි සාමාජිකයන් නව යුගයේ සාමාජිකයන් වශයෙන් තමන්ව හඳුන්වා දෙන්නේ කලාතුරකිනි. ඇත්ත වශයෙන්, “නව යුගය” යන කියමන වැඩි වශයෙන්ම භාවිතා කරනු ලබන්නේ ජනසන්නිවේදන මාධ්‍යය මගිනි. මෑත කාලවලදී, නව යුග පොත්, සාප්පු, සම්මේලන සහ වැඩසටහන් බොහෝ විට එම පදය භාවිතා කිරීමෙන් වැළකෙති. එක්දහස් නවසිය අසූගණන්වල අග භාගයේදී ජන සන්නිවේදන මාධ්‍යය මගින් පමණට වඩා වැඩියෙන් නව යුගයට සම්බන්ධ වඩාත් අනුමාන සංඝටක අස්ථිර දේවල් ප්‍රසිද්ධ කිරීම හේතුවෙන්, අහිතකර ප්‍රතික්‍රියාවක් ඇති කළ” බව ලයිබ්‍රරි ජර්නල් පැහැදිලි කරයි (UFO වස්තු, ආත්ම බන්ධනය, පළිඟු භාවිතය ආදිය); ප්‍රසිද්ධ ප්‍රකාශකයෝ . . . සහ නව යුග මුද්‍රණශාලා පවා එන්ට එන්ටම නව යුගය යන පදය වැඩි වශයෙන් ඉවත් කර දමන බවට වූ සත්‍යය තුළ මෙම කාරණය පැහැදිලි වෙයි.” එබැවින් බොහෝ දෙනෙක් ඒ බව තේරුම් ගැනීමෙන් තොරව පවා නව යුග චින්තනයේ බලපෑමට යටත්ව සිටිය හැකිය.
එහි ඇති නවීන බව කුමක්ද?
නව යුග ව්‍යාපාරය නවීන දින සංසිද්ධියක් යයි බොහෝ දෙනෙකු විසින් සලකනු ලබයි. ඩෙන්වර්හි විශ්වවිද්‍යාලයේ විශාරද කාල් රශ්කෙට අනුව, නව යුගයේ කල්පනා ක්‍රමය බොහෝ දුරට “හැටගණන්වල පැවති එදිරිවාදී සංස්කෘතියෙන් ඉතිරිවූ යමකි.” නව යුග ව්‍යාපාරයේ ආරම්භය වශයෙන්, නිදහස සහ සත්‍යය සඳහා වූ හිපීවරුන්ගේ ගවේෂණය සමඟ ආරම්භ වූ, 1960 ගණන්වලට වෙනත් පරීක්ෂකයෝද යොමු දක්වති. දැන් තමන්ගේ 40ස් හෝ 50ස් ගණන්වල සිටින, කලින් හිපීවරුන්ව සිටියා වූ බොහෝ දෙනෙක් සොයාගත නොහැකි වූ එම සත්‍යය තවමත් සොයමින් සිටිති. එසේ වුවත් ඔවුන්ගේ ගවේෂණය හිතුමතයට වෙනස්වන නහඹරයන්ගේ අදහසක් වශයෙන් තවදුරටත් ඉවත් කර දමනු ලබන්නේ නැත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ දැනුම් ක්ෂේත්‍ර තුළ ප්‍රවීණයෝය, දේශපාලනමය වශයෙන් ක්‍රියාශීලීව සිටිති, එමෙන්ම, සමාජයේ සිහිබුද්ධියෙන් කටයුතු කරන සාමාජිකයන් වශයෙන්ද දැන් ඔවුන්ව සලකනු ලබයි.
එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල සහ එක්දහස් නවසිය අසූ ගණන්වල, ඔවුන්ගේ ගවේෂණය නොකඩවා කරගෙන යෑම සඳහා ඔවුන්ගේ බුද්ධිමය මෙන්ම මූල්‍යමය සම්පත් ඔවුහු භාවිතා කළහ. එහි ප්‍රතිඵල කුමක් වීද? ඔවුන්ගේ මිශ්‍ර වූ විශ්වාසයන්ට පුළුල් පිළිගැනීමක්ද ගෞරවයක්ද ලැබී ඇත. ජනසන්නිවේදන මාධ්‍යය ඉතා ඉක්මනින් ඊට හවුල් වූ අතර, නව යුග දර්ශනය පිළිබඳව පුළුල්ව පැතිරුණු අවදි වීමක් එහි ප්‍රතිඵලය වී ඇත.
ඇත්ත වශයෙන්ම, නව යුග ව්‍යාපාරයේ විශ්වාසයන් සම්බන්ධයෙන් අලුත් යයි කිව හැකි දේවල් ඇත්තේ ඉතා ස්වල්පයක් පමණි. නිදසුනක් වශයෙන්, එහි දර්ශනය ප්‍රධාන වශයෙන් පදනම් වී ඇත්තේ පෙරදිග ගූඪවාදය මතයි, මෙය වසර දහස් ගණනක් පැරණිය. නව යුගයේ අදහස් ස්වල්පයක් පමණක් සලකා බලන්න.
නව යුග බලාපොරොත්තුව
වර්ෂ 2000 ඉතා ආසන්නයේ තිබෙන මේ අවධියේදී, වඩා යහපත් අනාගතයක්ද, වඩා යහපත් දහස් අවුරුදු සමයක්ද පිළිබඳව තිබෙන බලාපොරොත්තුව ජනප්‍රිය වෙමින් පවතී. මූලික විශ්වාසයක් වනුයේ අප දන්නා හඳුනන නවීන දින සමාජය වෙනුවට මනෝරාජ්‍යමයa සමාජයක් පැමිණෙනු ඇති බවයි. නව යුග ගුරුවරුන්ට අනුව, මෑත කාලය දක්වා සැඟවී හෝ නොසලකා හරිනු ලැබුවා වූ ගූඪවාදී දැනුම මාර්ගයෙන් කරන මුළුමනින්ම පාහේ වෙනස් වෙමින් පවතින සම්මත කල්පනා ක්‍රමයක් මගින් මෙය ඉටු කරනු ලැබේ. සමගියේ මෙම නව යුගය, මිනිස් සමර්ථයන් නිදහස් කරන බවත් සර්වලෝක ආත්මික සාමය ඇති කරන බවත් ඔවුහු කියති.
මෙම බලාපොරොත්තුව අප ජීවත්වන කාලයේ මීන රාශියේ යුගය පහවීමත්, එමෙන්ම කුම්භ රාශියේ යුගය පැමිණීමත් අතර කාලය යයි යොමු දක්වන ජ්යෝතිඃශාස්ත්රවරුන්ගේ පුරෝකථන මත මූලික වශයෙන් පදනම් වී ඇති බව පෙනේ. මෙම මතයට පක්ෂව කථා කරන අය කියා සිටින්නේ, මීන රාශියේ ජ්යෝතිඃශාස්ත්රමය ලකුණ මානව වර්ගයා මත වසර 2,000කට පමණ නිෂේධාත්මක බලපෑමක් ඇති කර තිබෙන බවය. ද්‍රව්‍යවාදී සහ පසුබසින සමාජයක් සකස් වීමට ප්‍රධාන වරදකරු වශයෙන් ක්‍රිස්තියානි ලෝකය වෙත චෝදනාත්මකව ඇඟිල්ල දිගු කරති. සත්‍යයේ ප්‍රගතියට බාධා ඇති කිරීම නිමිත්තෙන් ක්‍රිස්තියානි ලෝකය මත වරද තබා ඇත. එසේ වුවත් එම සත්‍යය ගුප්තවාදය තුළ අදදින සොයාගත හැකි බවට කියා සිටින අතර, ළඟදී පැමිණෙන්ට තිබෙන කුම්භ රාශියේ යුගය තුළ, එනම් ආත්මික ඥානාලෝකයේ යුගය නොහොත් නව යුගය තුළ හෙළි වනු ඇත.
මෙම නව සමාජය ඇති වන්නට යන්නේ අකර්තෘක බාහිර භෞමික බලවේගයන් මගින්ද නැතහොත් මිනිස් උත්සාහයෙන්ද යන කල්පනා දෙක අතර නව යුග ව්‍යාපාරයේ සාමාජිකයෝ භේදවී සිටිති. එක මතයක කියවෙන්නේ, “වසර 3,500කට පමණ ඉහතදී ඥානාලෝකලත් මුනිවරුන් විසින් හිටවන ලද ප්රවේණි බීජවලින් මතු වන, විකෘති වූ නව යුග හෝමෝ සැපියානුන්ගේ වංශයක්, ඉතා ඉක්මනින් සඵල වී මුළු ලෝකයම ගිජුකමින් මුදවා ගනු” ඇති බවයි.—ද වෝල් ස්ට්‍රීට් ජර්නල්, ජනවාරි 11, 1989.
කෙසේවෙතත්, රන්වන් යුගයක්, මනෝරාජ්‍යයක් හෝ නව ලොවක් සඳහා වූ එවන් බලාපොරොත්තුවක් අලුත් යමක් නොවෙයි. සෑම ප්‍රධාන සංස්කෘතියකම පාහේ තිබෙන ජනකථාවල අනාගත මනෝරාජ්‍යමය සමාජයක් පිළිබඳව බලාපොරොත්තුවක් ඇතුළත් වෙයි. සුමේරියානු, ග්‍රීක්, රෝමානු සහ ස්කැන්ඩිනේවියානු මිථ්‍යා ප්රබන්ධවලට මෙම විශ්වාසය ඇතුළත් කරන ලදි. එන්සයික්ලෝපීඩියා ඔෆ් රිලිජන් මෙසේ සඳහන් කරයි: “කෙනෙකුට දිළිඳුභාවයෙන් නිදහස්ව සිටිය හැකි සාමය සහ සෞභාග්‍යය උත්කෘෂ්ට ලෙස පවතින මනෝරාජ්‍යයක් සඳහා වූ දැඩි ආශාව ප්රාග් චින් කාලවල් සිට (එනම් පො.යු.පෙ. 221ට පෙර) අධික ලෙස චීන ආගමෙහි අනිවාර්ය කොටසක්ව තිබී ඇත. වඩාත්ම ඉපැරණි පරිශුද්ධ පොතක් වන බයිබලය, මානව වර්ගයා පරිපූර්ණත්වයට ගෙනෙනු ලබන දහස් අවුරුදු සමයක් ගැන කථා කරයි, තවද එහිදී යුද්ධ, සැහැසියාව, වේදනාව සහ මරණය සම්පූර්ණයෙන් තුරන් කරනු ලබනවා ඇත.—එළිදරව් 21:1-4.
තමා වටා කේන්ද්‍රවූ ආගමකි
අවුට් ඔන් ඒ ලිම් නමැති සිය ආත්ම චරිත කථා චිත්‍රපටයේ ජනප්‍රිය නිළිය සහ නව යුග කර්තෘ ශර්ලි මැක්ලීන් සුළං රැළි තදින් හමන මුහුදු වෙරළක සිටගෙන අත් දිගු කරමින් මෙසේ ප්‍රකාශ කරයි: “දෙවියෝ මමයි! දෙවියෝ මමයි!” ඇය වගේම, නව යුග ව්‍යාපාරයට අයත් බොහෝ සාමාජිකයෝ තමා තුළම සිටින වඩා උසස් ස්වභාවයක් සෙවීමට සහ තමා තුළ දෙවියෙකු සිටිනවාය යන අදහසට අනුබල දෙති. මනුෂ්‍යයන්ට තමන්ගේ දේවත්වය සොයාගැනීම සඳහා කරන්ට තිබෙන්නේ තමන්ගේ විඥානය වැඩි කිරීමට පමණක් යයි ඔවුහු උගන්වති.
මෙය අත්කර ගත් විට, මුළු විශ්වය සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති බවට වූ යථාර්ථය—එනම් සෑම දෙයක්ම දෙවියන්ය, දෙවියන් නම් සෑම දෙයක්මය යන අදහස පැහැදිලි වේ යයි ඔවුහු කියා සිටිති. මෙය කිසිසේත් නව අදහසක් නොවේ. මෙසපොතේමියාවේ සහ මිසරයේ පුරාතන ආගම්වලට සත්ත්වයන්, ජලය, සුළඟ සහ අහස ආදියෙහි දේවත්වය කෙරෙහි විශ්වාසයක් තිබිණ. වඩා මෑතකදී, “ස්වභාව ධර්මය තුළ සිටින දෙවියන්වහන්සේ, අපගේම ජනයා තුළ සිටින දෙවියන්වහන්සේ, අපගේ ඉරණම තුළ සිටින දෙවියන්වහන්සේ, අපගේ රුධිරය තුළ සිටින දෙවියන්වහන්සේ කෙරෙහි වූ ශක්තිමත් වීර විශ්වාසය” වැළඳ ගැනීමට ඇඩොල්ෆ් හිට්ලර් අන් අයට උනන්දු කළ බව කියා තිබේ.
නව යුග සංස්කෘතිය පොත්පත්වලින්, සම්මේලනවලින් ආත්ම-සමර්ථය සහ ආත්ම-වැඩිදියුණුව සම්බන්ධ පුහුණු වැඩසටහන්වලින්ද සන්තෘප්තය. “මගේ අභ්‍යන්තර ආත්මය අවබෝධ කරගැනීම” යන්න ජනප්‍රිය පාඨයකි. ජනයාව දිරිගන්වනු ලබන්නේ ඔවුන්ගේම හැකියාවන් ක්රියාවේ යෙදවීමට උපකාර කරන්නාවූ ඕනෑම දෙයක් සහ සෑම දෙයක් අත්හදා බැලීමටය. විල්සන් ක්වෝටර්ලි නමැති සඟරාවේ එක් ලේඛකයෙක් එය සඳහන් කළ පරිදි, “එම ව්‍යාපාරයේ ප්‍රධාන ඉගැන්වීම වනුයේ ‘ඔබ විශ්වාස කරන දෙය කුමක් වුවත් එය ඔබ සඳහා සාර්ථක වේ නම්, ප්‍රශ්නයක් නැත’ යන්න වේ.”
කාන්තාවන්ගේ නව යුග ව්‍යාපාරවලට හවුල් වන කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක් එසේ කරන්නේ “අතිශයින් පෞද්ගලික හේතූන් නිසාය. . . . ඔවුන්ගේ ශරීර රූපයට ඔවුහු ද්වේෂ කරති, තමුන්ටම ද්වේෂ කරති. ‘දේවතාවිය ඔබයි, ඔබ පුදුමාකාරයි’ යනුවෙන් මූලික වශයෙන් කියන්නා වූ මෙම කණ්ඩායම් තුළට ඔවුහු පිවිසෙති,” යනුවෙන් මාගෝ ඇඩ්ලර්, නම් වූ නව යුග ගුරු කෙනෙකු පැහැදිලි කරයි.
වඩා උසස් අභ්‍යන්තර පෞද්ගලිකත්වය සඳහා එක් කණ්ඩායමක් විසින් කරන ලද ගවේෂණය පිළිබඳව නිව් යෝක් සඟරාව මෙසේ විස්තර කරයි: “කාන්තාවක් ස්වර නගා, ‘නව උදාවේ ගුරුවරු අපයි. වැදගත් අය අපයි’ යනුවෙන් කියයි. අං සහිත හිස් වැස්මක්, පිහාටුවලින් යුත් වෙස්මුහුණක් සහ සිහින් වස්ත්‍ර ඇඳ සිටින වෙනත් සාමාජිකයෝ, ගොරවමින් සහ සංඥා කරමින්, විලාප කියමින් සහ කෙඳිරිගාමින්, වනාන්තරය මැදින් නටමින් යති.
අලුත්වැඩියා කරන ලද ගුප්තවාදය
ඇතැම් නව යුග සංකල්ප, ගුප්තවාදය පිළිබඳ, පිළිගත හැකි පරිදි අලුත්වැඩියා කරන ලද නව මතයකට අනුබල දෙයි. නව යුග ව්‍යාපාරයේ සාමාජිකයන් බොහෝ දෙනෙකුගේ මනසේ සාතන් නමස්කාරය තවදුරටත් ගුප්තවාදය සමඟ සම්බන්ධ කරනු ලබන්නේ නැත. ෆ්‍රී ඉන්ක්වයරි නමැති සඟරාවේ ලේඛිකාවක් මෙසේ ප්‍රකාශ කරන්නීය: “මායාව වෘත්තියක් වශයෙන් කරන්නා වූ අයගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දක්නට ලැබෙන අතර, ඔවුන්ගෙන් කිසිකෙනෙකුට සාතන් නමස්කාරයට සම්බන්ධ විශ්වාසයන් නොමැත.”
ජර්මනියේ කරන ලද මෑත පර්යේෂණයකින් හෙළි වූයේ එම රටෙහි ක්‍රියාශීලී මායාකාරියන් 10,000ක් සිටින බවයි. දරුවෝ පවා සූක්ෂ්ම ආකාරයකින් ගුප්තවාදයට ආකර්ෂණය කරනු ලබමින් සිටිති. “හොඳ අරමුණු උදෙසා මායාව භාවිතා කරන සාමාන්‍ය ස්ත්‍රියක් වශයෙන් මායාකාරියක් පිළිගැනීමට ළමා නාට්‍ය කැසට් පට මාර්ගයෙන් දරුවන් පුරුදු වෙමින් සිටින” බව ඩේය ග්රිෆ් නාඛ් උන්සෙරෙන් කින්ඩර්න් (අපගේ දූ දරුවෝ ආකර්ෂණය කිරීම සඳහා වූ වෑයම) නමැති ජර්මන් පොතෙහි පැහැදිලි කෙරෙයි. එම පොතෙහි තවදුරටත් මෙසේ සඳහන් වෙයි: “එයාකාරයෙන් වඩා කුඩා දරුවන්ව පවා ස්වාභාවික දෑ ඉක්මවන දේවලට මඟ පෑදිය හැකි නව යුග මඟට ඔවුන්ගේ අවධානය ඇදගනු ලැබෙයි.”
ගුප්තවාදය යනු හුදෙක් සැඟවුණු දැනුම වන බවටත්, එය සැඟවුණු දෙයක් නිසා එය සත්‍ය නොවන බව අදහස් නොකරන බවටත් වූ අදහසට ශර්ලි මැක්ලීන් ඇගේ පොත්වල අනුබල දෙන්නීය. පේන කීම, ජ්යෝතිඃශාස්ත්රය, පරචිත්ත ඥානය (දුර සිටින්නවුන්ගේ සිතෙහි ඇති හැඟීම් දැනගැනීමේ හැකියාව) සහ භූත ආත්ම සමඟ අදහස් හුවමාරු කිරීම බඳු අසාමාන්‍ය ආත්ම බන්ධන පුරුදු අත්හදා බැලීමට මෙම දර්ශනය මගින් අසංඛ්‍යාත ජන පිරිසක් ඇදී ගොස් තිබේ. භූත ආත්ම සමඟ අදහස් හුවමාරු කිරීම, ආත්ම බන්ධන මාධ්‍ය පැවැත්වීම වශයෙන් වසර දහස් ගණනකට හඳුන්වා තිබේ. එහෙත් නව යුග ව්‍යාපාරයේ සාමාජිකයෝ එය හඳුන්වන්නේ මාධ්‍යය ලෙස කටයුතු කිරීම වශයෙනි. මිනිස් වර්ගයා සමඟ අදහස් හුවමාරු කිරීමට මාධ්‍යය වශයෙන් භාවිතා කිරීම සඳහා මළවුන්ගේ ආත්ම විසින් ඇතැම් පුද්ගලයන්ව තෝරා ගන්නා බව ඔවුන්ගේ මතයේ කියවේ.
මාධ්‍යයන් යයි කියන ලද මෙම අයට කැමති පරිදි ධ්‍යානයට සම වැඳී බොහෝ විට මළවුන්ගෙන් හෝ බාහිර භෞමික ජීවීන්ගෙන් ලැබෙන බවට කියන, “ඥානාලෝකය” සමන්විත පණිවුඩ කීමට හෝ ලිවීමට හෝ හැකිය. මළවුන්ගේ ආත්ම නැවත භවයක් ලබාගැනීමට නියම කාලය පැමිණෙන තෙක් බලා සිටින ප්‍රධාන මුනිවරුන් වශයෙන් සැලකේ. ඒ අතරතුරේදී, ඔවුන් මානව වර්ගයාව නව යුගයකට මඟ පෙන්වමින් සිටින බව කියවේ.
මුනිවරු යයි කියන ලද මේ අයට තමුන්ගේ මාධ්‍යයන් මාර්ගයෙන් පැවසීමට තිබෙන දේ කුමක්ද කියා දැනගැනීම සඳහා නව යුග ව්‍යාපාරයේ සාමාජිකයන් බොහෝ දෙනෙක් නිතිපතා රැස්වෙති. එමෙන්ම අදහන්නන්ට අදහස් විමසීම සඳහා ආත්ම ගණනාවක් අතරින් තෝරාගත හැකිය. අද දවසේ කථා කරන ආත්ම යයි කියනු ලබන අය අතර ජෝන් ලෙනන් සහ එල්විස් ප්රෙස්ලිද, ආටාරෝ සහ රකොර්චි වැනි නාම ඇති බාහිර භෞමිකයෝද, එමෙන්ම කල්පිත ඇට්ලැන්ටිස්වලින් වූ වසර 35,000ක් වයසැති රාම්තා නම් වූ රණශූරයෙකුද සිටිති.
නව යුගය සහ සෞඛ්‍යය
රෝගීන්ව හුදෙක් අබලන් වූ යන්ත්‍ර මෙන් සැලකීම සුදුසු නැති බවත් පුද්ගලයාගේ මානසික සහ චිත්ත වේගීය සෞඛ්‍යයට සැලකිල්ලක් යොමු කළ යුතු බවත් වෛද්‍ය වෘත්තියේ නියැලෙන වැඩිවන ජන පිරිසක් විශ්වාස කරති. මෙම එළැඹීම ‘සමස්තවාදී’ වෛද්‍ය ක්‍රමය යනුවෙන් හඳුන්වනු ලබයි, මෙය රැගෙන තිබෙන්නේ “සමස්ත” නොහොත් සියල්ල යන වචනයෙන් වන අතර, එය අනිවාර්යයෙන්ම නව යුගයේ නැඹුරුවාව සමඟ සම්බන්ධ වී නැත. කෙසේවෙතත්, නව යුග ව්‍යාපාරයේ සාමාජිකයන් බොහෝ දෙනෙක් දැඩි කැමැත්තකින් යුක්තව ‘සමස්තවාදී’ වෛද්‍ය ක්‍රමය වැළඳගෙන ඇත්තාහ. අනිවාර්යයෙන්ම සම්මත වෛද්‍ය ආයතනය ප්‍රතික්ෂේප නොකොට, නව යුග ව්‍යාපාරයේ සාමාජිකයෝ අනුබල දෙන්නේ සම්පූර්ණ පුද්ගලයෙක් වශයෙන් “එනම් ශරීරය, මනස සහ ආත්මයෙන් පූර්ණවූ ප්‍රාණික ජීවියෙක්” වශයෙන් රෝගියාට ප්‍රතිකාර කිරීමටය යනුවෙන් ද කොස්මික් සෙල්ෆ් නමැති පොත පැහැදිලි කරයි.
සම්භාවනීය වෛද්‍යකර්ම විෂයට පිටින් හොඳ සුවය සොයා ගත හැකි බව නව යුග ව්‍යාපාරයේ සාමාජිකයෝ කියා සිටිත්. “බොහෝ දෙනෙක් මුල් වරට නව යුගයේ සංකල්ප සමඟ මුහුණට මුහුණලා ගැටෙන්නේ විකල්ප වෛද්‍ය ක්ෂේත්රය තුළය,” යනුවෙන් ද හෙරල්ඩ් නමැති බ්‍රිතාන්‍ය පුවත්පත සඳහන් කරයි. ඇරත් වඩාත්ම අසාමාන්‍ය වූ සංකල්ප ගවේෂණය කරනු ලබයි. නිදසුනක් වශයෙන්, භාවනා කිරීමෙන් පිළිකාව සුව කළ හැකි බව ඕස්ට්‍රේලියානු පශු වෛද්‍ය සහ කර්තෘ ඉයන් ගාලර් යෝජනා කරයි. ජ්යෝතිඃශාස්ත්රමය නිර්ණය, නිලංකාර විශ්ලේෂණය, මෝහන චිකිත්සාව, චෛතසික ශල්‍යකර්ම සහ පසුගිය භවයන් පිරික්සීම ඇසුරෙන් කරන චිකිත්සාව ආදිය නව යුග ක්‍රම හැටියට ප්‍රසිද්ධියක් දරන වෙනත් ප්‍රතිකාර ක්‍රම අතර වේ. බොහෝ විට සෞඛ්‍යය, ස්වභාවික වෙදකම්, විටමින් වර්ග, ව්‍යායාම සහ පෝෂණය ආදිය සම්බන්ධ විශේෂිත සඟරාවල මෙම ප්‍රතිකාර ක්‍රමවලට අනුබල ලැබෙයි.
නව යුගය සහ පළිඟු
එක් ජනප්‍රිය නව යුග ප්‍රතිකාර ක්‍රමයකට තිරුවාණ, අමතේස්ත, පුෂ්පරාග, රතුකැට, අග්නි මාණික්‍යයන් සහ මරකත වැනි පළිඟු හා මැණික් භාවිතා කිරීම ඇතුළත් වෙයි. නව යුග ආභරණ සාදන්නියක වන උමා සිල්බි මෙසේ කියා සිටියි: “තිරුවාණවලට චෛතසික ශක්තිය සහ සුව කිරීමේ හැකියාව වැඩි කළ හැකි බව විශ්වාස කළා වූ සංස්කෘතීන් පිළිබඳ උදාහරණ ඉතිහාසය පුරාම ඔබට සොයාගැනීමට හැකි වේ.” ඇය තවදුරටත් මෙසේ පවසයි: “සුමේරියානු, මායා සහ වෙනත් ශිෂ්ටාචාර, සුව කිරීමේ අරමුණු උදෙසා තිරුවාණ පළිඟු භාවිතා කළහ.”
පළිඟු භාවිතා කරනු ලබන්නේ කෙසේද? පළිඟුවලින් ප්‍රතිකාර කරන්නෝ කියා සිටින්නේ ශරීරයේ විශේෂිත ස්ථානවල තිරුවාණ සහ වෙනත් මැණික් තැබීමෙන් කායික මෙන්ම මානසික අසනීප සුව කළ හැකි බවයි. නව යුග පළිඟු ගුරු වන කට්රීනා රෆියල් පැහැදිලි කරන පරිදි, “නිදන විට කොට්ටය යට” පළිඟු “තැබීමෙන් උදාර මෙන්ම අනාවැකිමය සිහිනයන් ඇති කිරීමට හැකිය. අස්ථිර චිත්තවේග තැන්පත් කිරීම සඳහාත් කරදරයට පත් මනස් සන්සිඳුවීම සඳහාත් ශරීරයේ අසමබරතා සුව කිරීමටත් භාවිතා කරන සුව කිරීමේ ව්‍යවහාරවල ඒවා භාවිතා කළ හැකිය. ප්‍රසව වේදනාව සහ දරු උපතේදී ඒවා අතේ තබා ගැනීමෙන් වැඩිතර ශක්තිය ලබා ගත හැකිය.”
නව යුගය සහ පරිසරය
නව යුග ව්‍යාපාරය “පවිත්‍ර එකකි, එය පරිසර සංරක්ෂණයට පක්ෂ එකකි, එය අලුත් පන්නයට ගැළපෙන එකකි,” යනුවෙන් නහඹරයන් සඳහා වූ බ්‍රිතාන්‍ය සඟරාවක් වන ටීඑස්බීට් සඳහන් කරයි. පරිසරය ගැන අවදියෙන් සිටීම සහ පරිසර සංරක්ෂණයට අනුබලය දීමෙහි ක්‍රියාශීලී ලෙස සහභාගි වීම නව යුග ව්‍යාපාරයට ඒකාන්ත රූපයක් ලබා දීමට දායක වී ඇත, එමෙන්ම පරිසරයට-හිතකර වූ මෙම පණිවුඩය එහි ඉගැන්වීම්වලට බොහෝ දෙනෙක්ව ආකර්ෂණය කොට තිබේ. කෙසේවෙතත්, නව යුග ව්‍යාපාරය මගින් පරිසරය සඳහා දක්වන සැලකිල්ල බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ ස්වභාව ධර්මයට ඍජුව කරන නමස්කාරය හැටියටය, එහි චාරිත්‍ර, පුරාණයේ පොළෝ දේවතාවියට කැප වූ උත්සවවලට බොහෝ සෙයින් සමානය.
පුරාතන ගූඪවාදයේ නවීන දින ප්‍රකාශයක් වන මෙය අපගේ ගැටලුවලට තිබෙන විසඳුමද? මායාකාරියන්ගේ සහ බාහිර භෞමිකයන්ගේ ප්‍රඥාව මගින් මෙම ග්‍රහයා ආරක්ෂා කරනු ලබයිද? සාමයේ සහ සමෘද්ධියේ නව යුගයක් කවදා හෝ පැමිණෙනු ඇත්ද? g94 3/8
[7 පිටුවෙහි ඇති පින්තූරය]
නව යුග ලබ්ධි වෙනත් දේවල් අතර, ජ්යෝතිඃශාස්ත්රය, පරචිත්තඥානය, භාවනා කිරීම සහ පළිඟු ආදිය සමඟ අත්හදාබැලීම් කරති
[පිටුවෙහි ඇති පින්තූරය]
නව යුග සුව කිරීමේ ක්‍රමවලට පළිඟු භාවිතය ඇතුළත් වෙයි
[පාදසටහන්වල]
a මනෝරාජ්‍යය: “විශේෂයෙන්ම එහි සමාජීය, දේශපාලනමය සහ සදාචාරමය අංගවලින් ඉතා කදිම ලෙස පරිපූර්ණවූ ස්ථානයකි.—දි අමෙරිකන් හෙරිටිජ් ඩික්ෂනරි ඔෆ් දි ඉංග්ලිෂ් ලැංග්වෙජ්.
[6 පිටුවෙහි ඇති කොටුව]
මැක්ලේන්, නව යුගය සහ රාම්තා
“අපට එය දැක ගැනීමට හෝ රේඛීය ක්‍රමයට එය මැනීමට හෝ නොහැකි වුවත් තරු ආශ්රිතමානය සැබෑ එකක් විය. අපට ‘අවබෝධ වන්නාවූ’ සචේතනික යථාර්ථයට වඩා මහත් යථාර්ථයක් තිබේ. චින්තනයේ නව යුගය යනුවෙන් හඳුන්වා තිබෙන්නේ එයයි. එනම් වැටහීමේ නව යුගයකි. . . .
“තරු ආශ්රිතමානයෙහි හෙවත් ආත්ම ලොවෙහි ආත්ම මාර්ග දේශකයෝ සමඟ කථා කළ විශ්වාසලත් ආත්ම මාධ්‍යයන් බැහැදැකීමට මම ගියා. එම ‘ආත්මයන්’ සමඟ මා සම්බන්ධකම් ඇති කළා.’ . . . එක් ආත්මයක් අනිත් අයට වඩා ගැඹුරට කල්පනා කරන කෙනෙකු විය. ඔහුගේ නම . . . ඥානාලෝකයලත් රාම්තා විය. . . . අත්ලන්තියානු කාල පරිච්ඡේදයේදී ඔහු වරක් මිනිස් භවයෙන් පෙනී සිටිය බවත් ඒ ජීවිත කාලයේදී තමා සම්පූර්ණ අවබෝධය අත්කරගෙන සිටිය බවත් ඔහු කීවා. . . . මම රාම්තාගේ දෙනෙත් තුළට බලා සිටිද්දීම, මමම මෙසේ පවසනවා මට ඇසුණා, ‘අත්ලන්තියානු අවධියේ ඔබගේ භවයේදී ඔබ මගේ සහෝදරයාව සිටියාද?’
“. . . ඔහුගේ දෙනෙතින් කඳුළු හැලෙන්නට වුණා. ‘එසේය මගේ හිතවත, එවිට ඔබ මගේ සහෝදරයාව සිටියා,’ යනුවෙන් ඔහු පැවසුවා.”
මැක්ලේන් තවදුරටත් මෙසේ පවසයි: “ඔහුගේ ආත්මික ඉගැන්වීමේ මූලික කරුණ වූයේ අප දෙවියන්වහන්සේ බව යන සත්‍ය මට අවබෝධ කරදීමය. උන්වහන්සේ තරම්ම දැනුම සහිතව සිටීමට අපට හැකියාව තිබිණ.”—ඩාන්සිං ඉන් ද ලයිට්, ශර්ලි මැක්ලේන් විසිනි.
උත්පත්ති 3:5හි සර්පයා (සාතන්), බොරුවට ඒවට පැවසූ දෙය සන්සන්දනය කර බලන්න: “නුඹලා එයින් කන දවසෙහි නුඹලාගේ ඇස් ඇරෙන බවත් නුඹලා යහපත හා නපුර දැනගෙන දෙවියන්වහන්සේට සමාන වන බවත් දෙවියන්වහන්සේ දන්නා සේක.” දිව්‍ය අනුමැතිය ලබාගැනීමට ආශා කරන අය දුෂ්ට සහ වංචාකාර ආත්මයන් සමඟ ඕනෑම ආකාරයක සම්බන්ධයක් ඇතිව සිටීමෙන් වැළකිය යුතුය. මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි මෙසේ සඳහන් විය: “ආත්ම බන්ධනකාරයන් දෙසටවත් ශාස්ත්‍රකාරයන් දෙසටවත් නොහැරෙල්ලා; ඔවුන්ගෙන් අපවිත්‍ර නොවන පිණිස ඔවුන් සොයා නොයල්ලා. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය [යෙහෝවඃවහන්සේය, NW ].”—ලෙවී කථාව 19:31.
[9 පිටුවෙහි ඇති කොටුව]
“මත්ද්‍රව්‍ය බහුල සමාජයක් තුළ තවත් මත්ද්රව්යයක්ද”?
අපගේ දිගු ඉතිහාසයේ අරුම පුදුම ආත්මික විලාසිතා හා සාර්ව නිවාරණවලට අලුතින්ම දායක වූ නව යුග ව්‍යාපාරය, එය වෙතට සමච්චලය හා කෝප සහිත බියේ සම්මිශ්‍රණයක් කැඳවයි. ශ්‍රද්ධාවේ පිරිහීම පමණක් නොව නමුත් එහි ලජ්ජා නැති වාණිජකරණය නිසා මහා පරිමාණයේ ආත්මික ප්‍රෝඩාවේ සැකයන්ද මතුවේ. . . .
“භාවනාව, ඒකාන්ත චින්තනය, ඇදහිල්ලෙන් සුව කිරීම, . . . ගූඪවාදය, යෝගා, ජලයෙන් සුව කිරීම, කටු චිකිත්සාව, සුවඳ දුම් ඇල්ලීම, ජ්යෝතිඃශාස්ත්රය, යුංගේ මනෝ විද්‍යාව, ජීව ප්‍රතිපෝෂණය, අතීන්ද්රීය සංජානනය, භූතවිද්‍යාව, . . . පරිණාමවාදය, රයික්ගේ ලිංගික චිකිත්සාව, පුරාණ මිථ්‍යා ප්‍රබන්ධ, . . . මෝහනය සහ ප්‍රධාන ආගමික සම්ප්රදායන්ගෙන් ගන්නා ලද අංග, . . . ඇතුළු, වැටහීම වැඩි කිරීමට නිර්මාණය කරන ලද වෙනත් ශිල්ප ක්‍රම ඕනෑම සංඛ්‍යාවක් සංයෝග කිරීමට නව යුග ව්‍යාපාරය වෙර දරයි.
“ආගම වෙනුවට නව යුග ව්‍යාපාරය භාවිතා කරන උපක්‍රම හෘදය සාක්ෂිය කළඹවනවා වෙනුවට එය සනසයි. ඔවුන්ගේ ප්‍රධාන ඉගැන්වීම වනුයේ ඔබ විශ්වාස කරන දෙය ඔබව සාර්ථක වීමට සලස්වයි නම් ඔබ කුමක් විශ්වාස කළත් ප්‍රශ්නයක් නැත යන්නයි. ‘ඔබ එය විශ්වාස කරන්නේ නම් එය සැබෑවයි’: නව යුග ව්‍යාපාරයේ උද්යෝග වාක්‍යයක්. . . .
“ප්රශ්නය වනුයේ නව යුග ප්‍රතිකාර ක්‍රම සැබවින්ම ක්‍රියාත්මක වනවාද යන්න නොව නමුත් ආගම නිකම්ම චිකිත්සාවක් යන්න බවට පහත් කළ යුතුද යන්නයි. ආගමෙන් ආත්මික ප්රමෝදයට වඩා වැඩි යමක් ඉදිරිපත් වන්නේ නැත්නම්, ආගම මත්ද්‍රව්‍ය බහුල සමාජයක් තුළ තවත් මත්ද්‍රව්‍යයක් බවට පත් වෙයි.”—“නව යුග ව්‍යාපාරය: උත්සාහයක් නැත, සත්‍යයක් නැත, විසඳුම් නැත, ඥානවාදය පිළිබඳව සටහන්—Vවන කොටස,” අ.එ.ජ. නිව් යෝක්හි රොචෙස්ටර් විශ්වවිද්‍යාලයේ, ඉතිහාසය පිළිබඳ වොට්සන් විශාරද, ක්‍රිස්ටෆර් ලාෂ් විසිනි.