ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 27 ලිපිය
  • ඇයි මට යාළුවෝ නැත්තේ?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇයි මට යාළුවෝ නැත්තේ?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හොඳට හිතලා බලන්න
  • තනිකම හා මිතුදම ගැන ඔයා දැනගන්න ඕන දේ
  • මේ සටනින් ජය ගන්න පුළුවන් විදිහ
  • ඔබගේ ජීවිතය පාළු කිරීමට තනිකමට ඉඩ නොදෙන්න
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මට මගේ තනිකම පලවා හැරිය හැක්කේ කෙසේ ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • ඔයාටත් තනිකමක් දැනෙනවාද?
    2015 පිබිදෙව්!
  • තනිකමට විසඳුමක්
    2010 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 27 ලිපිය
තනිකම නිසා වේදනාවෙන් ඉන්න යෞවනියක්

යොවුන් සිතේ ගැටලු

ඇයි මට යාළුවෝ නැත්තේ?

ඔයා අන්තර්ජාලයට ගියාම දකිනවා මෑතක පවත්වපු සාදයකදී යාළුවෝ එකතු වෙලා ගත්ත පින්තූර වගයක්. එයාලා හරිම සතුටින් ඉන්නවා කියලා ඔයාට පේනවා. යාළුවෝ ඔක්කොම ඒ පින්තූරවල ඉන්නවා. ඒත් එක්කෙනෙක් අඩුයි. ඒ ඔයා.

‘ඇයි මට එන්න කිව්වේ නැත්තේ’ කියලා ඔයා හිතනවා.

ඔයාගේ කුතුහලය අන්තිමේදී කලකිරීමකට හැරෙනවා. ඔයාට හිතෙන්නේ ඔයාව කොං කරලා කියලයි. වැල්ලේ තැනූ මාලිගාවක් එක පාරටම මුහුදු රැල්ලකට කැඩිලා බිඳිලා ගියා වගේ ඔයාගේ යාළුකම් ඔක්කොම සුනුවිසුනු වෙලා ගියා කියලා ඔයාට හැඟෙනවා. ඒ එක්කම ඔයාට ලොකු පාළුවක් දැනෙනවා. ‘ඇයි මට යාළුවෝ නැත්තේ’ කියලා ඔයා හිතනවා.

  • හොඳට හිතලා බලන්න

  • තනිකම හා මිතුදම ගැන ඔයා දැනගන්න ඕන දේ

  • මේ සටනින් ජය ගන්න පුළුවන් විදිහ

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

  • මිතුදම් ගැන ඔයාට තියෙන බය නැති කරගන්න විදිහ

හොඳට හිතලා බලන්න

හරිද වැරදිද

  1. ඔයාට ගොඩක් යාළුවෝ ඉන්නවා නම් කිසි තනිකමක් දැනෙන්නේ නැහැ.

  2. ඔයා මිතුරු සමාජ වෙබ් අඩවියකට සම්බන්ධ වුණොත් ඔයාට කිසි තනිකමක් දැනෙන්නේ නැහැ.

  3. ඔයා SMS ගොඩක් යවනවා නම් ඔයාට කිසි තනිකමක් දැනෙන්නේ නැහැ.

  4. අනිත් අය වෙනුවෙන් දේවල් කරනවා නම් ඔයාට කිසි තනිකමක් දැනෙන්නේ නැහැ.

හතරටම උත්තරය වැරදියි.

ඇයි ඒ?

තනිකම හා මිතුදම ගැන ඔයා දැනගන්න ඕන දේ

  • යාළුවෝ ගොඩක් හිටියා කියලා ඔයාට කවදාවත් තනිකම දැනෙන්නේ නැහැ කියලා කියන්න බැහැ.

    “මං මගේ යාළුවන් ගැන කොච්චර සැලකිල්ලක් දැක්වුවත් ඒගොල්ලෝ මට ඒ විදිහට සලකන්නේ නැහැ. මම යාළුවෝ අතරේ හිටියත් ඒගොල්ලෝ මං හිටියත් එකයි නැතත් එකයි කියලා හැඟෙන්න සලස්වනකොට මගේ තනිකම දෙගුණ තෙගුණ වෙනවා.”—ඈන්.

  • ඔයා මිතුරු සමාජ වෙබ් අඩවියකට සම්බන්ධ වුණොත් ඔයාට කිසි තනිකමක් දැනෙන්නේ නැහැ කියලා කියන්න බැහැ.

    “සමහර අය විසිතුරු භාණ්ඩ හැටියට හදලා තියෙන මිනිස් රූප එකතු කරනවා. කාමරය පිරෙන්නම ඒ වගේ රූප තිබුණයි කියලා ඒ රූපවලින් ආදරයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි අන්තර්ජාලයෙන් මුණගැහෙන යාළුවෝ. කිට්ටු බැඳීමක් නැත්තං ඒ යාළුවොත් හරියට පණ නැති රූප වගේ.”—ඉලේන්.

  • ඔයා SMS ගොඩක් යවනවා නම් ඔයාට කිසි තනිකමක් දැනෙන්නේ නැහැ කියලා කියන්න බැහැ.

    “පාළුවක් දැනෙනකොට එක යාළුවෙක් හරි SMS එකක් එවලා තියෙනවාද කියලා ඔයා සැරෙන් සැරේ බලනවා. හැබැයි කවුරුත් SMS එවලා නැත්නම් ඔයාට දැනෙන පාළුව තවත් වැඩි වෙනවා.”—සෙරීනා.

  • අනිත් අය වෙනුවෙන් දේවල් කරනවා නම් ඔයාට කිසි තනිකමක් දැනෙන්නේ නැහැ කියලා කියන්න බැහැ.

    “මං කොයි වෙලාවෙත් හදන්නේ මට තියෙන දෙයක් යාළුවන් එක්ක බෙදාගන්න. හැබැයි එයාලා එහෙම කරන්නේ නැහැ. මං බෙදාගත්ත දේවල් ගැන මට දුකක් නැහැ. ඒත් මට දුක මං කරපු දේවල් ගැන කිසි අගයක් නැති එකයි.”—රිචඩ්.

ඇත්ත මේකයි: තනිකම කියන්නේ කෙනෙක් හිතේ ඇති කරගෙන තියෙන ආකල්පයක්. “ඒක පිටින් එන දෙයක් නෙමෙයි කෙනෙක්ගේ හිත ඇතුළෙන්ම එන දෙයක්” කියලා තරුණියක් වන ජෙනට් කියනවා.

ඔයාට කිසිම යාළුවෙක් නැහැ කියලා හැඟෙනවා නම් මොනවාද කරන්න පුළුවන්?

මේ සටනින් ජය ගන්න පුළුවන් විදිහ

ආත්ම විශ්වාසය අඩු යෞවනියක්

ආත්ම විශ්වාසය වැඩි කරගන්න.

“අනිත් අයට තමාව වටින්නේ නැහැ කියන හැඟීම තියෙනකොට යාළුවන් ඇති කරගන්න අමාරුයි. ඒ විදිහට අපි අපිවම අවතක්සේරු කරගත්තොත් තනිකම ඇති වෙන්න පුළුවන්.”—ජෙනට්.

බයිබලේ දෙන උපදෙස: “ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න.” (ගලාති 5:14) හොඳ යාළු මිත්‍රකම් දිගටම පවත්වගන්න නම් මුලින්ම ඔයා වටිනා කෙනෙක් කියලා තේරුම්ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා වටිනා කෙනෙක් කියන හැඟීම ඇති කරගන්න ඕනේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අහංකාර වෙන්න ඕන කියන එක නම් නෙමෙයි.—ගලාති 6:3, 4.

තමන් ගැන හිතහිත දුක් වෙන යෞවනයෙක්

තමන් ගැන හිතහිත දුක් වෙන්න එපා.

“තනිකම මඩ වගුරක් නම් තමන් ගැන හිතහිත දුක් වෙන එක තව තවත් මඩේ එරීමක්. එහෙම වුණොත් ගොඩ එන්න හරිම අමාරුයි. ඔයා ගැනම ඔයා හිතහිත ඉන්නකොට අනිත් අය ඔයාට ළං වෙන්න කමැති නැහැ. එතකොට ඔයාගේ තනිකම තවත් වැඩි වෙනවා.”—එරින්.

බයිබලේ දෙන උපදෙස: “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා . . . තමාගේම වාසිය සොයන්නේ නැත.” (1 කොරින්ති 13:4, 5) අපි හිතන්නේ අපි ගැන විතරක් නම් අනිත් අයගේ දුක දැනෙන්නෙවත් එයාලා ගැන සැලකිලිමත් වෙන්නෙවත් නැහැ. එතකොට කවුරුත් අපිත් එක්ක ඇසුරු කරන්න කැමති වෙන්නේ නැහැ. (2 කොරින්ති 12:15) මේක මතක තියාගන්න. ඔයා, ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වය මනින්නේ අනිත් අය කරන කියන දේවල්වලින්, අනිත් අය ඔයාට සලකන විදිහෙන් නම් ඔයා අනිවාර්යයෙන්ම අසාර්ථක වෙනවා. “මට කවුරුත් කෝල් එකක්වත් දෙන්නේ නැහැ,” “කිසි කෙනෙක් මොනම දේකටවත් මට අඬගහන්නෙත් නැහැ” කියලා ඔයා හිතනවා නම් ඔයාගේ සතුට පවතින්නේ අනිත් අය අතෙයි. එහෙම වුණොත් ඔයා ඔයාව පාලනය කරන්න අනිත් අයට ඉඩ දෙනවා නේද?

සිගරට් එකක් ප්‍රතික්ෂේප කරන යෞවනයෙක්

හැමෝම හොඳ යාළුවෝ නෙමෙයි.

“තනිකම දැනෙන අය කැමති අනිත් අයගේ අවධානය ලබාගන්න. ඒ නිසා ඒ අය තමන්ට අවධානය දෙන ඕනෑම කෙනෙක්ට ළං වෙනවා. හැබැයි අවධානය දෙන කෙනා ගැන හොයලා බලන්නේ නැහැ. මොකද අනිත් අයට තමන්ව ඕන කියලා හැඟෙනවාටයි තනිකම දැනෙන අය කැමති. ඒත් සමහර අය ඒකෙන් වාසිය අරන් ඔයාව නැතුවම බැහැ කියන හැඟීම දීලා ඔයාගෙන් අයුතු ප්‍රයෝජන ගනී. ඒකෙන් වෙන්නේ තිබුණටත් වඩා වැඩි තනිකමක් ඔයාට දැනෙන එකයි.”—බ්‍රිඈන්.

බයිබලේ දෙන උපදෙස: “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.” (හිතෝපදේශ 13:20) හාමතේ ඉන්න අය ලැබෙන ඕනම දෙයක් කනවා. ඒ වගේ, තනිකමෙන් ඉන්න අයත් ඕනම කෙනෙක්ව යාළු කරගන්න පෙලඹෙන්න පුළුවන්. එහෙම යාළු වුණාම හිතන්නේ මීට වඩා හොඳ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ කියලයි. එතකොට හුඟක් වෙලාවට වෙන්නේ අනුන් ලවා තමන්ට ඕන දේවල් කරවගන්න හදන කපටි අයට අහු වෙන එකයි.

නිගමනය මෙයයි: සමහර වෙලාවට අපි හැමෝටම තනිකම දැනෙනවා. ඒත් එක් එක් කෙනාට තනිකම දැනෙන විදිහ වෙනස්. තනිකමේ ගිලිලා ඉන්න කෙනෙක්ට ලොකු අසරණකමක් කලකිරීමක් ඇති වුණත් තනිකම කියන්නේ හැඟීමක් විතරයි. අපේ හැඟීම්වලට මුල් වෙන්නේ අපේ හිතේ ඇති වෙන සිතුවිලියි. අපිට පුළුවන් අපේ සිතුවිලි පාලනය කරගන්න.

සැබෑ තත්වය තේරුම්ගන්න. අනිත් අයගෙන් ඕනෑවට වඩා බලාපොරොත්තු වෙන්න එපා. “අපේ යාළුවෝ හැමදාම අපේ හොඳම යාළුවෝ විදිහට ඉඳියි කියලා හිතන්න එපා. ඒත් අපි ගැන ඇත්තටම සැලකිලිමත් අය ඉන්නවා. අපේ තනිකම නැති කරගන්න ඒ හොඳටම ඇති” කියලා මුලින් සඳහන් කළ ජෙනට් කියනවා.

ඔයාට තව උපකාර අවශ්‍යද? “මිතුදම ගැන ඔයාට තියෙන බය නැති කරගන්න විදිහ” යන කොටුව කියවන්න. “තනිකමෙන් මිදෙන්න” යන කොටසත් ඩවුන්ලෝඩ් කරගන්න.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

වැනෙසා

“ඔයාට දැනෙන තනිකම ගැන හංගන්නේ නැතුව කාට හරි කියන්න. ඔයා වගේම තනිකම දැනෙන තවත් අය ගැන ඔයා දන්නවා ඇති. ඒ නිසා ඔයාගේ හැඟීම් තේරුම්ගන්න ඒ අයට පුළුවන්. ඔයාගේ තනිකම නැති කරගන්න ඒ වගේ එක යාළුවෙක් හිටියත් ඇති.”—වැනෙසා.

ටේල

“ඔයාට දැනෙන තනිකම ගැන අනිත් අයට දොස් කියන්න හැම වෙලාවෙම පෙලඹෙන්න එපා. සමහරවිට අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්නේ ඔයාම වෙන්න පුළුවන්. ඒ හින්දා අනිත් අය එක්ක එකතු වෙන්න ඔයාට පුළුවන් දේ කරන්න. ඒක හරියන්නේ නැත්නම් අලුත් යාළුවන්ව හොයාගන්න. සමහරවිට මීට කලින් ඔයා යාළු වෙන්න උත්සාහ කරලා නැති අය එක්ක වුණත් යාළු වෙන්න ඔයාට පුළුවන්.—ටේල.

මිතුදම ගැන ඔයාට තියෙන බය නැති කරගන්න විදිහ

“මගේ මිතුරියක් හුඟ කාලෙක ඉඳලා තනිකමෙන් පෙළෙනවා. එයා ගැන සැලකිල්ලක් දක්වන අය හිටියත් එයාට දැනෙන්නේ කවුරුත් එයාට ආදරේ නෑ කියලයි. තමන්ගේ වටිනාකමක් නැහැ කියලා දුකෙන් හිටියත් එයා පිටට පෙන්නන්නේ හිත ශක්තිමත් කාගෙවත් උදව්වක් ඕන නැති කෙනෙක් කියලයි. මට හිතෙන විදිහට එයාට යාළුවෝ ඇති කරගන්න බැරි වෙන්නේ එයා එහෙම ඉන්න හින්දයි. එයාව දැක්කම කෙනෙක්ට හිතෙන්නේ මෙයා හරි අහංකාරයි, මෙයාට කිට්ටු වෙන්න බැහැ කියලා. ඒ නිසා ගොඩක් වෙලාවට වෙන්නේ ඒ අය එයත් එක්ක යාළු වෙන්න දරන උත්සාහය අත්හරින එකයි.

“මගේ මිතුරිය එක්ක අනිත් අය ආශ්‍රය කරන්න උත්සාහ කරද්දී එයා හිතන්නේ ඒගොල්ලන් යාළු වෙන්න හදන්නේ වැරදි චේතනාවකින් කියලා. නැත්නම් යාළුකම දිගටම තියෙන එකක් නැහැ කියලත් එයාට හිතෙනවා. ඒ වගේ හිතලා අනිත් අයගෙන් ඈත් වෙන හින්දා එයාව තේරුම්ගන්න අනිත් අයට බැරි වෙනවා. ඒ නිසා එයා තනි වෙනවා. අනිත් අයට එයාගේ හැඟීම් කියන එකෙන් වැළකෙන්නෙත් එයාමයි.

“අනිත් අය එක්ක බැඳීමක් ඇති කරගන්න නම් අපේ අදහස් බෙදාගන්න ඕනේ. අපි කවුද කියන එක ඒ අයට තේරුම්ගන්න ඉඩහරින්න ඕනේ. අපිට අවශ්‍ය මිත්‍රත්වය ඒගොල්ලන්ගෙන් ලැබෙන්නෙත් අපිට යාළුවෝ හම්බ වෙන්නෙත් එතකොටයි. ඒක වටහාගෙන කවදා හරි දවසක මගේ මිතුරිය එයාගේ ඒ අනිසි බය නැති කරගෙන යාළුවෝ ඇති කරගනියි කියලා මං හිතනවා.”—ඉලේන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න