තනිකම මිතුදමින් පරදන්න බයිබලයෙන් උදව්
තනිකම එක්ක කරන සටන ලෝකේ පුරාම බරපතළ ගැටලුවක් වෙලා තියෙනවා කියලා මහාචාර්යවරුන් 2023දී තේරුම්ගත්තා. ඇත්තටම ඒක ජය ගන්න පුළුවන් සටනක්ද?
“තනිකමයි, හුදෙකලාවයි අපේ සෞඛ්‍යයට, සතුටට තර්ජනයක් වෙලා තියෙනවා. ඒත් අපිට පුළුවන් මේකෙන් ගොඩ එන්න. ඒකට දවස ගාණේ අපි පොඩි පොඩි දේවල් කරලා අපි අතර තියෙන බැඳීම් ශක්තිමත් කරගන්න ඕනේ.”—විවේක් මූර්ති, එක්සත් ජනපදයේ ශෛල්‍ය වෛද්‍ය ජෙනරාල්.a
තනිකමක් දැනෙන්නේ හුදෙකලාව නිසාම නෙවෙයි. දාහක් මැද හිටියත් සමහරුන්ට තනිකමක් දැනෙනවා. තනිකමට හේතුව මොකක් වුණත් බයිබලයට පුළුවන් ඒක පරාජය කරන්න අපිට උදව් කරන්න. යාළුකම් ශක්තිමත් කරගෙන තනිකම ජය ගන්න උදව් වෙන හොඳ මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා.
උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති
කතා කරන්න, ඇහුම්කන් දෙන්න. ඔයාගේ හිතේ තියෙන දේවල් කියනවා වගේම අනිත් අයට හැඟෙන විදිහ කියද්දී ඔයා ඇහුම්කන් දෙන්න ඕනේ. ඔයා අනිත් අය ගැන සැලකිලිමත් වෙන තරමටම එයාලා එක්ක තියෙන බැඳීමත් වැඩි වෙයි.
බයිබල් ප්‍රතිපත්තිය: “ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:4.
එකම කට්ටියකට සීමා වෙන්න එපා. ඔයාට වඩා වැඩිමල්, ඔයාට වඩා බාල, වෙන සංස්කෘතියකට අයිති, වෙන රටවල්වලින් ආපු අයව යාළුවෝ කරගන්න.
බයිබල් ප්‍රතිපත්තිය: “ඔබත් ඔබේ හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න.”—2 කොරින්ති 6:13.
හොඳ යාළුකම් ඇති කරගන්නේ කොහොමද කියලා දැනගන්න “මිත්‍රත්වය සඳහා තිබෙන පිපාසය සන්සිඳවීම” කියන ලිපිය බලන්න.
a Our Epidemic of Loneliness and Isolation: The U.S. Surgeon General’s Advisory on the Healing Effects of Social Connection and Community, 2023.