Photo by Zhai Yujia/China News Service/VCG via Getty Images
සෝදිසියෙන් ඉන්න!
රුදුරු ගංවතුර - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
ලෝකේ පුරාම ඇති වෙන ගංවතුර තත්වයන් නිසා එන්න එන්නම මිනිස් ජීවිතවලට තර්ජන ඇති වෙලා තියෙනවා.
“බදාදා සිට සෙනසුරාදා දක්වා නොනවත්වා ඇද හැලුණ ධාරානිපාත වාර්ෂාව නිසා චීනයේ අගනුවරින් මිලිමීටර් 744.8ක (අඟල් 29.3ක) වර්ෂාපතනයක් වාර්තා වෙයි. සංඛ්‍යා ලේඛනවල පෙන්නන විදිහට අඩුම ගාණේ අවුරුදු 140කින්වත් මේ වගේ දරුණු වැසි ඇති වෙලා නැහැ.”—AP News, 2023 අගෝස්තු 2.
“කනූන් සුළිකුණාටුව නිසා ජපානයේ දකුණු ප්‍රදේශයට අධික වැසි සහ සුළං ඇති වෙලා තියෙනවා. දෙවෙනි දවස වෙද්දීත් එහි අඩු වීමක් දකින්න නැහැ. දැනට ඒකෙන් ජීවිත දෙකක් අහිමි වෙලා තියෙනවා. කාලගුණ දෙපාර්තමේන්තුව කියන විදිහට මේ තත්වය දිගටම පැවතුණොත් මධ්‍යම තායිවානයේ කඳුකර ප්‍රදේශයට මීටර් 0.6ක (අඩි 2ක) වර්ෂාපතනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.”—Deutsche Welle, 2023 අගෝස්තු 3.
“මේ සති අන්තයේ කැනඩාවේ නෝවා ස්කොටියා දූපතට ජලගැලීම් තත්වයක් ඇති වුණා. ඒකට හේතුව අත්ලාන්තික් සාගරයට කඩා හැලුණ ධාරාණිපාත වර්ෂාවයි. අවුරුදු 50කින් ඇති වෙලා තියෙන ඉහළම වර්ෂාපතනය විදිහටයි මේක වාර්තා වෙන්නේ.”—BBC News, 2023 ජූලි 24.
ඒ වගේ දේවල් ගැන බයිබලයේ මොනවාද කියන්නේ?
“අවසාන කාලයේ” ලකුණක්!
බයිබලයේ කියනවා අපි ජීවත් වෙන්නේ “අවසාන කාලයේ” කියලා. (2 තිමෝති 3:1) යේසුස් අනාවැකියක කිව්වා මේ කාලේ අපේ හිත් කලඹන විදිහේ “බිහිසුණු දේවල්” වෙනවා කියලා. (ලූක් 21:11) දේශගුණික වෙනස්කම් නිසා දැන් දැන් මේ ස්වාභාවික විපත් ඇති වෙන්නේ කිසිම හෝඩුවාවක්වත් නැතුව. ඒ වගේම ඒවා නිතර නිතර වගේම කලින්ටත් වඩා දරුණු විදිහට සිද්ධ වෙන නිසා මිනිස්සු අන්ත අසරණ වෙලා!
බලාපොරොත්තුවක්!
බයිබලයේ කියනවා මේ වගේ දරුණු විපත් ඇති වෙන එක බලාපොරොත්තුවක් තියාගන්න අපිට හොඳ හේතුවක් කියලා. ඇයි එහෙම කියන්නේ? යේසුස් මෙහෙම කිව්වා. “ඔබ මේ දේවල් සිදු වෙනවා දකින විට දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න.”—ලූක් 21:31; මතෙව් 24:3.
ඒකෙන් පැහැදිලියි දෙවියන්ගේ රාජ්‍යය ඉක්මනටම මේ පොළොවට එනවා කියලා. එදාට ජල චක්‍රය ඇතුළු ස්වාභාවික බලයන් හැම එකක්ම හරි විදිහට ක්‍රියාත්මක වෙනවා.—යෝබ් 36:27, 28; ගීතාවලිය 107:29.
දේවරාජ්‍යයෙන් ඒක කරන විදිහ දැනගන්න “මේ පොළොව බේරගන්න පුළුවන් කාටද?” කියන ලිපිය බලන්න.