ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 45 ලිපිය
  • රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි
  • තවත් ලිපි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ වගේ සිද්ධීන් ගැන බයිබලයේ කලින් කියලා තිබුණාද?
  • බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් දවසක් එයිද?
  • අද දින උතුරේ රජ කවුද?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යුක්රේන යුද්ධයත් එක්ක පැටලුණ ආගම් - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • යුක්රේන යුද්ධය වසරක් ඉක්මවයි - බයිබලෙන් බලාපොරොත්තුවක්!
    තවත් ලිපි
  • අවසාන කාලයේ “උතුරේ රජ” කවුද?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
තවත් ලිපි
mrt 45 ලිපිය
යුක්රේනය සහ අවට රටවල් දැක්වෙන සිතියමක්.

සෝදිසියෙන් ඉන්න!

රුසියාව යුක්රේනය ආක්‍රමණය කරයි

2022 පෙබරවාරි 24වෙනිදා පාන්දර රුසියාවේ හමුදාව යුක්රේනය ආක්‍රමණය කරන්න පටන්ගත්තා. යුද්ධයක් ඇති වෙන එක වළක්වන්න ලෝක නායකයන් උත්සාහ කෙරුවත් ඒ වෑයම රුසියාව කනකටවත් ගත්තේ නැහැ. මේ ගැටුම ලෝකෙට කොහොම බලපායිද? දවස් කීපයකට කලින් ඒ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙහෙම කිව්වා. “මේකෙන් වෙන ජීවිත හානිය සහ විනාශය විතරක් නෙමෙයි යුරෝපයේ සහ ලෝකයේ අනිත් රටවල්වල ආරක්ෂාවට වෙන හානිය ගැන අපිට හිතාගන්නවත් බැහැ.”

මේ වගේ සිද්ධීන් ගැන බයිබලයේ කලින් කියලා තිබුණාද?

  • “ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටිනවා” කියලා යේසුස් කලින්ම කිව්වා. (මතෙව් 24:7) යේසුස් කියපු ඒ අනාවැකිය ඉටු වෙන විදිහ ගැන දැනගන්න “විනාශය ළඟයි කියන්න තියෙන ලකුණ මොකක්ද?” කියන ලිපිය කියවන්න.

  • “ගිනි පැහැති අශ්වයෙක්” පිට ඉඳගෙන “පොළොවෙන් සාමය තුරන් කරන” අසරුවෙක් ගැන බයිබලයේ කතා කරනවා. (එළිදරව් 6:4) ඒ අසරුවාගෙන් නියෝජනය වෙන්නේ යුද්ධ. අද සිද්ධ වෙන යුද්ධවලින් ඒ අනාවැකිය ඉටු වෙන විදිහ ගැන දැනගන්න “අසරුවන් හතරදෙනා කවුද?” කියන ලිපිය කියවන්න.

  • බයිබලයේ දානියෙල් පොතේ “උතුරේ රජ” සහ “දකුණේ රජ” අතර බල අරගලයක් ඇති වෙනවා කියලා අනාවැකියක් තියෙනවා. (දානියෙල් 11:25-45) ‘අනාවැකියක ඉටු වීමක්! - දානියෙල් 11’ කියන වීඩියෝ එක බලලා රුසියාව සහ ඒකට සහය දෙන රටවල් උතුරේ රජ විදිහට හඳුන්වන්නේ ඇයි කියලා දැනගන්න.a

  • “සියලු බලැති දෙවිගේ මහත් දවසේදී සිදු වන යුද්ධය” ගැන එළිදරව් පොතේ කතා කරනවා. (එළිදරව් 16:14, 16) එතන කතා කරන්නේ මේ මොහොතේ අපි දකිනවා වගේ රටවල් අතර ඇති වෙන යුද්ධයක් ගැන නෙමෙයි. එහෙනම් ඒ යුද්ධය මොකක්ද? ඒ ගැන දැනගන්න “හර්–මගෙදොන් යුද්ධය කියන්නේ මොකක්ද?” කියන ලිපිය කියවන්න.

බයක් සැකක් නැතුව ජීවත් වෙන්න පුළුවන් දවසක් එයිද?

  • දෙවියන් “පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්තලා දානවා” කියලා බයිබලයේ කියනවා. (ගීතාවලිය 46:9) ඒ පොරොන්දුව ගැන දැනගන්න “සතුටින් පිරුණු හෙටක් ගැන බලාපොරොත්තුවක්” කියන ලිපිය කියවන්න.

  • යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට ඉගැන්නුවා ‘දෙවියන්ගේ රාජ්‍යය පැමිණේවා’ කියලා යාච්ඤා කරන්න. (මතෙව් 6:9, 10) ඒ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුවක්. මිනිස්සු වෙනුවෙන් දෙවියන් කරන්න කැමති දේවල් ඉටු කරන්නේ ඒ ආණ්ඩුවෙන්. ඒ අතරට ලෝකය පුරාම සාමය ඇති කරන එකත් ඇතුළත්. ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක බලලා ඒ ආණ්ඩුවෙන් ඔයාට ලැබෙන ආශීර්වාද මොනවාද කියලා දැනගන්න.

යුක්රේනයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් 1,29,000කට වඩා ඉන්නවා. ලෝකෙ වටේ ඉන්න අනිත් සාක්ෂිකරුවන් වගේ එයාලත් යේසුස්ව ආදර්ශයට ගන්නවා. ඒ නිසා එයාලා දේශපාලන කාරණාවලදී පැති ගන්නේ නැහැ. ඒ වගේම යුද්ධවලට සම්බන්ධ වෙන්නෙත් නැහැ. (යොහන් 18:36) යුද්ධ වගේ මිනිස්සුන්ගේ දුකට හේතු වෙන හැම ප්‍රශ්නෙකටම එකම විසඳුම දේවරාජ්‍යය කියලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ලෝකෙ පුරාම දේශනා කරනවා. (මතෙව් 24:14) බයිබලයේ දීලා තියෙන බලාපොරොත්තුව ගැන තව දැනගන්න කැමති නම් අපිව අමතන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා.

a ඒ අනාවැකිය ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න “අවසාන කාලයේ ‘උතුරේ රජ’ කවුද?” සහ “අද දින උතුරේ රජ කවුද?” බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න