ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 44 ලිපිය
  • වංචා, දූෂණ නැති ආණ්ඩුවක් එයිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වංචා, දූෂණ නැති ආණ්ඩුවක් එයිද?
  • තවත් ලිපි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වංචාවට, දූෂණයට විරුද්ධව දෙවියන් පියවර ගන්නවා කියලා අපි දන්නේ කොහොමද?
  • අල්ලසෙන්, දූෂණයෙන් තොර ආණ්ඩුවක්!
  • දේවරාජ්‍යය - අල්ලස් හා දූෂණය නැති ආණ්ඩුවක්!
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දූෂණයෙන් තොර ලොවක් පිළිබඳ පොරොන්දුව
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවවචනය නමැති කඩුවෙන් අල්ලස් දූෂණයට එරෙහිව සටන් කිරීම
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආණ්ඩුවල අල්ලස් හා දූෂණය මුල් බැහැලා!
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
තවත් ලිපි
mrt 44 ලිපිය
රජයේ ගොඩනැඟිල්ලක් ඉස්සරහා මිනිස්සු දෙන්නෙක් අතට අත දෙනවා. ඒත් එක්කම එක් කෙනෙක් අනිත් කෙනාට සල්ලි තියෙන ලියුම් කවරයක් දෙනවා.

වංචා, දූෂණ නැති ආණ්ඩුවක් එයිද?

ආණ්ඩුවලින් සිද්ධ වෙන අල්ලස, දූෂණය, වංචාව අද මුළු ලෝකෙටම බලපාලා තියෙනවා.a උදාහරණයක් විදිහට මේ කොරෝනා වසංගත කාලේ මිනිස්සු වෙනුවෙන් වෙන් කරලා තිබුණ මුදල් පාලකයන් අයුතු විදිහට එයාලගෙම ප්‍රයෝජනයට අරන් තියෙනවා. ඒ නිසා නියම විදිහට මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න සමහර රටවල්වලට සල්ලි තිබුණේ නැහැ. ඒකෙන් මිනිස්සු ගොඩක් දුක් වින්දා. සමහරුන්ගේ ජීවිත පවා නැති වුණා.

මුළු ලෝකෙටම බලපාලා තියෙන මේ ප්‍රශ්නේ ගැන බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති වන ඩේවිඩ් කැමරන් මෙහෙම කියනවා. “අල්ලස, දූෂණය කියන්නේ හරියට මකුළු දැලක් වගේ. හැම රටක්ම ඒ දැලේ පැටලිලායි තියෙන්නේ.”

හැබැයි අපි දන්නවා ආණ්ඩුවලින් සිද්ධ වෙන මේ වංචා, දූෂණ හැම එකක්ම ළඟදීම නැත්තටම නැති වෙනවා කියලා. ඒ කොහොමද? බලන්න බයිබලේ ඒ ගැන කියන දේ.

වංචාවට, දූෂණයට විරුද්ධව දෙවියන් පියවර ගන්නවා කියලා අපි දන්නේ කොහොමද?

බයිබලේ මෙහෙම කියලා තියෙනවා. “යෙහෝවා දෙවි වන මම යුක්තියට ප්‍රිය කරමි. අධර්මිෂ්ඨකමත් සොරකමත් මම හෙළාදකිමි.”b (යෙසායා 61:8) වංචාව, දූෂණය දෙවියන්ගේ ඇස්වලින් වසං කරන්න කාටවත් බැහැ. ඒවා නිසා මිනිස්සු පීඩා විඳින විදිහ දෙවියන් දකිනවා. (හිතෝපදේශ 14:31) ඒ නිසයි ඔහු මෙහෙම පොරොන්දු වෙන්නේ. ‘පීඩිත අයගේ දේපළ උදුරාගත් හැටි මම දුටුවෙමි. එබැවින් දැන් මම නැඟී සිටිමි.’—ගීතාවලිය 12:5.

දෙවියන් මේ ප්‍රශ්නේ කොහොම විසඳයිද? මිනිස් ආණ්ඩුවල වැරදි හදලා ඒවාම ආයෙත් බලයට පත් කරනවා වෙනුවට දෙවියන් ඒ හැම ආණ්ඩුවක්ම සම්පූර්ණයෙන්ම අයින් කරලා ඔහුගේ ආණ්ඩුවක් මේ පොළොවට ගේනවා. ඒ ආණ්ඩුව හඳුන්වන්නේ “දෙවිගේ රාජ්‍යය” කියලයි. (මාක් 1:14, 15; මතෙව් 6:10) බයිබලේ ඒ ගැන මෙහෙම කියනවා. ‘ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.’ (දානියෙල් 2:44) ඒ විදිහටයි අද සිද්ධ වෙන වංචාවට, දූෂණයට දෙවියන් නැවතීමේ තිත තියන්න යන්නේ.

අල්ලසෙන්, දූෂණයෙන් තොර ආණ්ඩුවක්!

දෙවියන් ගේන ආණ්ඩුවේ අල්ලසට, දූෂණයට කිසිම ඉඩක් නැහැ. ඒක අපි දන්නේ කොහොමද? මේ හේතු බලන්න.

  1. 1. බලය. මේ ආණ්ඩුවට බලය ලැබෙන්නේ සියලු බලැති දෙවියන්ගෙන්.—එළිදරව් 11:15.

    ඒක වැදගත් ඇයි? මිනිස් ආණ්ඩු රඳා පවතින්නේ මහජනතාවගේ සල්ලි මත. ඒ නිසයි මෙච්චර හොරකම්, වංචා සිද්ධ වෙන්නේ. ඒ වගේම ඒ නිසා පාලකයන්ටත් අවස්ථාව උදා වෙලා තියෙනවා අයුතු විදිහට මිනිස්සුන්ගේ සල්ලි ගසා කන්න. හැබැයි දෙවියන්ගේ ආණ්ඩුවට මිනිස්සුන්ගේ සල්ලි ඕනෙ නැහැ. මොකද ඒක රඳා පවතින්නේ සියලු බලැති දෙවියන් මත. ඒ නිසයි මිනිස්සුන්ව හූරා කනවා වෙනුවට මිනිස්සුන්ට අවශ්‍ය දේවල් දෙන්න දේවරාජ්‍යයට පුළුවන්.—ගීතාවලිය 145:16.

  2. 2. පාලකයා. දේවරාජ්‍යයේ පාලකයා විදිහට දෙවියන් යේසුස්ව පත් කරලා තියෙනවා.—දානියෙල් 7:13, 14.

    ඒක වැදගත් ඇයි? කොච්චර හොඳ පාලකයෙක් වුණත් කාලයක් යද්දී අනිත් අයගේ බලපෑමට යට වෙලා වැරදි දේවල් කරන්න පෙලඹෙන්න පුළුවන්. (දේශනාකාරයා 7:20) හැබැයි යේසුස් ඊට වඩා වෙනස්. අල්ලස් දීලා ඔහුව නම්මගන්න කාටවත් බැහැ. ඒක ඔහු දැනටමත් ඔප්පු කරලයි තියෙන්නේ. (මතෙව් 4:8-11) යේසුස් හැම දෙයක්ම කරන්නේ ආදරෙන් පෙලඹිලා. ඔහු හැමතිස්සෙම වැඩ කරන්නේ යටත් වැසියන්ගේ යහපත ගැන හිතලා.—ගීතාවලිය 72:12-14.

  3. 3. නීති. දේවරාජ්‍යයේ නීති පරිපූර්ණයි. ඒවා පිළිපදින අයගේ හිතට ලොකු සතුටක් ලැබෙනවා.—ගීතාවලිය 19:7, 8.

    ඒක වැදගත් ඇයි? හුඟක් වෙලාවට මිනිස්සු දාන නීති හරිම සංකීර්ණයි. ඒවා නිසා මිනිස්සු මත ලොකු බරක් පැටවෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ඕනම කෙනෙක්ට ඒවායින් රිංගන්න පුළුවන්. ඒ නිසයි වංචාව, දූෂණය අද ලෝකේ රජ කරන්නේ. හැබැයි දෙවියන්ගේ නීති ඊට වඩා වෙනස්. ඒවා ප්‍රායෝගිකයි. ඒවා පිළිපදින එකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. (යෙසායා 48:17, 18) ඒ වගේම ඒ නීති නිසා නරක ක්‍රියාවලින් විතරක් නෙවෙයි මිනිස්සුන්ව නරක සිතුවිලිවලිනුත් ආරක්ෂා වෙනවා. (මතෙව් 22:37, 39) දෙවියන්ට මිනිස්සුන්ගේ හිත් කියවන්න පුළුවන් නිසා ඔහු හැම කෙනෙක් ගැනම හොඳට දන්නවා. ඒ නිසා ඔහු නීති ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මුහුණ දෙන හැම තත්වයක්ම සැලකිල්ලට අරගෙනයි.—යෙරෙමියා 17:10.

අනාගතේදී වංචා, දූෂණ නැති වෙන විදිහ ගැන තවත් තොරතුරු බයිබලෙන් දැනගන්න කැමතිද? ඒකට මේ දේවල් ඔයාට උදව් වෙයි.

  • දෙවියන්ගේ ආණ්ඩුව කවදාවත් අල්ලසට, දූෂණයට නැමෙන්නේ නැහැ කියලා විශ්වාසය කරන්න තවත් හේතු තුනක් දැනගන්න “දේවරාජ්‍යය - අල්ලස් හා දූෂණ නැති ආණ්ඩුවක්!” කියන ලිපිය බලන්න.

  • දේවරාජ්‍යය ගැනත් ඒකෙන් ළඟදීම කරන්න යන දේවල් ගැනත් දැනගන්න ‘දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?’ කියන වීඩියෝ එක බලන්න.

  • දෙවියන් පොරොන්දු වෙලා තියෙන දේවල් ඔයාට ප්‍රයෝජනවත් වෙන විදිහ දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබල් සාකච්ඡාවක් පටන්ගන්න.

a එක නිර්වචනයකට අනුව “වංචාව, දූෂණය” කියන්නේ තමන්ගේ වාසියට බලය අයුතු විදිහට පාවිච්චි කරන එකටයි

b යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න “යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

වංචාව, දූෂණය වගේ දේවල් නිසා මිනිස්සුන්ට දුක් විඳින්න දෙවියන් ඉඩ හැරලා තියෙන්නේ ඇයි කියලා දැනගන්න ‘දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න