ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 34 ලිපිය
  • ත්‍රස්තවාදය නැති කාලයක් එයිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ත්‍රස්තවාදය නැති කාලයක් එයිද?
  • තවත් ලිපි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ත්‍රස්තවාදය ගැන දෙවියන් හිතන්නේ කොහොමද?
  • ත්‍රස්තවාදයට මුල
  • ත්‍රස්තවාදය නැති කාලයක්
  • සැබෑ සාමයක්! ලොව පුරා
    2006 පිබිදෙව්!
  • ලෙයින් නැහැවුණු ඉතිහාසයක්
    2006 පිබිදෙව්!
  • අත්හදා බැලීමට යෝජනා
    2011 අපගේ රාජ්‍ය සේවාව
  • “භය නොවන්න. ත්‍රස්ත නොවන්න”
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
තවත් ලිපි
mrt 34 ලිපිය
ගිනි නිවන භටයෙක් කඩා වැටුණු ගොඩනැඟිලිවල හිර වෙලා ඉන්න අයට එළියට එන්න උදව් කරමින්.

ත්‍රස්තවාදය නැති කාලයක් එයිද?

ත්‍රස්තවාදී ක්‍රියාවක් වුණාම හුඟක් අය මෙහෙම හිතනවා. ‘දෙවියන් ඇත්තටම අපි ගැන සැලකිලිමත්ද? ඇයි මේ වගේ දේවල් වෙන්නේ? ත්‍රස්තවාදයa නැති කාලයක් කවදා හරි එයිද? මං කොහොමද මේ බයෙන් ගොඩ එන්නේ?’ ඒ වගේ ප්‍රශ්නවලට උත්තර බයිබලෙන් හොයාගන්න පුළුවන්.

ත්‍රස්තවාදය ගැන දෙවියන් හිතන්නේ කොහොමද?

අපරාධ, මිනී මැරුම්, ත්‍රස්තවාදය වගේ දේවල් දෙවියන් පිළිකුල් කරනවා. (ගීතාවලිය 11:5; හිතෝපදේශ 6:16, 17) එක අවස්ථාවක යේසුස් ඔහුගේ ගෝලයන් දරුණු විදිහට හැසිරුණාම එයාලට තදින් අවවාද කළා. (මතෙව් 26:50-52) ප්‍රචණ්ඩකාරී දේවල් කරන සමහර අය කියනවා එයාලා ඒ දේවල් කරන්නේ දෙවියන් වෙනුවෙන් කියලා. හැබැයි දෙවියන් කවදාවත් ඒ වගේ දේවල් කරන්න අවසර දීලා නැහැ. අඩුම තරමේ ඒ වගේ අයගේ යාච්ඤාවලටවත් දෙවියන් ඇහුම්කන් දෙන්නේ නැහැ.—යෙසායා 1:15.

ත්‍රස්තවාදයෙන් බැට කන අය ඇතුළු දුක් විඳින හැමෝම ගැන දෙවියන් ඇත්තටම සැලකිලිමත් වෙනවා. (ගීතාවලිය 31:7; 1 පේතෘස් 5:7) දෙවියන් ළඟදීම මේ සිද්ධ වෙන හැම අපරාධයක්ම අවසන් කරන්න යනවා කියලා බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා.—යෙසායා 60:18.

ත්‍රස්තවාදයට මුල

බයිබලේ කියනවා “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත” කියලා. (දේශනාකාරයා 8:9) ඇත්තටම ත්‍රස්තවාදයට මුල් වෙලා තියෙන හේතුවත් ඒකම තමයි. ඉතිහාසය පුරාම බලය තියෙන අය එයාලගේ බලපුළුවන්කාරකම් පෙන්නන්න ත්‍රස්තවාදී ක්‍රියා කරලා තියෙනවා. ඒවායින් බැට කන අයත් ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන්න පෙලඹිලා තියෙනවා.—දේශනාකාරයා 7:7.

ත්‍රස්තවාදය නැති කාලයක්

ත්‍රස්තවාදය ඇතුළු මිනිසුන් බයෙන් ඉන්න හැම දෙයක්ම නැති කරලා පොළොවට සාමය උදා කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. (යෙසායා 32:18; මීකා 4:3, 4) ඔහු ඒ දේ කරන්නේ කොහොමද?

  • ත්‍රස්තවාදයට හේතු වෙලා තියෙන ප්‍රධානම දේ නැති කරනවා. දෙවියන් පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම නැති කරලා මුළු පොළොවටම එක ආණ්ඩුවක් පිහිටුවනවා. ඒ ආණ්ඩුවේ රජ විදිහට ඔහු පත් කරලා තියෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ව. ඔහු හැමෝටම යුක්තිය ඉටු කරලා දෙනවා. ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ඔහු නැත්තටම නැති කරලා දානවා. (ගීතාවලිය 72:2, 14) ඒ කාලේදී ත්‍රස්තවාදී ක්‍රියාවලට කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට මිනිසුන් ‘දසත පැතිරී තිබෙන සාමය නිසා මහත් සේ ප්‍රීති වෙනවා.’—ගීතාවලිය 37:10, 11.

  • ත්‍රස්තවාදය නිසා ඇති වෙලා තියෙන හැම නරක දෙයක්ම නැති කරනවා. ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා ශාරීරිකව, මානසිකව වේදනා විඳින හැමෝටම දෙවියන් සුවයක් ලබා දෙනවා. (යෙසායා 65:17; එළිදරව් 21:3, 4) ඒ විතරක් නෙවෙයි ජීවිත නැති වෙලා තියෙන අයට ආයෙත් ජීවිතය දෙනවා කියලත් ඔහු පොරොන්දු වෙලා තියෙනවා.—යොහන් 5:28, 29.

බයිබලේ තියෙන තොරතුරුවලින් පැහැදිලි වෙනවා දෙවියන් ඒ දේවල් කරන්න යන කාලය අත ළඟටම ඇවිත් කියලා. ඒත් සමහරවිට ඔයාට හිතෙයි දෙවියන් තාමත් ත්‍රස්තවාදය නැති කරලා නැත්තේ ඇයි කියලා. ඒකට උත්තරේ දැනගන්න ඔයා කැමති නම් ‘දෙවියන් දුක් වේදනාවලට ඉඩහරින්නේ ඇයි?’ කියන වීඩියෝ එක බලන්න.

a සාමාන්‍යයෙන් “ත්‍රස්තවාදය” විදිහට හඳුන්වන්නේ යම් ආණ්ඩුවක, ආගමක නැත්නම් සමාජයේ වෙනසක් කරන අරමුණින් ප්‍රචණ්ඩ ක්‍රියා කරන එකට. නැත්නම් එහෙම කරනවා කියලා තර්ජනය කරන එකට. ත්‍රස්තවාදීන් හුඟක් වෙලාවට ඉලක්ක කරන්නේ සාමාන්‍ය ජනයාව. ඒත් ඒ වගේ ක්‍රියාවක් ඇත්තටම ත්‍රස්තවාදී ක්‍රියාවක් විදිහට සලකන්න බැහැ කියලා තර්ක කරන අයත් ඉන්නවා.

බයිබලෙන් උදව්

බයිබලේ කියලා තියෙන මේ දේවල් දෙක ඔයාට උදව් වෙයි.

  • දෙවියන්ට යාච්ඤා කරන්න.—ෆිලිප්පි 4:6, 7.

  • බයිබලේ තියෙන බලාපොරොත්තුව ගැන හිතන්න.—හෙබ්‍රෙව් 6:19.

බයිබලේ දීලා තියෙන ඒ වගේ තවත් මඟ පෙන්වීම් ගැන දැනගන්න “හිතේ බර සැහැල්ලු කරගන්න” කියන ලිපිය බලන්න.

ත්‍රස්තවාදයට ගොදුරු වුණ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ට විඳදරාගන්න ක්‍රිස්තියානි යාළුවන් උදව් කරලා තියෙනවා. ඒ වගේ අද්දැකීම් දෙකක් බලමු.

  • රුසියාවේ බෙස්ලාන්වල ඉස්කෝලෙක මැරුණු අය වෙනුවෙන් මල්වඩම් තියලා.

    නටාල්යාගේ සහ නව හැවිරිදි එයාගේ පුතා වන අස්ලාන්ගේ අද්දැකීම බලන්න. දවසක් එයාලා රුසියාවේ බෙස්ලාන්වල තිබුණු ඉස්කෝලෙක ඉද්දී අවි ගත්ත ත්‍රස්තවාදීන් පිරිසක් එකපාරම ඉස්කෝලෙට කඩා පැන්නා. ඉස්කෝලේ හිටපු 1,000කට වඩා වැඩි පිරිසක්ව එයාලා ප්‍රාණ ඇපකරුවන් විදිහට තියාගත්තා. සිය ගාණකට එයාලගේ ජීවිත අහිමි වුණා. ඒ අතර වැඩිපුරම හිටියේ දරුවන්. එදා නටාල්යාගෙයි අස්ලාන්ගෙයි ජීවිත බේරුණත් එයාලා හිටියේ ලොකු කම්පනයකින්. ඒ තත්වයෙන් ගොඩ එන්න එයාලට උදව් වුණේ මොනවාද කියලා බලන්න.

  • පැබ්ලෝ සහ සෝෆි.

    පැබ්ලෝගේ සහ සෝෆිගේ අද්දැකීම බලන්න. නිව් යෝක්වල නිවුන් කුළුණුවලට ප්‍රහාරයක් එල්ල වුණ දවසේ එයාලගේ පුතාගේ ජීවිතෙත් නැති වුණා. ඒ දෙන්නාටත් ත්‍රස්තවාදී ක්‍රියාවලට මුහුණ දීපු තවත් අයටත් ආයෙත් යථා තත්වෙට එන්න උදව් වුණේ මොනවාද කියලා මේ වීඩියෝ එකෙන් බලන්න.

හිතන විදිහ වෙනස් කරගන්න බයිබලේ උදව් වෙනවා

ලෝකේ වටේම සිද්ධ වෙන දරුණු, අසාධාරණ දේවල් ගැන හුඟක් මිනිස්සු ඉන්නේ ලොකු කේන්තියකින්. ඒ දේවල් නැති කරන්න නම් ප්‍රචණ්ඩකාරී, සැහැසික දේවල් කරන්නම වෙනවා කියලයි එයාලට හිතෙන්නේ. හැබැයි එයාලා හිතන විදිහ වෙනස් කරගන්න පුළුවන්ද? ඔව්. බයිබලේ තියෙන තොරතුරු ඒ දේ කරන්න සමහර අයට උදව් වෙලා තියෙන්නේ කොහොමද කියලා දැනගන්න “ත්‍රස්තවාදයෙන් තොර ලොවක්!” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න