ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 33 ලිපිය
  • ළඟදීම ලෝකය විනාශ වෙයිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ළඟදීම ලෝකය විනාශ වෙයිද?
  • තවත් ලිපි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පෘථිවිය විනාශ වෙයිද?
  • මේ ලෝකය විනාශ වෙයිද?
  • ලෝක විනාශය වෙන්නේ කවදාද?
  • දෙවියන් කැමති විදිහට ජීවත් වෙන අයට ලැබෙන ආශීර්වාද මොනවාද?
  • එළිදරව්වේ ඉටුවීම ගැන ප්‍රීති වෙමු!
    එළිදරව්වේ—අවසන් ඉටුවීම අත ළඟයි!
  • ලෝකාන්තිමය—ජනිත වන්නේ බියක්ද, බලාපොරොත්තුවක්ද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලෝකාන්තිමය ගැන මෙතරම් බියක් මන්ද?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එළිදරව් පොතෙන් “ශුභාරංචි”
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
තවත් ලිපි
mrt 33 ලිපිය
පෘථිවිය ගිනිගන්නවා.

ළඟදීම ලෝකය විනාශ වෙයිද?

ළඟදීම ලෝක විනාශයක් එයිද කියලා හුඟක් අය කල්පනා කරනවා. ඔයාට ඒ ගැන මොකද හිතෙන්නේ? ලෝක විනාශයෙන් කිසිම කෙනෙක් බේරෙන එකක් නැද්ද? පත්තරවල තියෙන මේ වගේ ප්‍රවෘත්ති නිසා හුඟක් අයට එහෙම හිතෙනවා.

  • “හිතාමතාම හරි අත්වැරදීමකින් හරි වරදවා වටහාගැනීමකින් හරි න්‍යෂ්ටික යුද්ධයක් ඇති වෙන ලකුණු තියෙනවා.”—Bulletin of the Atomic Scientists.

  • “වෙන කවරදාටත් වඩා වැඩියෙන් පහුගිය අවුරුදු දහය ඇතුළත දරුණු සුළි කුණාටු, ළැව් ගිනි, නියං, කොරල්පර විනාශ වීම, ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සහ ගංවතුර ලෝකේ පුරාම සිද්ධ වෙලා තියෙනවා.”—National Geographic.

  • “පළඟැටියන් නිසා පහුගිය අවුරුදු කීපය ඇතුළතදී අප්‍රිකාවේ වගාබිම්වලට ලොකු විනාශයක් වෙලා තියෙනවා.”—The Associated Press.

ලෝක විනාශයකින් මුළු පොළොවම විනාශ වෙයිද? බයිබලේ ඒ ගැන කියන්නේ මොනවාද?

පෘථිවිය විනාශ වෙයිද?

නැහැ. බයිබලේ කියන්නේ “පොළොව සදහටම පවතියි” කියලා. (දේශනාකාරයා 1:4) දෙවියන් ළඟදීම විනාශ කරන්න යන්නේ මේ “පොළොව විනාශ කර දමන අයව” මිසක් පොළොව නෙවෙයි.—එළිදරව් 11:18.

මේ ලෝකය විනාශ වෙයිද?

බයිබලේ “ලෝකය” කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ දෙවියන්ගේ මඟ පෙන්වීම් කනකටවත් ගන්නේ නැතුව තමන්ගේ ආශාවන්වලට අනුව ජීවත් වෙන මිනිසුන්ව විස්තර කරන්න. නෝවාගේ කාලේදී කළා වගේ දෙවියන් ළඟදීම විනාශ කරන්න යන්නේ ඔහුට “කිසි ගෞරවයක් නොදක්වන” මිනිසුන්ව.—2 පේතෘස් 2:5; 3:7.

1 යොහන් 2:17 කියනවා “මේ ලෝකයත් එහි පවතින ආශාවනුත් නැති වී යනවා” කියලා. ඒ පදයෙන් අදහස් වෙන්නේ දෙවියන් මේ පෘථිවිය විනාශ කරනවා කියන එක නෙවෙයි. ඒ වෙනුවට දිගින් දිගටම වැරදි කරන අයව ඔහු විනාශ කරනවා කියන එකයි.

ලෝක විනාශය වෙන්නේ කවදාද?

ඒක වෙන්නේ කවදාද කියලා බයිබලේ හරියටම කියලා නැහැ. (මතෙව් 24:36) හැබැයි ඒක ළඟයි කියලා තේරුම්ගන්න උදව් වෙන තොරතුරු ඒකේ තියෙනවා. ඒ ගැන බයිබලේ කලින්ම සඳහන් වෙලා තියෙන දේවල් කීපයක් බලන්න.

  • යුද්ධ, ආහාර හිඟකම්, වසංගත සහ දරුණු භූමිකම්පා වගේ දේවල් “එක් තැනක් පාසා තවත් තැනක” සිද්ධ වෙනවා.—මතෙව් 24:3, 7, 14; ලූක් 21:10, 11; එළිදරව් 6:1-8.

  • හුඟක් මිනිස්සු හිතන්නේ තමන් ගැනම විතරයි. උදාහරණෙකට ඒ අය “මුදලට ලොල් වෙලා” ඉන්නවා. ‘ස්තුතිවන්ත වෙන්නේ නැහැ.’ ‘තමන්වම පාලනය කරගන්නේ නැහැ.’—2 තිමෝති 3:1-5.

බයිබලේ කලින්ම කියලා තිබුණු ඒ දේවල් 1914 ඉඳන් ලෝකේ පුරාම සිද්ධ වෙනවා කියලා හුඟදෙනෙක් පිළිගන්නවා. ඒ ගැන තවත් තොරතුරු දැනගන්න “බයිබල් කාල වකවානුවලට අනුව 1914 විශේෂ අවුරුද්දක්ද?“ සහ ”විනාශය ළඟයි කියන්න තියෙන ලකුණ මොකක්ද?” කියන ලිපි බලන්න.

දෙවියන් කැමති විදිහට ජීවත් වෙන අයට ලැබෙන ආශීර්වාද මොනවාද?

‘යේසුස් එළිදරව් වන අවස්ථාවේදී’ ඔහු කරන්න යන දේ ගැන බයිබලේ කියන්නේ ඔහු හැම දුෂ්ටකමක්ම නැති කරලා දෙවියන්ට කීකරු වෙන අයට ආශීර්වාද කරනවා කියලයි.—2 තෙසලෝනික 1:6, 7; 1 පේතෘස් 1:7, 13.

අනාගතයේදී සිද්ධ වෙන්න යන දේවල් ගැන බයිබලේ අන්තිම පොතේ විස්තර කරලා තියෙනවා. (එළිදරව් 1:1) අපිට තියාගන්න පුළුවන් ලස්සන බලාපොරොත්තුවක් ගැනත් ඒ පොතෙන් අපිට දැනගන්න පුළුවන්. (එළිදරව් 1:3) ළඟදීම දෙවියන් මුළු පොළොවම පාරාදීසයක් කරන්න යනවා. ඒ කාලේදී මිනිසුන් ලෙඩ වෙන්නේවත් දුක් විඳින්නේවත් මැරෙන්නේවත් නැහැ.—එළිදරව් 21:3, 4.

බයිබලේ කියලා තියෙන ඒ දේවල් ගැන තව දැනගන්න ඔයා කැමතිද? එහෙනම් ඔයාගේ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැහෙන්න. බයිබලේ තියෙන තොරතුරු කියලා දෙන්න එයාලා ආසාවෙන් ඉන්නවා. ඒකට කිසිම අය කිරීමක් කරන්නේ නැහැ.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න