ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 98 ලිපිය
  • ලකුණු අඩුයි නම් මොකද කරන්නේ?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලකුණු අඩුයි නම් මොකද කරන්නේ?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔයාට කරන්න පුළුවන් දේ
  • මගේ ලකුණු මට්ටම වැඩි දියුණු කිරීමට මට හැක්කේ කෙසේ ද?
    යෞවනයන් අසන න—ක්‍රියාවට නැගිය හැකි තුරු
  • වැඩියෙන් ලකුණු ගන්න දරුවාට උදව් කරන්නේ කොහොමද?
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ මං ඉවර කරන්නේ කොහොමද?
    යොවුන් සිතේ ගැටලු
  • පාසැලෙන් දෙන ගෙදර වැඩ කරන්න මම වේලාව හොයාගන්නේ කොහොමද?
    2004 පිබිදෙව්!
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 98 ලිපිය
ඉස්කෝලෙන් එළියට එන යෞවනයන් කීපදෙනෙක්. ලකුණු අඩු වෙලා තියෙන නිසා තමන්ගේ ප්‍රශ්න පත්‍රය දිහා දුකින් බලන් ඉන්න යෞවනියක්.

යොවුන් සිතේ ගැටලු

ලකුණු අඩුයි නම් මොකද කරන්නේ?

“සමහර ළමයි පන්තියට එද්දී අච්චු පොත් අරන් එන්නේවත් නෑ. ටීචර් උගන්වද්දී එයාලා හෙඩ්ෆෝන් දාගෙන සිංදු අහනවා. හැබැයි විභාගෙට ලකුණු අඩු වුණාම එයාලා දාහතේ කල්පනා කරනවා ඇයි එහෙම වුණේ කියලා. එයාලට විතරක් නෙවෙයි මං වගේ පණ දාගෙන පාඩම් කරන ළමයින්ටත් ලකුණු අඩු වෙනවා. එහෙම වෙන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ. සතියක් තිස්සේ නිදි මරාගෙන පාඩම් කරලත් මට එහෙම වෙලා තියෙනවා. එහෙම වෙද්දී මට ගොඩක් දුක හිතෙනවා.”—යෝලන්ඩා.

කවදා හරි ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? එක සැරයක් හරි එක දිගටම හරි ලකුණු අඩු වෙද්දී ඕනම කෙනෙක් කලකිරෙන්න ඉඩ තියෙනවා.

සමහර යෞවනයන් ලකුණු අඩු වෙද්දී පාඩම් කරන එක අත්හැරලාම දානවා. තවත් අය ඉස්කෝලේ යන එක නවත්වන්නත් ඉඩ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ විසඳගන්න ඊට වඩා හොඳ ක්‍රමයක් තියෙනවා. ලකුණු වැඩි කරගන්න ඔයාට උදව් වෙන යෝජනා හයක් බලමු.

  • ඔයාට කරන්න පුළුවන් දේ

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

ඔයාට කරන්න පුළුවන් දේ

  • හැමදාම ඉස්කෝලේ යන්න. ‘ඒක හැමෝම දන්න දෙයක්නේ’ කියලා ඔයාට හිතෙයි. හැබැයි ඔයා ඉස්කෝලේ යන්න හොරයි නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ලකුණු අඩු වෙයි.

    “අපේ ඉස්කෝලෙත් සමහර ළමයි හුඟක් වෙලාවට ඉස්කෝලේ ආවේ නෑ. ඒ වගේ ළමයින්ට එයාලගේ ලකුණු වැඩි කරගන්න කිසිම උවමනාවක් තිබ්බේ නෑ. හැබැයි ඒකෙන් පාඩුවක් වුණේ එයාලටම තමයි.”—මැතිව්.

    බයිබල් ප්‍රතිපත්තිය: “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.”—ගලාති 6:7.

  • උගන්වන දේවලට හොඳ අවධානයක් දෙන්න. ඉස්කෝලේ ගියාට විතරක් මදි. ලකුණු වැඩි කරගන්න නම් ඔයාගේ පැත්තෙන් වෑයමක් දරන්නත් ඕනේ. ඒ නිසා ගුරුවරයා උගන්වද්දී හොඳින් අවධානය දෙන්න. සටහන් ගන්න. උගන්වන දේවල් හොඳින් තේරුම්ගන්න උත්සාහ කරන්න. උගන්වන අතරතුරේදී ප්‍රශ්න අහන්න අවසර තියෙනවා නම් ගුරුවරයාගෙන් ප්‍රශ්න අහන්න.

    “පන්තියේදී සාමාන්‍යයෙන් මං ටීචර්ගෙන් හුඟක් ප්‍රශ්න අහනවා. මොකද උගන්වපු දේ හරියට අපිට තේරිලා නෑ කියලා ටීචර් දැනගත්තාම එයා තවත් හොඳින් දේවල් පැහැදිලි කරලා දෙනවා.”—ඔලීවියා.

    බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ හොඳින් සවන් දෙනවාද කියා සිතා බලන්න.”—ලූක් 8:18.

  • වංක වෙන්න එපා. ඉස්කෝලේ යන ළමයි විවිධ අවස්ථාවලදී වංක විදිහට කටයුතු කරන්න පෙලඹෙනවා. උදාහරණෙකට සමහර ළමයි වෙන ළමයෙක් කරපු දෙයක් කොපි කරන්න පෙලඹෙනවා. එහෙම කරන ළමයෙක්ට කිසිම දෙයක් හරියට ඉගෙනගන්න පුළුවන් වෙන්නේ නැහැ.

    “විභාගයකට ලියද්දී ප්‍රශ්නයකට උත්තරේ දන්නේ නැත්නම් අනිත් ළමයින්ගෙන් කොපි කරන්න එපා. කොපි කරන එකෙන් ඔයාට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ. එහෙම කරද්දී ඔයා කවදාවත් තනියෙන් ප්‍රශ්න විසඳගන්න ඉගෙනගන්නේ නෑ. ඔයා හැමදාමත් අනිත් අය මත යැපෙන කෙනෙක් වෙයි.”—ජොනතන්.

    බයිබල් ප්‍රතිපත්තිය: “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන.”—ගලාති 6:4.

  • ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ මුලින්ම කරන්න. පුළුවන් නම් අනිත් දේවල් කරන්න කලින් විශේෂයෙන්ම විනෝද වෙන්න කලින් ඔයාගේ ගෙදර වැඩ ටික ඉවර කරන්න.a ඊටපස්සේ ඔයාට කැමති දෙයක් කරන්න ඕන තරම් කාලය තියෙනවා.

    “ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ ටික තමයි මං මුලින්ම කරන්න බලන්නේ. ඒකෙන් මගේ ලකුණු වැඩි කරගන්න මට පුළුවන් වෙලා තියෙනවා. ගෙදර ආපු ගමන් මට හිතෙන්නෙම පොඩි නින්දක් දාන්න. එහෙමත් නැත්නම් සිංදුවක් අහන්න. හැබැයි මං එහෙම කරන්නේ නැතුව කොහොමහරි මගේ ගෙදර වැඩ ටික ඉවර කරනවා.”—කැල්වින්.

    බයිබල් ප්‍රතිපත්තිය: “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.”—ෆිලිප්පි 1:10.

  • උදව් ඉල්ලන්න. අනිත් අයගෙන් උදව් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. ඔයාගේ දෙමාපියන්ගෙන් උපදෙස් ගන්න. ඔයාගේ ලකුණු වැඩි කරගන්න ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා ගුරුවරයාගෙන් අහන්න. සමහරවිට විෂය හොඳින් තේරුම්ගන්න අමතර පන්තියකට වුණත් යන්න ඔයාට පුළුවන්.

    “කෙළින්ම ටීචර් එක්ක කතා කරන්න. විෂය හොඳින් තේරුම්ගන්නත් ලකුණු වැඩි කරගන්නත් ටීචර්ගෙන් උදව් ඉල්ලන්න. ඉස්කෝලේ වැඩ හොඳට කරන්න ඔයාට ලොකු උනන්දුවක් තියෙනවා කියලා දැක්කාම ටීචර්ත් සතුටින් ඔයාට උදව් කරයි.”—ඩේවිඩ්.

    බයිබල් ප්‍රතිපත්තිය: “උපදේශකයන් බොහෝදෙනෙකු සිටින විට සැලසුම් සාර්ථක වෙයි.”—හිතෝපදේශ 15:22.

  • හැම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න. සමහර රටවල බෝනස් ප්‍රශ්නවලට උත්තර ලියලා විභාගේ ලකුණු වැඩි කරගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම අමතර අභ්‍යාස, පැවරුම් වගේ දේවල් කරලා ලකුණු වැඩි කරගන්නත් අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි විභාගයකින් අසමත් වුණොත් ඒ විභාගයම ආපහු කරන්නත් අවස්ථාව තියෙනවා.

    නිදන කාමරේ ඉඳන් ගිටාර් එක ප්ලේ කරන යෞවනියක්.

    ඔයාගේ ලකුණු වැඩි කරගන්න වෑයම් කරන එක හරියට සංගීත භාණ්ඩයක් වාදනය කරන්න ඉගෙනගන්නවා වගේ දෙයක්. ඒ වෙනුවෙන් හුඟක් මහන්සි වෙන්න වුණත් අන්තිමට හොඳ ප්‍රතිඵල ලැබෙනවා

    “දුර්වල විෂයකට ලකුණු වැඩි කරගන්න ඕනෙ නම් මංම තමයි ඒ වෙනුවෙන් දෙයක් කරන්න ඕනේ. ඒ හින්දා මං ටීචර්ගෙන් අහලා බලනවා අභ්‍යාස, පැවරුම් වගේ දේවල් කරලා මගේ ලකුණු වැඩි කරගන්න පුළුවන්ද කියලා.”—මකෙන්සි.

    බයිබල් ප්‍රතිපත්තිය: “වෙහෙස මහන්සි වී කරන සෑම වැඩකින්ම ප්‍රයෝජන අත් වෙයි.”—හිතෝපදේශ 14:23.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

ඇලෙක්සැන්ඩ්‍රා.

“ඉස්කෝලේ යන කාලේ ඔයාට ආයෙත් ලැබෙන්නේ නෑ. ඉගෙනගන්න ඔයා දරන වෑයම අනුව තමයි ඔයාට ප්‍රතිඵල ලැබෙන්නේ.”—ඇලෙක්සැන්ඩ්‍රා.

ඉලයිජා.

“ලකුණු වැඩි කරගන්න ඔයාට ඕනෙ කියලා ගුරුවරුන්ට කියන්න. මං ඉස්කෝලේ යන කාලේ මගේ ලකුණු වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලා ගුරුවරුන්ගෙන් ඇහුවා. ඒ වෙනුවෙන් කරපු පැවරුමක් ආයේ කරන්න එහෙමත් නැත්නම් වැඩිපුර ගෙදර වැඩ කරන්න වුණත් මං කැමති වුණා.”—ඉලයිජා.

මකෙන්සි.

“ටීචර් ඔයා ගාවට එන කල් ඉන්නේ නැතුව ඔයාම ගිහින් ටීචර්ගෙන් උදව් ඉල්ලන්න. ලකුණු වැඩි කරගන්න ඔයාට ලොකු උනන්දුවක් තියෙනවා කියලා දකිද්දී ටීචර් කැමැත්තෙන්ම ඔයාට උදව් කරයි.”—මකෙන්සි.

සාරාංශය: ලකුණු අඩුයි නම් මොකද කරන්නේ?

  1. හැමදාම ඉස්කෝලේ යන්න.

  2. උගන්වන දේවලට හොඳ අවධානයක් දෙන්න.

  3. වංක වෙන්න එපා.

  4. ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ මුලින්ම කරන්න.

  5. උදව් ඉල්ලන්න.

  6. හැම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.

a ඉස්කෝලේ වැඩ තවත් හොඳින් කරන්න උදව් වෙන යෝජනා ගැන දැනගන්න “යොවුන් සිතේ ගැටලු . . . ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ මං ඉවර කරන්නේ කොහොමද?” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න