ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwyp 97 ලිපිය
  • මම සමාව ඉල්ලන්න ඕනෙමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මම සමාව ඉල්ලන්න ඕනෙමද?
  • යොවුන් සිතේ ගැටලු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සමාව ඉල්ලන්න ඕනෙ ඇයි?
  • සමාව ඉල්ලන්න ඕනෙ කොහොමද?
  • විවාහයේ සතුට රැකගන්න: සමාව ඉල්ලන්න
    පවුලේ හැමෝටම මඟ පෙන්වීම්
  • ඔබ සැබවින්ම සමාව ඉල්ලිය යුතුද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාව ඉල්ලන්න
    2015 පිබිදෙව්!
  • සමාව ඉල්ලීම මෙතරම් අමාරු ඇයි?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
යොවුන් සිතේ ගැටලු
ijwyp 97 ලිපිය
පන්තියේ ඉඳගෙන ඉන්න ශිෂ්‍යයෙක්ට ගුරුවරයා බණිනවා.

යොවුන් සිතේ ගැටලු

මම සමාව ඉල්ලන්න ඕනෙමද?

මේ වගේ අවස්ථාවලදී ඔයා කරන්නේ මොනවාද?

  1. පන්තියේ හොඳට හැසිරුණේ නැහැ කියලා ඔයාගේ ගුරුවරයා ඔයාට බණිනවා.

    ගුරුවරයා පොඩි දෙයක් ලොකු කරගෙන කියලා ඔයාට හිතුණත් ඔයා එයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙද?

  2. ඔයාගේ යාළුවෙක්ට ඔයා දොස් කිව්වා කියලා එයාට දැනගන්න ලැබෙනවා.

    ඔයා කිව්වේ ඇත්ත කියලා ඔයාට හිතුණත් ඔයා යාළුවාගෙන් සමාව ඉල්ලන්න ඕනෙද?

  3. තාත්තා එක්ක කේන්ති අරන් ඔයා එකට එක කියනවා.

    ඔයාට කේන්ති ගියේ තාත්තා කියපු දෙයක් නිසා කියලා ඔයාට හිතුණත් ඔයා තාත්තාගෙන් සමාව ඉල්ලන්න ඕනෙද?

ඒ ප්‍රශ්න තුනටම උත්තරේ ඔව්. ඒ විදිහට හැසිරෙන්න හොඳ හේතු තිබුණා කියලා ඔයාට හිතුණත් “මට සමාවෙන්න” කියලා ඔයා කියන්න ඕනෙ ඇයි?

  • සමාව ඉල්ලන්න ඕනෙ ඇයි?

  • සමාව ඉල්ලන්න ඕනෙ කොහොමද?

  • ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

සමාව ඉල්ලන්න ඕනෙ ඇයි?

  • ඔයා අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් කියලා ඒකෙන් පේනවා. කියපු දෙයක් ගැන හරි කරපු දෙයක් ගැන හරි ඔයා වගකීම භාරගද්දී ඔයා ඒකෙන් පෙන්වන්නේ වැඩිහිටියෙක් වුණාම ඔයාට ගොඩක් වැදගත් වෙන ගුණාංග වර්ධනය කරගන්න ඔයා දැන් ඉඳන්ම වෑයම් කරනවා කියන එකයි.

    “අපි නිහතමානී ඉවසිලිවන්ත අය නම් සමාව ඉල්ලලා, අනිත් කෙනා කියන දේටත් ඇහුම්කන් දෙනවා.”—රේචල්.

  • සමාව ඉල්ලන එක උදව් වෙනවා නැති වුණු සාමය ආයෙත් ඇති කරගන්න. කෙනෙක් “මට සමාවෙන්න” කියලා කියද්දී ඒකෙන් පැහැදිලි වෙනවා එයාට වැඩියෙන් වැදගත් වෙන්නේ නැති වුණු සාමය ආයෙත් ඇති කරගන්න එක මිසක් තමන් හරි අනිත් කෙනා වැරදියි කියලා ඔප්පු කරන එක නෙවෙයි කියලා.

    “වරද ඔයාගේ නෙමෙයි කියලා හිතුණත් ඔයාට වැදගත් වෙන්න ඕනෙ සමාදාන වෙන එක. ‘මට සමාවෙන්න’ කියන්නේ පුංචි වචන දෙකක්. ඒත් ඒකෙන් යාළුකම රැකගන්න පුළුවන්.”—මීරියම්.

  • සමාව ඉල්ලුවාම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. අපි කියපු කරපු දෙයක් නිසා තව කෙනෙක්ගේ හිත රිදුණොත් ඒක අපේ හිතට ලොකු බරක්. ඒත් සමාව ඉල්ලුවාම ඒ බර සැහැල්ලු වෙනවා.a

    “සමහර වෙලාවට මං අම්මායි, තාත්තායි එක්ක කතා කරද්දී හිතන්නේ බලන්නේ නැතුව දේවල් කිව්වා. මට ඒ ගැන දුක හිතුණත් එයාලගෙන් සමාව ඉල්ලන එක මට ලේසි වුණේ නෑ. ඒත් මං සමාව ඉල්ලුවාම මට ලොකු සැහැල්ලුවක් දැනුණා. මොකද ඒකෙන් පස්සේ අපි අතර තිබුණ බැඳීම තවත් ශක්තිමත් වුණා.”—නීයා.

    යෞවනයෙක් ලොකු ගලක් පිටේ තියාගෙන යනවා.

    තව කෙනෙක්ගේ හිත රිද්දපු නිසා දැනෙන දුක අපේ හිතට ලොකු බරක්. ඒත් සමාව ඉල්ලුවාම ඒ බර සැහැල්ලු වෙනවා

සමාව ඉල්ලන එක ලේසි දෙයක්ද? නැහැ. අම්මාත් එක්ක කේන්තියෙන් කතා කරපු නිසා ඩීනාට කිහිප සැරයක්ම අම්මාගෙන් සමාව ඉල්ලන්න වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “‘මට සමාවෙන්න’ කියලා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ වගේ වෙලාවට මට දැනෙන්නේ හරියට මගේ උගුරේ මොකක් හරි හිර වෙලා වගේ. කටින් වචන එන්නෙත් නෑ.”

සමාව ඉල්ලන්න ඕනෙ කොහොමද?

  • පුළුවන් නම් පුද්ගලයා ගාවටම ගිහිල්ලා සමාව ඉල්ලන්න. එහෙම කරනකොට ඔයා අවංකවම ඒ ගැන දුක් වෙනවා කියලා එයාට තේරෙයි. මෙසේජ් කරලා සමාව ඉල්ලද්දී සමහරවිට ඒ පුද්ගලයා ඔයාව විශ්වාස කරන එකක් නැහැ. ඒ මෙසේජ් එකත් එක්ක ඔයා දුකින් ඉන්නවා කියලා ඇඟවෙන පුංචි පුංචි මුහුණවල් යැව්වත් ඔයා කරන්නේ බොරුවක් කියලා එයාට හිතෙන්න පුළුවන්.

    යෝජනාවක්: පුද්ගලයා ගාවට ගිහිල්ලා සමාව ඉල්ලන්න බැරි නම් එයාට කෝල් එකක් දීලා කතා කරන එක නැත්නම් කාඩ් එකක් යවන එක වඩාත් සුදුසුයි. ඒක කරද්දී ඔයා පාවිච්චි කරන වචන ගැන සැලකිලිමත් වෙන්න.

    බයිබල් ප්‍රතිපත්තිය: “ධර්මිෂ්ඨයා පිළිතුරක් දීමට පෙර හොඳින් සිතා බලයි.”—හිතෝපදේශ 15:28.

  • ඉක්මනින්ම සමාව ඉල්ලන්න. ප්‍රශ්නයක් විසඳගත්තේ නැත්නම් ඒක තව තවත් ලොකු වෙනවා. ඒකෙන් වෙන්නේ ඔය දෙන්නා තවත් දුරස් වෙන එක විතරයි.

    යෝජනාවක්: ඉලක්කයක් තියාගන්න. උදාහරණයකට, ‘මම අදම එයාගෙන් සමාව ඉල්ලනවා’ කියලා අදිටන් කරගන්න. ඒක කරන්නේ කොයි වෙලාවෙද කියලා තීරණය කරලා ඒ තීරණයට එකඟව වැඩ කරන්න.

    බයිබල් ප්‍රතිපත්තිය: “ප්‍රශ්නය ඉක්මනින් නිරවුල් කරගන්න.”—මතෙව් 5:25.

  • හදවතින්ම සමාව ඉල්ලන්න. කෙනෙක් එයාට හැඟෙන විදිහ ගැන ඔයාට කියද්දී “ඔයාට එහෙම හැඟෙන එක ගැන මට දුකයි” කියලා කිව්වාට හරි යන්නේ නැහැ. ඔයා හදවතින්ම එයාගෙන් සමාව ඉල්ලන්න ඕනේ. “කෙනෙක් ඔයාට ගරු කරන්න පෙලඹෙන්නේ ඔයා අතින් වෙච්ච වරදට ඔයා සම්පූර්ණ වගකීම භාරගත්තොත් විතරයි” කියලා ජෙනෙල් කියන තරුණිය කියනවා.

    යෝජනාවක්: සමාව ඉල්ලද්දී කොන්දේසි දාන්න එපා. උදාහරණයකට “ඔයා කරපු දේට ඔයා සමාව ඉල්ලුවොත් මං කරපු දේට මං සමාව ඉල්ලන්නම්” කියලා කියන්න එපා.

    බයිබල් ප්‍රතිපත්තිය: “සමාදානයට දායක වන දේවල් . . . කිරීමට අපි දැඩි උත්සාහයක් දරමු.”—රෝම 14:19.

ඔයාගේ වයසේ ඉන්න අය කියන දේ

වැලරි.

“කෙනෙක්ගෙන් සමාව ඉල්ලන්න නම් නිහතමානිකම තියෙන්නම ඕනේ. විශේෂයෙන්ම සම්පූර්ණ වරදම මගේ නෙමෙයි කියලා මට හිතෙන වෙලාවලදී නිහතමානිකම ඕනෙමයි. මට ඕනෙ ගින්න නිවලා දාන්න මිසක් ගින්නට තව පිදුරු දාන්න නෙමෙයි. ඒ නිසා කරුණාවන්ත විදිහටත් අනිත් කෙනාව දිරිගන්වන විදිහටත් කතා කරන්න මං උත්සාහ කරනවා.”—වැලරි.

ෆිලිප්.

“සමාව ඉල්ලන්න ඔයා කැමැත්තෙන් ඉද්දී ඔයාට වඩා ඔයා අනිත් අය ගැන හිතනවා කියලා ඒකෙන් පේනවා. සමාව ඉල්ලන එක ලේසි නෑ තමයි. ඒත් ඒකෙන් ඔයා හොඳ මිතුරෙක් කියලා ඔප්පු වෙනවා. දෙන්නා අතර මිත්‍රත්වය තවත් ශක්තිමත් වෙන්නත් පුළුවන්.”—ෆිලිප්.

 කෙන්ඩ්ල්.

“සමහර වෙලාවට අනිත් කෙනා පුංචි දෙයක් ලොකු කරගෙන වෙන්න පුළුවන්. ඒත් ඒකෙන් අදහස් කරන්නේ නෑ මං හරි, එයා වැරදියි කියලා. එහෙම හිතන්නේ නැතුව වෙච්ච දේ එයාට බලපාලා තියෙන විදිහ ගැන හිතලා බලන්න උත්සාහ කරන්න ඕනේ. මම කියපු කරපු දෙයක් නිසා කෙනෙක්ගේ හිත රිදිලා තියෙනවා නම් මං එයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙමයි.”—කෙන්ඩ්ල්.

සාරාංශය: මම සමාව ඉල්ලන්න ඕනෙමද?

  • ඔයා අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් කියලා ඒකෙන් පේනවා.

  • සමාව ඉල්ලන එක උදව් වෙනවා නැති වුණු සාමය ආයෙත් ඇති කරගන්න.

  • සමාව ඉල්ලුවාම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.

ඒක කරන විදිහ:

  • පුළුවන් නම් පුද්ගලයා ගාවටම ගිහිල්ලා සමාව ඉල්ලන්න.

  • ඉක්මනින්ම සමාව ඉල්ලන්න.

  • හදවතින්ම සමාව ඉල්ලන්න.

a වෙන කෙනෙක්ට අයිති දෙයක් ඔයාගේ අතින් නැති වුණා නම් එහෙමත් නැත්නම් ඒකට හානියක් වුණා නම් සමාව ඉල්ලනවත් එක්කම අලාභය වෙනුවෙන් ගෙවීමක් කරන්න හරි ඒක හදලා දෙන්න හරි ඉදිරිපත් වෙන එකත් ඥානවන්ත දෙයක්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න