ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 181 ලිපිය
  • බයිබලය කියන්නේ මොකක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලය කියන්නේ මොකක්ද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • බයිබලය ගැන තොරතුරු
  • බයිබලයේ තියෙන්නේ මොනවා ගැනද?
  • බයිබලයේ තියෙන තොරතුරු වෙනස් වෙලාද?
  • මෙච්චර බයිබල් පරිවර්තන තියෙන්නේ ඇයි?
  • බයිබලයට ඇතුළත් කරන්නේ මොනවාද කියලා තීරණය කළේ කවුද?
  • බයිබලයේ සමහර පොත් නැති වෙලාද?
  • බයිබල් පද හොයාගන්න පුළුවන් කොහොමද?
  • බයිබලයේ පොත්වල ලැයිස්තුව
  • පොතෙහි අඩංගු දෑ
    සියලුම ජනයා සඳහා පොතක්
  • බයිබලය ලිව්වේ කවුද කියලා දැනගන්න පුළුවන්ද?
    බයිබලයෙන් උත්තර
  • ඔබ හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාව ඉගෙනගත යුතුද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇයි මේ තරම් බයිබල් පරිවර්තන?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 181 ලිපිය
අධ්‍යයනය කරන්න උදව් වෙන විවිධ පොත්වලින් වට වෙලා තියෙන බයිබලයක්.

බයිබලය කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

බයිබලය කියන්නේ ශුද්ධ පොත් 66ක එකතුවක්. ඒක ලියන්න අවුරුදු 1,600කටත් වඩා වැඩි කාලයක් ගිහින් තියෙනවා. ඒකේ තියෙන්නේ “දෙවිගෙන් ලැබුණු පණිවිඩයක්.”—1 තෙසලෝනික 2:13.

මේ ලිපියෙන්

  • බයිබලය ගැන තොරතුරු

  • බයිබලයේ තියෙන්නේ මොනවා ගැනද?

  • බයිබලයේ තියෙන තොරතුරු වෙනස් වෙලාද?

  • මෙච්චර බයිබල් පරිවර්තන තියෙන්නේ ඇයි?

  • බයිබලයට ඇතුළත් කරන්නේ මොනවාද කියලා තීරණය කළේ කවුද?

  • බයිබලයේ සමහර පොත් නැති වෙලාද?

  • බයිබල් පද හොයාගන්න පුළුවන් කොහොමද?

  • බයිබලයේ පොත්වල ලැයිස්තුව

බයිබලය ගැන තොරතුරු

  • බයිබලය ලිව්වේ කවුද? බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්. හැබැයි ඒක ලියන්න ඔහු මිනිසුන් 40දෙනෙක්ව විතර පාවිච්චි කළා. මෝසෙස්, දාවිත් රජ, මතෙව්, මාක්, ලූක්, යොහන් ඒ අතරින් කීපදෙනෙක්.a බයිබලයට ඇතුළත් කරන්න ඕනෙ මොනවාද කියලා දෙවියන් ඒ අයට දැනුම් දුන්නා.—2 තිමෝති 3:16.

    ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. ආයතනයක ප්‍රධානියෙක්ට ලියුමක් ලියන්න ඕනෙ වෙනවා. ඒ ලියුමේ තියෙන්න ඕන මූලික අදහස් ටික එයා ලේකම්ට කියනවා. ලේකම් ඒ ලියුම ලිව්වත් ඒකේ ඇත්තටම තියෙන්නේ ආයතනයේ ප්‍රධානියාගේ අදහස්. ඒ වගේ, බයිබලය ලියන්න දෙවියන් මිනිසුන්ව පාවිච්චි කළත් ඇත්තටම ඒකේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්.

  • “බයිබලය” කියන වචනයේ තේරුම මොකක්ද? “බයිබලය” කියන වචනය හැදිලා තියෙන්නේ “බිබ්ලියා” කියන ග්‍රීක වචනයෙන්. ඒ වචනයේ තේරුම “කුඩා පොත්” කියන එකයි.

  • බයිබලය ලිව්වේ කොයි කාලෙද? බයිබලය ලියන්න පටන්ගත්තේ ක්‍රි.පූ. 1513දී. ඒක ලියලා ඉවර කළේ ක්‍රි.ව. 98දී විතර. ඒ කියන්නේ බයිබලය ලියලා ඉවර කරන්න අවුරුදු 1,600කට වඩා වැඩි කාලයක් ගිහින් තියෙනවා.

  • බයිබලයේ මුල් ලියවිලි තියෙනවාද? බයිබලයේ මුල් ලියවිලි හොයාගන්න නැහැ. මොකද බයිබල් ලේඛකයන් ඒවා ලියලා තියෙන්නේ පැපිරස් කියන ජලජ පැළෑටියෙන් හදාගත්ත කඩදාසිවල සහ පදම් කළ සම්වලින් හදාගත්ත කඩදාසිවලයි. ඒවා ඉක්මනින්ම දිරලා යන නිසා වැඩි කාලයක් පවතින්නේ නැහැ. හැබැයි දක්ෂ පිටපත්කරුවෝ බයිබලයේ මුල් ලියවිලිවල තොරතුරු සියවස් ගාණක් තිස්සේ ආයෙ ආයෙ පිටපත් කරලා තියෙනවා. එයාලා එහෙම කළේ අනාගතයේදී මිනිසුන්ට කියවලා ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නයි.

  • “පැරණි ගිවිසුම” සහ “අලුත් ගිවිසුම” කියන්නේ මොනවාටද? පැරණි ගිවිසුම විදිහට හඳුන්වන්නේ බයිබලේ හෙබ්‍රෙව් භාෂාවෙන්b ලියලා තියෙන කොටස. ඒකට හෙබ්‍රෙව් ලියවිලි කියලත් කියනවා. අලුත් ගිවිසුම විදිහට හදුන්වන්නේ ග්‍රීක භාෂාවෙන් ලියලා තියෙන කොටස. ඒකට ක්‍රිස්තියානි ග්‍රීක ලියවිල්ල කියලත් කියනවා. මේ කොටස් දෙක එකතු වෙලා හැදුණු සම්පූර්ණ පොත ශුද්ධ ලියවිල්ල කියලත් හඳුන්වනවා.c

  • බයිබලයේ තියෙන්නේ මොන වගේ තොරතුරුද? බයිබලයේ ඉතිහාස වාර්තා, නීති, අනාවැකි, හිතෝපදේශ, ගීතිකා, ලිපි සහ කාව්‍යමය තොරතුරු සඳහන් වෙනවා.—“බයිබලයේ පොත්වල ලැයිස්තුව” කියන කොටස බලන්න.

බයිබලයේ තියෙන්නේ මොනවා ගැනද?

බයිබලයේ මුල්ම පොතේ සියලු බලැති දෙවියන් අහස, පොළොව සහ හැම දේම නිර්මාණය කරපු විදිහ ගැන කෙටියෙන් සඳහන් වෙනවා. ඒ වගේම දෙවියන් බයිබලය මාර්ගයෙන් ඔහුගේ නම යෙහෝවා කියලා දැනුම් දීලා තියෙනවා. ඔහු එහෙම කරලා තියෙන්නේ මිනිසුන් ඔහු ගැන දැනගන්නවාට ඔහු කැමති නිසයි.—ගීතාවලිය 83:18.

දෙවියන්ගේ නමට ඇති වෙලා තියෙන කැළැල ගැනත් ඔහු ඒ කැළැල ඉවත් කරන්නේ කොහොමද කියලත් බයිබලේ තියෙනවා.

ඒ වගේම මිනිසුන් සහ මේ පොළොව සම්බන්ධයෙන් දෙවියන්ට තියෙන අරමුණ ගැනත් බයිබලයේ තියෙනවා. අනාගතයේදී මිනිසුන්ගේ දුකට හේතු වෙන හැම දෙයක්ම දෙවියන් නැති කරන්නේ කොහොමද කියලත් පැහැදිලි කරලා තියෙනවා.

සතුටින් ඉන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලෙන් හොයාගන්න පුළුවන්. මේ උදාහරණ බලන්න.

  • හොඳ බැඳීම් තියාගන්න විදිහ. “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”—මතෙව් 7:12.

    තේරුම: අනිත් අය අපිට සලකනවාට කැමති විදිහට තමයි අපිත් අනිත් අයට සලකන්න ඕනේ.

  • පීඩනයට හොඳින් මුහුණ දෙන විදිහ. “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි. හැම දවසකම කරදර තිබෙන බව මතක තබාගන්න.”—මතෙව් 6:34.

    තේරුම: අනාගතයේදී මොනවා වෙයිද කියලා හිතලා ඕනෑවට වඩා කරදර වෙනවා වෙනුවට අපිට පුළුවන් දැන් තියෙන ප්‍රශ්න ගැන විතරක් හිතන්න.

  • පවුල් ජීවිතය සතුටින් ගත කරන විදිහ. “ඔබ එකිනෙකා තමාට ප්‍රේම කරන ආකාරයටම තම භාර්යාවටද ප්‍රේම කළ යුතුයි. එලෙසම භාර්යාව තම ස්වාමිපුරුෂයාට ගැඹුරු ගෞරවයක් දැක්විය යුතුයි.”—එෆීස 5:33.

    තේරුම: සාර්ථක විවාහ ජීවිතයකට ආදරය, ගෞරවය තියෙන්නම ඕනේ.

බයිබලයේ තියෙන තොරතුරු වෙනස් වෙලාද?

විශාරදයන් බයිබලයේ පැරණි අත්පිටපත් සහ අද අපි පාවිච්චි කරන බයිබලයේ තියෙන තොරතුරු සන්සන්දනය කරලා තියෙනවා. එයාලා තේරුම් අරන් තියෙනවා ඒ තොරතුරු අතරේ කිසිම වෙනසක් නැහැ කියලා. අනිත් අතට දෙවියන්ට ඕනෙ හැමෝම ඔහුගේ වචනය කියවලා තේරුම්ගන්නවා දකින්න නම් ඒක වෙනස් වෙන්න ඔහු ඉඩහරියි කියලා හිතන්න පුළුවන්ද?d—යෙසායා 40:8.

මෙච්චර බයිබල් පරිවර්තන තියෙන්නේ ඇයි?

අද ඉන්න හුඟක් අයට බයිබලය ලියන්න පාවිච්චි කරපු මුල් භාෂාවන් තේරෙන්නේ නැහැ. ඒත් බයිබලේ ‘සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත් ශුභාරංචියක්’ තියෙනවා. (එළිදරව් 14:6) ඒ පණිවිඩය හැමෝම දැනගන්න නම් එයාලගෙම භාෂාවට බයිබලය පරිවර්තනය කරන්න ඕනේ.

බයිබල් පරිවර්තනය කරලා තියෙන ක්‍රම තුනක් තියෙනවා.

  • වචනයෙන් වචනය පරිවර්තනය කරන එක. ඒකෙදී හැම වචනයක්ම අදාළ භාෂාවට පරිවර්තනය කරනවා.

  • අදහස පරිවර්තනය කරන එක. ඒකෙදී අදහස සරලව සහ පැහැදිලිව පරිවර්තනය කරනවා.

  • තමන්ට හිතෙන විදිහට පරිවර්තනය කරන එක. ඒකෙදී තමන් කැමති වචන පාවිච්චි කරලා, කියවන්න ආස හිතෙන විදිහට පරිවර්තනය කරනවා. හැබැයි එහෙම කරද්දී සමහර වෙලාවට අදහස වෙනස් වෙන්න පුළුවන්.

හොඳ බයිබල් පරිවර්තනයක් කියන්නේ මුල් අදහස දැන් ඉන්න අයට තේරුම්ගන්න පුළුවන් වෙන විදිහට පැහැදිලිව පරිවර්තනය කරපු එකකට. මොකද එතකොට දෙවියන් මිනිසුන්ට දැනුම් දීලා තියෙන පණිවිඩය නිවැරදිව දැනගන්න පුළුවන් වෙනවා.e

බයිබලයට ඇතුළත් කරන්නේ මොනවාද කියලා තීරණය කළේ කවුද?

බයිබලයට ඇතුළත් කරන්නේ මොනවාද කියලා තීරණය කළේ ඒකේ කර්තෘ වන දෙවියන්. දෙවියන් මුලින්ම ඔහුගේ “පරිශුද්ධ ප්‍රකාශයන් භාර දුන්නේ” අතීතයේ හිටපු ඊශ්‍රායෙල් ජාතියට. (රෝම 3:2) හෙබ්‍රෙව් ලියවිලිවල භාරකරුවන් විදිහට කටයුතු කළේ එයාලයි.

බයිබලයේ සමහර පොත් නැති වෙලාද?

නැහැ. සමහරු හිතනවා බයිබලයට අයිති තව පොත් තියෙන්න ඕනෙ කියලා.f හැබැයි බයිබලේ තියෙන්න ඕන පොත්වල කිසි අඩුවක් වෙලා නැහැ. ඒක බයිබලයේ තියෙන තොරතුරුවලින්ම පැහැදිලි වෙනවා. (2 තිමෝති 1:13) දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බයිබලේ තියෙන පොත් අතරේ කිසිම ගැටීමක් නැහැ. හැබැයි බයිබලයට එකතු වෙන්න ඕනෙ කියලා සමහරු හිතන පොත්වල අදහස් බයිබලයේ තියෙන අදහස් එක්ක ගැටෙනවා.g

බයිබල් පද හොයාගන්න පුළුවන් කොහොමද?

2 තිමෝති 3:16 උදාහරණයක් විදිහට අරන් බයිබල් පදයක් තියෙන තැන හොයාගන්න විදිහ පෙන්නලා තියෙනවා. 2 තිමෝති කියන්නේ පොතේ නම (හුඟක් බයිබල්වල පොත් තියෙන අනුපිළිවෙල දැනගන්න පහතින් තියෙන ලැයිස්තුව බලන්න). ඊටපස්සේ 3 කියන ඉලක්කමෙන් පෙන්නලා තියෙන්නේ පරිච්ඡේදය. අන්තිමට 16 කියන ඉලක්කමෙන් පෙන්නලා තියෙන්නේ ඡේදය.

බයිබලයේ පොත්වල ලැයිස්තුව

හෙබ්‍රෙව් ලියවිල්ල (“පැරණි ගිවිසුම”)

  • ඉතිහාසය සහ නීති

    • උත්පත්ති

    • නික්මයාම

    • ලෙවී කතාව

    • ගණන් කතාව

    • ද්විතීය කතාව

  • ඊශ්‍රායෙල් ජාතියේ ඉතිහාසය

    • යොෂුවා

    • විනිශ්චයකරුවෝ

    • රූත්

    • 1 සහ 2 සාමුවෙල්

    • 1 සහ 2 රාජාවලිය

    • 1 සහ 2 ලේකම්

    • එස්රා

    • නෙහෙමියා

    • එස්තර්

  • කාව්‍යමය පොත්

    • යෝබ්

    • ගීතාවලිය

    • හිතෝපදේශ

    • දේශනාකාරයා

    • සලමොන්ගේ ගීතිකාව

  • අනාවැකි

    • යෙසායා

    • යෙරෙමියා

    • විලාප ගී

    • එසකියෙල්

    • දානියෙල්

    • හොෂෙයා

    • යෝවෙල්

    • ආමොස්

    • ඔබදියා

    • යෝනා

    • මීකා

    • නාහුම්

    • හබක්කුක්

    • ශෙපනියා

    • හග්ගයි

    • සෙකරියා

    • මලාකි

ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල (“අලුත් ගිවිසුම”)

  • යේසුස් පොළොවේ ගත කරපු ජීවිතය සහ සේවය (සුවිශේෂ පොත්)

    • මතෙව්

    • මාක්

    • ලූක්

    • යොහන්

  • මුල් ක්‍රිස්තියානි සභාවේ ඉතිහාසය

    • ක්‍රියා

  • ක්‍රිස්තියානි සභාවන්වලට යවපු ලිපි

    • රෝම

    • 1 සහ 2 කොරින්ති

    • ගලාති

    • එෆීස

    • ෆිලිප්පි

    • කොලොස්සි

    • 1 සහ 2 තෙසලෝනික

  • ක්‍රිස්තියානි සහෝදරයන්ට යවපු ලිපි

    • 1 සහ 2 තිමෝති

    • තීතස්

    • ෆිලෙමොන්

  • පොදුවේ ක්‍රිස්තියානීන්ට යවපු ලිපි

    • හෙබ්‍රෙව්

    • යාකොබ්

    • 1 සහ 2 පේතෘස්

    • 1, 2, සහ 3 යොහන්

    • යූද්

  • අනාවැකි

    • එළිදරව්

a බයිබලේ තියෙන පොත් ගැනත් ඒවා ලියපු අය සහ ලියපු කාලවල් ගැනත් දැනගන්න “බයිබලයේ පොත් පිළිබඳ විස්තර” කියන කොටස බලන්න.

b බයිබලේ සමහර තොරතුරු ලියලා තියෙන්නේ ඇරමයික භාෂාවෙන්. ඒක හෙබ්‍රෙව් භාෂාවට ළඟින් යන භාෂාවක්.

c “පැරණි ගිවිසුම” සහ “අලුත් ගිවිසුම” කියන යෙදුම් පාවිච්චි කරද්දී පැරණි ගිවිසුමේ තොරතුරු වෙනුවට අලුත් ගිවිසුම ලැබුණා කියලා කෙනෙක් හිතන්න ඉඩ තියෙනවා. ඒ නිසා බයිබලේ කියවන හුඟක් අය “හෙබ්‍රෙව් ලියවිල්ල” සහ “ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල” කියන යෙදුම් පාවිච්චි කරන්න කැමතියි.

d “බයිබලයේ තොරතුරු වෙනස් කරලාද?” කියන ලිපිය බලන්න.

e නිවැරදිව සහ කියවන්න ආස හිතෙන විදිහට පරිවර්තනය කරලා තියෙන නිසා හුඟක් අය කැමතියි ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ කියවන්න. ඒ ගැන තවත් තොරතුරු දැනගන්න “‘නව ලොව පරිවර්තනය’ නිවැරදිද?” කියන ලිපිය බලන්න.

f ඒ පොත්වලට කියන්නේ ද්විතීය සම්මත ග්‍රන්ථ කියලා. එක විශ්වකෝෂයක මෙහෙම කියනවා. “බයිබලය ගැන සඳහන් වෙන ප්‍රකාශනවල ද්විතීය සම්මත ග්‍රන්ථ කියන නම පාවිච්චි කරලා තියෙන්නේ බයිබලයට අයිති නැති පොත් හඳුන්වන්න.”—Encyclopædia Britannica.

g ඒ ගැන තවත් තොරතුරු දැනගන්න “ඉතිහාසය වෙනස් වෙයිද?” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න