ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 180 ලිපිය
  • ජීවිතේට බලාපොරොත්තුවක් තියෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජීවිතේට බලාපොරොත්තුවක් තියෙනවාද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • හොඳ බලාපොරොත්තුවක් තියාගන්න බයිබලය උදව් වෙන්නේ කොහොමද?
  • බයිබලේ දීලා තියෙන ලස්සන බලාපොරොත්තුව මොකක්ද?
  • බලාපොරොත්තුව ශක්තිමත්ව තියාගන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • 2023 බලාපොරොත්තු ඉටු වෙන වසරක් වෙයිද? - ඒ ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ධෛර්යවත් වෙන්න
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබට සැබෑ බලාපොරොත්තුවක් සොයාගත හැක්කේ කොහෙන්ද?
    2004 පිබිදෙව්!
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 180 ලිපිය
කාන්තාවක් බලාපොරොත්තු පොදිබැඳගෙන ක්ෂිතිජය දිහා බලන් ඉන්නවා.

ජීවිතේට බලාපොරොත්තුවක් තියෙනවාද?

බයිබලයේ ඒ ගැන කියන දේ

දෙවියන් අපිට “ප්‍රීතිමත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවක්”a දීලා තියෙනවා කියලා බයිබලේ තියෙනවා. (යෙරෙමියා 29:11) ඒ වගේම අපිට ‘සැනසිල්ල අද්දකින්නත් බලාපොරොත්තුවක්’ ඇතුව ඉන්නත් උදව් වෙන තොරතුරු ඔහු බයිබලය මාර්ගයෙන් දැනුම් දීලා තියෙනවා. (රෝම 15:4) එදිනෙදා ජීවිතේ අපි අද්දකින ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්නත්, අනාගතේ ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් ඇතුව ඉන්නත් බයිබලේ තියෙන තොරතුරු උදව් වෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු.

මේ ලිපියෙන්

  • හොඳ බලාපොරොත්තුවක් තියාගන්න බයිබලය උදව් වෙන්නේ කොහොමද?

  • බයිබලේ දීලා තියෙන ලස්සන බලාපොරොත්තුව මොකක්ද?

  • බලාපොරොත්තුව ගැන සඳහන් බයිබල් පද

හොඳ බලාපොරොත්තුවක් තියාගන්න බයිබලය උදව් වෙන්නේ කොහොමද?

අපේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න උදව් වෙන තොරතුරු වගේම අනාගතේ ගැන ප්‍රීතිමත් බලාපොරොත්තුවක් තියාගන්න උදව් වෙන තොරතුරුත් බයිබලේ තියෙනවා. ඒවායින් කීපයක් බලන්න.

  • බයිබලේ දීලා තියෙන මඟ පෙන්වීම් ගැන හොයලා බලන්න. ගීතාවලිය 119:105 මෙහෙම කියනවා. “ඔබේ වදන් මාගේ පාදවලට පහනක්ය. මා යන මාවතට එළියක්ය.” හොඳ එළියක් ලැබෙද්දී අපිට ඒකෙන් ප්‍රයෝජන දෙකක් තියෙනවා. එකක් තමයි අපේ ළඟපාත තියෙන දේවල් දකින්න පුළුවන් වෙන එක. අනිත් එක තමයි දුර ඈත තියෙන දේවල් වුණත් පැහැදිලිව දකින්න පුළුවන් වෙන එක. බයිබලයත් හරියට ඒ එළිය වගේ. අපි එදිනෙදා අද්දකින ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දෙන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අපිට උදව් වෙනවා. ඒ මඟ පෙන්වීම් අපේ “සිතට සතුටක් ගෙන දෙනවා.” (ගීතාවලිය 19:7, 8) ඒ විතරක් නෙවෙයි මිනිස්සු ගැන, පොළොව ගැන දෙවියන්ට තියෙන අරමුණ ගැනත් බයිබලේ තියෙනවා. අපේ අනාගතය ගැන බයිබලේ දීලා තියෙන ඒ බලාපොරොත්තුව දැනුත් සතුටින් ඉන්න අපිට උදව් වෙනවා.

  • අනිත් අයගෙන් උදව් ගන්න. අපි හිතුවෙවත් නැති විදිහේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී සමහරවිට අපේ පවුලේ අයගෙන්, යාළුවන්ගෙන් වෙන් වෙලා ඉන්න අපි පෙලඹෙයි. හැබැයි බයිබලේ කියනවා එහෙම කරන එක ඥානවන්ත නැහැ කියලා. මොකද කෙනෙක් තනි වුණාම වැරදි තීරණ ගන්න පෙලඹෙන්න පුළුවන්. (හිතෝපදේශ 18:1) අනිත් අතට අපි ආදරේ කරන අයට පුළුවන් අපේ ප්‍රශ්නේ දිහා වෙනස් විදිහකට බලන්න අපිට උදව් කරන්න. ප්‍රශ්නේ විසඳගන්න කරන්න පුළුවන් දේවල් ගැනත් එයාලා අපිට කියයි. (හිතෝපදේශ 11:14) ප්‍රශ්නේ විසඳගන්න උදව් කරන්න එයාලට බැරි වුණත් අඩුම තරමේ අපිව සනසවන්න, දිරිගන්වන්න එයාලට පුළුවන් වෙයි.—හිතෝපදේශ 12:25.

  • දෙවියන්ට යාච්ඤා කරන්න. බයිබලේ මෙහෙම කියනවා. “ඔබේ සියලු බර යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔහු ඔබව ශක්තිමත් කරන්නේය. ඔහු කිසිදාක ධර්මිෂ්ඨයාට වැටෙන්න ඉඩ නොදෙන්නේය.”b (ගීතාවලිය 55:22) යෙහෝවා දෙවියන්ව “බලාපොරොත්තුවක් දෙන දෙවි” විදිහටත් බයිබලේ හඳුන්වලා තියෙනවා. (රෝම 15:13) ඔහු ඔයා ගැන සැලකිලිමත් නිසා ඔයාට පුළුවන් “කනස්සල්ලට හේතු වන සෑම බරක්ම” යාච්ඤාවෙන් ඔහුට භාර දෙන්න. (1 පේතෘස් 5:7) ඔයා එහෙම කරද්දී ‘දෙවි ඔයාව ශක්තිමත් කරයි.’—1 පේතෘස් 5:10.

  • පීඩාවලට මුහුණ දෙන්න වෙද්දී බලාපොරොත්තුව ශක්තිමත් කරගන්න. බයිබලේ මෙහෙම කියනවා. “[දෙවියන්ට] සවන් දෙන තැනැත්තා කිසි විපතකට භය නොවී සුරක්ෂිතව ජීවත් වන්නේය.” (හිතෝපදේශ 1:33) ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මාග්‍රට්ගේ අද්දැකීම බලන්න. සුළිකුණාටුවක් නිසා එයාගේ ගේ කැඩිලා බිඳිලා ගියා. එයාට තිබුණ වටින දේවල් නැති වුණා. හැබැයි එයා ඒ ගැනම හිත හිත ළත වෙනවා වෙනුවට ඒකෙන් වටින පාඩමක් ඉගෙනගත්තා. ඒ තමයි කෙනෙක්ට තියෙන වස්තුව, ධනය හරිම තාවකාලිකයි කියන දේ. ඒ නිසා එදා ඉඳන් එයා වෙනදාටත් වඩා වැඩියෙන් වඩා වැදගත් දේවල්වලට ඒ කියන්නේ දෙවියන් එක්ක එයාට තියෙන බැඳීමට, එයාගේ බලාපොරොත්තුවට, පවුලේ අයට, යාළුවන්ට වැඩි අවධානයක් දෙන්න පටන්ගත්තා.—ගීතාවලිය 37:34; යාකොබ් 4:8.

බයිබලේ දීලා තියෙන ලස්සන බලාපොරොත්තුව මොකක්ද?

මිනිසුන්ට තියෙන ලස්සන බලාපොරොත්තුවක් ගැන බයිබලේ තියෙනවා. ඒ බලාපොරොත්තුව ඉටු වෙන්න තව වැඩි දවසක් නැහැ. මොකද අද අපි මුහුණ දෙන ප්‍රශ්න ගැටලුවලින් පැහැදිලි වෙනවා අපි ඉන්නේ මේ සමාජයේ “අවසාන කාලයේ” කියලා. (2 තිමෝති 3:1-5) ළඟදීම දෙවියන් මේ පොළොවේ සිද්ධ වෙන හැම අසාධාරණයක්ම, දුකක්ම නැති කරනවා. ඔහු ඒ දේ කරන්නේ ස්වර්ගයේ පිහිටුවලා තියෙන ඔහුගේ ආණ්ඩුව මාර්ගයෙන්. (දානියෙල් 2:44; එළිදරව් 11:15) යේසුස් ඔහුගේ ගෝලයන්ට ආදර්ශ යාච්ඤාව උගන්නද්දී ඔහුගේ මනසෙත් ඒ ආණ්ඩුව ගැන තිබුණා. ඔහු මෙහෙම කිව්වේ ඒ නිසයි. “ඔබගේ රාජ්‍යය පැමිණේවා! ඔබගේ කැමැත්ත පොළොවෙහිද සිදු වේවා!”—මතෙව් 6:9, 10.

දෙවියන්ගේ ආණ්ඩුවෙන් මේ පොළොව පාලනය කරන කාලෙදී අපිට අද්දකින්න ලැබෙන ආශීර්වාද ගැන බයිබලේ තියෙනවා. ඒ අතරින් කීපයක් බලන්න.

  • කිසිම කෙනෙක් බඩගින්නේ ඉන්නේ නැහැ. “භූමිය බොහෝ පල දරනු ඇත.”—ගීතාවලිය 67:6.

  • කිසිම කෙනෙක් ලෙඩ වෙන්නේ නැහැ. “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24.

  • කිසිම කෙනෙක් මැරෙන්නේ නැහැ. “දෙවි [මිනිසුන්ගේ] ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”—එළිදරව් 21:3, 4.

a සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ අපි ආස දෙයක් ගැන, සිද්ධ වෙයි කියලා අපිට හොඳටම විශ්වාස දෙයක් ගැන. ඒ දේ ඉටු වෙන කල් අපි ලොකු ඕනකමකින් බලාගෙන ඉන්නවා.

b දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා.—ගීතාවලිය 83:18.

බලාපොරොත්තුව ගැන සඳහන් බයිබල් පද

යෝබ් 5:16: “අසරණයාට බලාපොරොත්තුවක් තිබෙන්නේ ඒ නිසාය.”

තේරුම: අනිත් අය තමන්ව කොන් කරනවා කියලා හිතන කෙනෙක් වුණත් දෙවියන්ගෙන් උදව් ඉල්ලුවොත් ඔහු අනිවාර්යයෙන්ම උදව් කරනවා.

ගීතාවලිය 27:14: “යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න. ධෛර්යයෙන් සිටින්න. ශක්තිමත් වන්න. යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න.”

තේරුම: යෙහෝවා දෙවියන් ගැන විශ්වාසය තියලා වැඩ කරන අයව ඔහු ධෛර්යවත් කරනවා, ශක්තිමත් කරනවා, කවදාවත් ඒ අයව තනි කරන්නේ නැහැ.

ගීතාවලිය 62:5: “මම නිහඬව දෙවි කෙරෙහි බලා සිටින්නෙමි. මන්ද ඔහු මා තුළ බලාපොරොත්තුවක් ඇති කළේය.”

තේරුම: දෙවියන් ගැන විශ්වාසය තියලා ඕනම පීඩාවක් විඳදරාගන්න කෙනෙක්ට හරිම වෙලාවෙදි දෙවියන් විසඳුමක් දෙනවා.

හිතෝපදේශ 20:22: “ඔබට නපුරක් සිදු වූ විට, ‘මම පළිගන්නෙමි’ යයි නොකියන්න. යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්න. ඔහු ඔබව ගලවනු ඇත.”

තේරුම: අපි යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියලා වැඩ කරනවා නම් කෙනෙක් අපි අකමැති දෙයක් කරද්දී නැත්නම් අපිව රිද්දද්දී ඒ කෙනාගෙන් පළිගන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්. අපිව ආරක්ෂා කරන්න වගේම මේ කාලෙදී අපි මුහුණ දෙන දෙයක් නිසා අපිට යම් හානියක් වෙලා තියෙනවා නම් ඒක ආයෙත් හරිගස්සන්න දෙවියන්ට බලය තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක කරන්න ඔහු ආසාවෙන් බලන් ඉන්නවා.

හෙබ්‍රෙව් 6:19: “අපට තිබෙන ඒ බලාපොරොත්තුව අපගේ ජීවිතය නමැති නැවට නැංගුරමක් හා සමානය. එය ස්ථිරය. ඒ ගැන කිසි සැකයක් තබාගත යුතු නැත.”

තේරුම: මහ කුණාටුවක් මැද්දේ වුණත් නැවක් මුහුදුබත් වෙන්නේ නැතුව තියාගන්න නැංගුරම උදව් වෙනවා. අනාගතේ ගැන දෙවියන් අපිට දීලා තියෙන ස්ථිර බලාපොරොත්තුවත් හරියට නැංගුරමක් වගේ. කුණාටු වගේ ප්‍රශ්න එද්දී මානසිකව වැටෙන්නේ නැතුව දිගටම සන්සුන්ව ඉන්නත් දෙවියන් ගැන තියෙන විශ්වාසය ශක්තිමත්ව තියාගන්නත් ඒ බලාපොරොත්තුව අපිට උදව් වෙනවා. ඒ වගේම ඕනෙම පීඩාවක් මැද දිගටම විඳදරාගන්න අපිට ශක්තිය ලැබෙන්නෙත් ඒ බලාපොරොත්තුව නිසයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න