ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 178 ලිපිය
  • යොහන් බව්තීස්ත කියන්නේ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යොහන් බව්තීස්ත කියන්නේ කවුද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • යොහන් බව්තීස්ත විශේෂ කෙනෙක් වුණේ ඇයි?
  • යොහන් බව්තීස්තගේ අම්මායි, තාත්තායි කවුද?
  • යොහන් බව්තීස්තව මැරුවේ කවුද?
  • යොහන් බව්තීස්ත සහ යේසුස් අතර තරඟයක් තිබුණාද?
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යොහන් යේසුස්ගෙන් ප්‍රශ්නයක් අසයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ‘එයා තරම් උතුම් කෙනෙක් නැහැ’
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • යොහන්ට ඇදහිල්ලේ ඌනතාවක් තිබුණාද?
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 178 ලිපිය
මිනිසෙක්ව බව්තීස්ම කරමින් ඉන්න යොහන්.

යොහන් බව්තීස්ත කියන්නේ කවුද?

බයිබලයේ ඒ ගැන කියන දේ

යොහන් බව්තීස්ත කියන්නේ දෙවියන්ගේ අනාගතවක්තෘවරයෙක්. (ලූක් 1:76) එයා ඉපදුණේ යේසුස් ඉපදෙන්න ටික කාලෙකට කලින්. දෙවියන් එයාට දුන්න පැවරුම තමයි ගැලවුම්කරුට ඒ කියන්නේ ක්‍රිස්තුස්ට මාර්ගය සූදානම් කරන එක. යොහන් ඒ දේ කළේ දෙවියන් දැනුම් දීපු පණිවිඩය යුදෙව්වන්ට දේශනා කරපු එකෙන්. එයා බලාපොරොත්තු වුණා යුදෙව්වන් ඒ පණිවිඩය අහලා ආපහු දෙවියන් වෙතට හැරෙයි කියලා.—මාක් 1:1-4; ලූක් 1:13, 16, 17.

යොහන් දේශනා කරපු පණිවිඩය නිසා නාසරෙත් නුවරින් ආපු යේසුස් තමයි පොරොන්දු වුණ ගැලවුම්කරු කියලා අඳුරගන්න අවංක හදවත් තිබුණ අයට පුළුවන් වුණා. (මතෙව් 11:10) කරපු වැරදි ගැන පසුතැවිලි වෙන්න කියලත් ඒ පසුතැවිල්ල සංකේතවත් කරන්න බව්තීස්ම වෙන්න කියලත් යොහන් මිනිසුන්ට කිව්වා. (ලූක් 3:3-6) හුඟදෙනෙක්ව බව්තීස්ම කරපු නිසා යොහන්ව, බව්තීස්ත නැත්නම් බව්තීස්ම කරන්නා කියලත් හැඳින්නුවා. යොහන් කරපු වැදගත්ම බව්තීස්මය තමයි යේසුස්ගේ බව්තීස්මය.a—මාක් 1:9.

මේ ලිපියෙන්

  • යොහන් බව්තීස්ත විශේෂ කෙනෙක් වුණේ ඇයි?

  • යොහන් බව්තීස්තගේ අම්මායි, තාත්තායි කවුද?

  • යොහන් බව්තීස්තව මැරුවේ කවුද?

  • යොහන් බව්තීස්ත සහ යේසුස් අතර තරඟයක් තිබුණාද?

  • යොහන්ලා කීදෙනෙක් ගැන බයිබලේ තියෙනවාද?

යොහන් බව්තීස්ත විශේෂ කෙනෙක් වුණේ ඇයි?

කලින්ම කියලා තිබුණ දේවල්. යොහන් කරපු දේශනා සේවය නිසා යෙහෝවා දෙවියන්ගේ පණිවිඩකරු ගැන තිබුණ අනාවැකිය ඉටු වුණා. (මලාකි 3:1; මතෙව් 3:1-3) ගැලවුම්කරු දේශනා කරන පණිවිඩය පිළිගන්න යොහන් යුදෙව්වන්ව සූදානම් කළා. බයිබලේ “යෙහෝවා දෙවි වෙනුවෙන් සෙනඟක් සූදානම්” කරන කෙනා විදිහට හඳුන්වලා තියෙන්නේ යොහන්වයි කියලා ඒකෙන් ඔප්පු වුණා.—ලූක් 1:17.

තවත් හේතු. යේසුස් යොහන් බව්තීස්ත ගැන මෙහෙම කිව්වා. ‘ස්ත්‍රීන්ගෙන් උපන් අය අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් ඉපදී නැහැ. නමුත් ස්වර්ග රාජ්‍යයේ සිටින සුළු තැනැත්තෙක් වුණත් ඔහුට වඩා උතුම්.’ (මතෙව් 11:11) යොහන් කියන්නේ අනාගතවක්තෘවරයෙක් විතරක් නෙවෙයි. එයා ‘පණිවිඩකරුවෙක්’ වෙනවා කියලත් බයිබලේ කලින්ම කියලා තිබුණා. දෙවියන්ගේ සේවකයන් අතරින් යොහන්ට කලින් හිටපු කිසිම සේවකයෙක්ව උතුම් කියලා හඳුන්වලා නැහැ. යේසුස් කියපු දේවල්වලින් පැහැදිලි වුණා යොහන් ස්වර්ගයට යන්නේ නැහැ කියලා.b මොකද මිනිසුන්ට ස්වර්ගයට යන්න යේසුස් මඟ සූදානම් කරලා දෙන්න කලින් යොහන් මැරුණා. (හෙබ්‍රෙව් 10:19, 20) හැබැයි දේවරාජ්‍යය මේ පොළොව පාලනය කරන කාලේදී හැමදාටම මේ පොළොවේ සතුටින් ජීවත් වෙන්න යොහන්ට අවස්ථාව ලැබෙනවා.—ගීතාවලිය 37:29; ලූක් 23:43.

යොහන් බව්තීස්තගේ අම්මායි, තාත්තායි කවුද?

යොහන්ගේ අම්මා එලිසබෙත්. තාත්තා යුදෙව් පූජකයෙක් වුණ සෙකරියා. යොහන් හම්බ වෙන්න ඉද්දී එයාගේ අම්මායි, තාත්තායි දෙන්නාම හිටියේ ‘මහලු වයසේ.’ (ලූක් 1:5-7, 13) ඒ විතරක් නෙවෙයි එයාගේ අම්මා වඳ ස්ත්‍රියක්. ඒ නිසා යොහන්ගේ උපත ඇත්තටම ආශ්චර්යයක්.

යොහන් බව්තීස්තව මැරුවේ කවුද?

හෙරොද් අන්තිපස් රජ එයාගේ සේවකයන්ට අණ කළා යොහන් බව්තීස්තගේ හිස ගසා දාන්න කියලා. එයාගේ බිරිඳ වුණ හෙරෝදියස්ගේ ඉල්ලීම නිසයි එයා එහෙම කළේ. හෙරෝදියස්ගේ හිතේ යොහන් ගැන ලොකු කේන්තියක් තිබුණා. මොකද යොහන් හෙරොද්ට කියලා තිබුණා යුදෙව්වෙක් හැටියට එයා හෙරෝදියස්ව විවාහ කරගත්ත එක යුදෙව් නීතියට එකඟ නැහැ කියලා.—මතෙව් 14:1-12; මාක් 6:16-19.

යොහන් බව්තීස්ත සහ යේසුස් අතර තරඟයක් තිබුණාද?

එහෙම කියන්න බයිබලේ කිසිම පදනමක් නැහැ. (යොහන් 3:25-30) යොහන් කිව්වා එයාට තියෙන පැවරුම ගැලවුම්කරුට මාර්ගය සූදානම් කරන එක කියලා. එයා යේසුස් ගැන මෙහෙම කිව්වා. ‘මම මිනිසුන්ව වතුරෙන් බව්තීස්ම කළේ ඔහු ගැන ඊශ්‍රායෙලය පුරාම ප්‍රසිද්ධ කිරීමටයි. මේ තැනැත්තා දෙවිගේ පුත්‍රයා බවට මම සාක්ෂි දෙනවා.’ (යොහන් 1:26-34) යේසුස් කරපු සේවය සාර්ථක වෙනවා දැකලා යොහන් ගොඩක් සතුටු වුණා. එයාට යේසුස් එක්ක කිසිම තරඟයක් තිබුණේ නැහැ කියලා ඒ දේවලින් පැහැදිලියි.

a යේසුස් “කිසි පාපයක්” කළේ නැහැ. (1 පේතෘස් 2:21, 22) ඒ නිසා ඔහු බව්තීස්ම වුණේ පසුතැවිලි වෙනවා කියලා පෙන්නන්න නෙවෙයි, දෙවියන්ගේ කැමැත්ත කරන්න ඔහු ඉදිරිපත් වෙනවා කියලා පෙන්නන්න. අපි වෙනුවෙන් ඔහුගේ ජීවිතය පූජා කරන එකත් දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන එකට ඇතුළත් වුණා.—හෙබ්‍රෙව් 10:7-10.

b “ස්වර්ගයට යන්නේ කවුද?” කියන ලිපිය බලන්න.

යොහන්ලා කීදෙනෙක් ගැන බයිබලේ තියෙනවාද?

යොහන්ලා පස්දෙනෙක් ගැන බයිබලේ තියෙනවා.

  1. 1. සෙකරියාගේ සහ එලිසබෙත්ගේ පුතා වුණ යොහන් බව්තීස්ත.—මාක් 1:4; ලූක් 1:57-60.

  2. 2. නියෝජිත පේතෘස්ගේ තාත්තා වුණ යොහන්.—යොහන් 1:42.

  3. 3. “සෙබදීගේ පුත්” නියෝජිත යොහන්. (මතෙව් 10:2) මේ යොහන් තමයි බයිබලේ යොහන් සුවිශේෂය, පළමුවෙනි, දෙවෙනි, තුන්වෙනි යොහන් පොත් සහ එළිදරව් පොත ලියලා තියෙන්නේ.

  4. 4. මාක් විදිහට හඳුන්වන යොහන්. එයා තමයි මාක් සුවිශේෂය ලිව්වේ.—ක්‍රියා 12:12.

  5. 5. යුදෙව් පාලකයෙක් වන යොහන්. පේන විදිහට එයා නායක පූජකයෙක් වුණ අන්නස්ගේ නෑදෑයෙක්.—ක්‍රියා 4:6.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න