ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 177 ලිපිය
  • රන් අණ කියන්නේ මොකක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රන් අණ කියන්නේ මොකක්ද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • රන් අණෙන් අදහස් වෙන්නේ මොකක්ද?
  • රන් අණ පිළිපදින එක ප්‍රයෝජනවත්ද?
  • රන් අණෙන් කාවද්දන්නේ දේවල් ලබාගන්න කියලාද?
  • රන් අණ අදාළ කරගන්න පුළුවන් කොහොමද?
  • රන් අණ ප්‍රායෝගිකයි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ලෝ පතළ ඉගැන්වීමක් වන රන් අණ
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවසේවයේදී රන් අණ අදාළ කරගමු
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රන් වසුපැටියා
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 177 ලිපිය
රන් අණ කියලා හඳුන්වන බයිබල් පදය කෙනෙක් කියවනවා.

රන් අණ කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

“රන් අණ” කියන යෙදුම බයිබලේ සඳහන් වෙන්නේ නැහැ. හැබැයි යේසුස් දීපු වැදගත් ආඥාවක් හඳුන්වන්න තමයි හුඟක් අය ඒ යෙදුම පාවිච්චි කරන්නේ. යේසුස් ඒ ආඥාව දුන්නේ කන්ද උඩ දේශනයේදියි. ඔහු මෙහෙම කිව්වා “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.” (මතෙව් 7:12) තවත් බයිබල් පරිවර්තනයක රන් අණ සඳහන් වෙන්නේ මෙහෙමයි. “මනුෂ්‍යයන් විසින් නුඹලාට යම්සේ ක්‍රියාකරනවාට නුඹලා කැමතිද, නුඹලාත් ඔවුන්ට එසේම කරන්න.”—ලූක් 6:31, ‘පැරණි අනුවාදය.’

  • රන් අණෙන් අදහස් වෙන්නේ මොකක්ද?

  • රන් අණ පිළිපදින එක ප්‍රයෝජනවත්ද?

  • රන් අණෙන් කාවද්දන්නේ දේවල් ලබාගන්න කියලාද?

  • රන් අණ අදාළ කරගන්න පුළුවන් කොහොමද?

රන් අණෙන් අදහස් වෙන්නේ මොකක්ද?

රන් අණෙන් අපිව දිරිගන්වන්නේ අනිත් අය අපිට සලකනවාට අපි කැමති විදිහටම අනිත් අයටත් සලකන්න කියලයි. ටිකකට මෙහෙම හිතන්න. අපි හැමෝම කැමති අනිත් අය අපිට ආදරෙන්, කරුණාවෙන්, ගෞරවෙන් සලකනවාට. එහෙනම් අපිත් අනිත් අයට සලකන්න ඕනෙ ඒ විදිහටම තමයි.—ලූක් 6:31.

රන් අණ පිළිපදින එක ප්‍රයෝජනවත්ද?

ජීවිතේ හැම කාරණාවකදීම වගේ රන් අණ පිළිපදින එකෙන් ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා. උදාහරණ තුනක් බලන්න. රන් අණ පිළිපදින එක . . .

  • පවුල් බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙනවා.—එෆීස 5:28, 33.

  • දරුවන්ව හොඳින් හදා වඩා ගන්න දෙමව්පියන්ට උදව් වෙනවා.—එෆීස 6:4.

  • යාළුවන් එක්ක, අසල්වැසියන් එක්ක, වැඩපොළේ අය එක්ක හොඳ බැඳීමක් පවත්වගන්න පුළුවන් වෙනවා.—හිතෝපදේශ 3:27, 28; කොලොස්සි 3:13.

රන් අණ මත තමයි පැරණි ගිවිසුම විදිහට හඳුන්වන හෙබ්‍රෙව් ලියවිල්ලේ තියෙන හුඟක් නීති පදනම් වෙලා තියෙන්නේ. යේසුස් ඒ අණ දුන්නාට පස්සේ කිව්වා “නීතියෙත් [බයිබලේ තියෙන මුල් පොත් පහෙත්] අනාගතවාක්‍යයෙත් [අනාවැකි පොත්වලත්] හරය එයයි” කියලා. (මතෙව් 7:12) තව විදිහකින් කියනවා නම් රන් අණෙන් අපිව දිරිගන්වන්නේ අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා පරණ ගිවිසුමේ සඳහන් වෙන දේ ඉටු කරන්නයි.—රෝම 13:8-10.

රන් අණෙන් කාවද්දන්නේ දේවල් ලබාගන්න කියලාද?

නැහැ. රන් අණෙන් මූලිකවම කියන්නේ අනිත් අය වෙනුවෙන් දේවල් කරන්න කියලයි. සතුරන්ටත් ආදරෙන් සලකන්න කියලා කිව්වාට පස්සේ තමයි යේසුස් රන් අණ ගැන සඳහන් කළේ. (ලූක් 6:27-31, 35) රන් අණෙන් අපිව දිරිගන්වන්නේ හැම කෙනෙක්ටම යහපත් දේවල් කරන්නයි කියලා ඒකෙන් පැහැදිලියි.

රන් අණ අදාළ කරගන්න පුළුවන් කොහොමද?

  1. 1. හොඳ නිරීක්ෂකයෙක් වෙන්න. අනිත් අය ගැන සැලකිලිමත් වෙන්න. උදාහරණෙකට මෙහෙම හිතන්න. ඔයා දකිනවා කෙනෙක් හරිම අමාරුවෙන් ලොකු බඩු මල්ලක් උස්සගෙන යනවා. නැත්නම් ඔයාට දැනගන්න ලැබෙනවා ඔයාගේ අසල්වැසියෙක්ව ඉස්පිරිතාලේ නතර කරලා කියලා. එහෙමත් නැත්නම් ඔයා දකිනවා ඔයාගේ වැඩපොළේ කෙනෙක් ටිකක් අධෛර්යය වෙලා කියලා. ඒ වගේ අය ගැන ඔයා අවංකවම සැලකිලිමත් වෙනවා නම් ඔයාට පුළුවන් විදිහකින් එයාලට උදව් කරන්න ඔයා පෙලඹෙයි.—ෆිලිප්පි 2:4.

  2. 2. අනිත් අයව තේරුම්ගන්න. තව කෙනෙක් මුහුණ දෙන දේකට ඔයාට මුහුණ දෙන්න වුණා නම් ඔයාට කොහොම හැඟෙයිද කියලා හිතලා බලන්න. (රෝම 12:15) අනිත් අයට හැඟෙන දැනෙන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන තරමටම එයාලට තවත් වැඩියෙන් උදව් කරන්න ඔයා පෙලඹෙයි.

  3. 3. තත්වයට අනුව හැඩගැහෙන්න. හැමෝම හිතන්නේ එකම විදිහට නෙවෙයි කියලා මතක තියාගන්න. උදාහරණෙකට යම් තත්වෙකට මුහුණ දෙද්දී ඔයා බලාපොරොත්තු වෙන උදව්වම ඒ තත්වෙට මුහුණ දෙන තවත් කෙනෙක් බලාපොරොත්තු නොවෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක්ට උදව් කරන්න කලින් එයාට ඇත්තටම ඕනෙ මොන වගේ උදව්වක්ද කියලා තේරුම් අරන් ඒ දේ කරන්න.—1 කොරින්ති 10:24.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න