ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 172 ලිපිය
  • මරියා මග්දලේනා කියන්නේ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මරියා මග්දලේනා කියන්නේ කවුද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • මරියා මග්දලේනා ගණිකාවක්ද?
  • මරියා මග්දලේනා “අපෝස්තුළුවරුන්ගේ අපෝස්තුළුවරියද?”
  • මරියා මග්දලේනා යේසුස් ක්‍රිස්තුස්ගේ බිරිඳද?
  • “මං ස්වාමීන්ව දැක්කා!”
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • “මම අපේ ස්වාමීන්ව දැක්කා”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මරියාගෙන් අපට ගත හැකි පාඩම්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 172 ලිපිය
නැවත නැඟිටුවීමක් ලබලා ඉන්න යේසුස්ව හිස් වූ සොහොන් ගෙය අසලදී මරියාට මුණගැහෙනවා.

මරියා මග්දලේනා කියන්නේ කවුද?

බයිබලයේ ඒ ගැන කියන දේ

මරියා මග්දලේනා කියන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ විශ්වාසවන්ත අනුගාමිකයෙක්. සමහරවිට එයා ගලීල මුහුද ආසන්නයේ තිබුණු මගදානය කියන නගරයේ කාලයක් ජීවත් වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති එයාට මග්දලේනා කියන නම ලැබුණේ.

යේසුස් සහ ඔහුගේ ගෝලයන් එක්ක ගමින් ගමට සංචාරය කරමින් එයාලට උදව් කරපු ස්ත්‍රීන් අතරේ මරියා මග්දලේනාත් හිටියා. (ලූක් 8:1-3) යේසුස් මිය ගිය විදිහ එයා ඇස් දෙකෙන්ම දැක්කා. ඒ විතරක් නෙවෙයි නැවත නැඟිටීමක් ලබපු යේසුස්ව මුලින්ම දැක්ක අය අතරෙත් එයා හිටියා.—මාක් 15:40; යොහන් 20:11-18.

  • මරියා මග්දලේනා ගණිකාවක්ද?

  • මරියා මග්දලේනා අපෝස්තුළුවරුන්ගේ අපෝස්තුළුවරියද?

  • මරියා මග්දලේනා යේසුස් ක්‍රිස්තුස්ගේ බිරිඳද?

  • මරියා කියන නම තියෙන කීදෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

මරියා මග්දලේනා ගණිකාවක්ද?

මරියා මග්දලේනා ගණිකාවක් කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ එයාව හඳුන්වලා තියෙන්නේ භූතයන් හත්දෙනෙකුගෙන් නිදහස ලැබූ කෙනෙක් විදිහටයි.—ලූක් 8:2.

එහෙමනම් මරියා මග්දලේනා ගණිකාවක් කියලා හුඟක් අය විශ්වාස කරන්නේ ඇයි? එයා මැරිලා අවුරුදු සිය ගාණක් ගියාට පස්සේ සමහරු කිව්වා තමන්ගේ කඳුළුවලින් යේසුස්ගේ කකුල් තෙමලා හිසකෙස්වලින් පිහදාපු කෙනා (පේන විදිහට එයා ගණිකාවක්) විදිහට බයිබලයේ හඳුන්වලා තියෙන්නේ මරියා මග්දලේනාව කියලා. (ලූක් 7:36-38) හැබැයි ඒ දේ විශ්වාස කරන්න බයිබලයේ කිසිම පදනමක් නැහැ.

මරියා මග්දලේනා “අපෝස්තුළුවරුන්ගේ අපෝස්තුළුවරියද?”

නැහැ. කතෝලික සභාව මරියා මග්දලේනාව ”අපෝස්තුළුවරුන්ගේ අපෝස්තුළුවරියක්” විදිහටත් සාන්තුවරියක් විදිහටත් හඳුන්වන්නේ යේසුස් නැවත නැඟිටලා කියන ආරංචිය අපෝස්තුළුවරුන්ට මුලින්ම දැනුම් දුන්නේ එයා නිසයි. (යොහන් 20:18) හැබැයි බයිබලයේ කිසිම තැනක මරියා මග්දලේනාව ”අපෝස්තුළුවරුන්ගේ අපෝස්තුළුවරියක්” විදිහට හඳුන්වලා නැහැ.—ලූක් 6:12-16.

සම්පූර්ණ බයිබලය ලියලා ඉවර වුණේ ක්‍රි.ව. පළවෙනි සියවසේ අගභාගයේදියි. හැබැයි ක්‍රි.ව. හයවෙනි සියවසේදී තමයි කතෝලික සභාව මරියා මග්දලේනාව සාන්තුවරියක් විදිහට හැඳින්නුවේ. දෙවෙනි සහ තුන්වෙනි සියවස්වල ලියැවුණු පොත්වල සඳහන් වෙනවා යේසුස්ගේ සමහර අපෝස්තුළුවරුන්ට මරියා මග්දලේනා ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා කියලා. හැබැයි බයිබලයේ කිසිම තැනක එහෙම කියලා නැහැ.

මරියා මග්දලේනා යේසුස් ක්‍රිස්තුස්ගේ බිරිඳද?

නැහැ. බයිබලයේ පැහැදිලිව සඳහන් වෙනවා යේසුස් විවාහ වුණේ නැහැ කියලා.a

a “යේසුස් විවාහ වෙලා හිටියාද? යේසුස්ට සහෝදර සහෝදරියන් හිටියාද?” කියන ලිපිය බලන්න.

මරියා කියන නම තියෙන කීදෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවාද?

මරියා කියන නමින් හඳුන්වපු හයදෙනෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා.b

  1. 1. යේසුස්ගේ මව.—මතෙව් 1:18.

  2. 2. මාර්තාගේ සහ ලාසරුස්ගේ සහෝදරිය.—යොහන් 11:1, 2.

  3. 3. මරියා මග්දලේනා.—ලූක් 8:2.

  4. 4. යාකොබ්ගේ සහ යෝසෙස්ගේ මව.—මතෙව් 27:56.

  5. 5. මාක් යන වාසගම දැරූ යොහන්ගේ මව.—ක්‍රියා 12:12.

  6. 6. සහෝදර සහෝදරියන් වෙනුවෙන් වෙහෙසිලා වැඩ කරපු රෝමයේ හිටිය ක්‍රිස්තියානියෙක්.—රෝම 16:6.

b මෝසෙස්ගේ සහෝදරියට ලැබිලා තිබුණු මිරියම් කියන හෙබ්‍රෙව් නම ග්‍රීක භාෂාවෙන් හඳුන්වන්නේ මරියා කියලයි.—1 ලේකම් 6:3.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න