ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb17 76-81 පි.
  • ඕෂනියාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඕෂනියාව
  • 2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • එයා ආවේ අවුරුදු නමයකට පස්සේ
  • තුන් පාරක් පොත කියෙව්වා
  • දුව හරිම ආසාවෙන් ඒක බැලුවා
  • ‘එඬේරෙකු නැති බැටළුවන් වගේ’
  • වෛද්‍යවරියෙක්ට ලැබුණු තෑග්ග
2017 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb17 76-81 පි.
ෆීජි වැසියෙක්ට සාක්ෂි දරන සහෝදරයෙක්

ෆීජි

ලොව වටා සේවය

ඕෂනියාව

  • රටවල් ගණන 29

  • ජනගහනය 4,10,51,379

  • ප්‍රචාරකයන් ගණන 98,574

  • බයිබල් පාඩම් ගණන 67,609

එයා ආවේ අවුරුදු නමයකට පස්සේ

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔලිවියා පෙර පාසලට යන කාලේ එයාගේ ගුරුවරියට යේසුස්ගේ මරණය සිහි කිරීමට ආරාධනා කළා. එදා ඉඳන් හැම අවුරුද්දකම එයා ඒ ගුරුවරියට ආරාධනා කරන්න අමතක කළේ නැහැ. අන්තිමේදී අවුරුදු නමයකට පස්සේ 2016දී ගුරුතුමිය එයාගේ සැමියාත් එක්ක සිහි කිරීමට එන්න තීරණය කළා. සැමියා නගර සභාවේ වැඩ කරලා තිබුණු කෙනෙක් නිසා මේ නමස්කාර මධ්‍යස්ථානය හදන කාලයේ වුණු දේවල් එයාට මතකයි කියලා කිව්වා. ඒකේ ඉදි කිරීමේ කටයුතු හරිම පිළිවෙළට සංවිධානය කරලා තිබුණු ආකාරය ගැන එයා සහෝදරයන් එක්ක කිව්වා. සිහි කිරීම තිබුණු දවසේ එයාලා ගොඩක් සතුටින් කාලය ගත කළා. ඇවිත් හිටපු හැමෝ එක්කම වගේ ගොඩක් වෙලා කතා කර කර හිටියා.

ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔලිවියා එයාගේ ගුරුවරියට දුරකථනයෙන් කතා කරමින්

ඕස්ට්‍රේලියාව: අවුරුදු නමයකට පස්සේ දරපු වෑයමට ප්‍රතිඵල ලැබුණා

තුන් පාරක් පොත කියෙව්වා

ජසින්ටුයි එයාගේ බිරිඳයි ජීවත් වුණේ නැඟෙනහිර ටිමෝරයේ. මේ දෙන්නා කතෝලික ආගමට හුඟක් ළැදියි. එයාලාගේ නෑයෙක් සාක්ෂිකාරයෙක් වුණා කියලා දැනගත්තාම දෙන්නාට හුඟක් කේන්ති ගියා. එයා ගත්තේ වැරදි තීරණයක් කියලා ඔප්පු කරන්න ඕන නිසා ජසින්ටු තීරණය කළා ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොත කියවන්න. එයා හැදුවේ ඒකේ තියෙන වැරදි හොයන්න. ඒත් පස්සේ එයා බිරිඳට කිව්වේ “මේකේ කිසිම වැරැද්දක් නැහැනේ” කියලා.

එතකොට බිරිඳ මෙහෙම කිව්වා. “ඔයා හරියට ඒ පොත කියවලා නැතුව ඇති. ආපහු හොඳට වෙලා අරන් හිමීට කියවන්න.”

එයා එහෙම කළා. ඊටපස්සේ බිරිඳට මෙහෙම කිව්වා. “මේකේ තියෙන ඔක්කොම දේවල් අරන් තියෙන්නේ බයිබලයෙන්. මැරිච්ච අයට වන්දනාමාන කරන එක ගැන ඒ පොතේ තියෙන ඒවාත් අරන් තියෙන්නේ බයිබලයෙන්.”

ඒක අහපු බිරිඳ මෙහෙම කිව්වා. “ආයෙත් කියවන්න. ඒත් මේ පාර නම් කියවද්දී හොඳට බලන්න. යටින් ඉරි ගහන්න. වැරදි තියෙන්නම ඕනේ.”

ජසින්ටු ආයෙත් පොත කියෙව්වා. වැදගත් අදහස් යටින් ඉරි ගැහුවා. ඊටපස්සේ බිරිඳට මෙහෙම කිව්වා. “මේකේ කිසිම වැරැද්දක් නැහැනේ. පුතා අරන් තියෙන්නේ හරි තීරණය.” දැන් ජසින්ටුත් සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවා.

දුව හරිම ආසාවෙන් ඒක බැලුවා

ගුවාම්වල පදිංචි වෙලා හිටිය පුරෝගාමි සහෝදරියක් ‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’ කියන වීඩියෝ එක කාන්තාවකට පෙන්නුවා. ආයෙත් එයාව බලන්න එන්නම් කියලා සහෝදරිය කිව්වා. ඒත් කිහිප වතාවක්ම ගියත් සහෝදරියට ඒ කාන්තාවව හම්බ වුණේ නැහැ. දවසක් කාන්තාවගේ දුවව හම්බ වුණා. සහෝදරිය ඇයට ‘යෙහෝවා දෙවිගේ යාළුවෝ’ කියන වීඩියෝ මාලාවෙන් වීඩියෝ එකක් පෙන්නුවා. දුව හරිම ආසාවෙන් ඒක බැලුවා. දුව එයාගේ අම්මාට කියලා තිබුණා වීඩියෝ එක පෙන්නපු ආන්ටිගේ පල්ලියට යන්න ඕනෙ කියලා. ඊළඟ පාර ඒ ගෙදරට ගියාම සහෝදරියට ඒ කාන්තාවව හම්බ වුණා. එයා එදා නම් බයිබලයෙන් කියලා දීපු දේවල්වලට ඇහුම්කන් දුන්නා. බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා.

‘එඬේරෙකු නැති බැටළුවන් වගේ’

පැපුවා නිව් ගිනියාවේ ඉනාකොර් ප්‍රදේශයේ ඉන්න අයට කලින් ශුභාරංචිය අහන්න ලැබිලා තිබුණේ නැහැ. චාරිකා සේවකයෙක් වන ටෙරන්ස්ට සහ එයාගේ බිරිඳට සේවය කරන්න ඒ පළාතට යන්න අවස්ථාවක් ලැබුණා. ටෙරන්ස් ඒ ගැන මෙහෙම මතක් කරනවා. “පළවෙනි දවසේ පාන්දර අපි නිදාගෙන ඉද්දී දොරට ගහන සද්දයක් ඇහුණා. දොර ඇරලා බලනකොට හුඟදෙනෙක් එළියේ හිටන් හිටියා. අපි උදේ හයේ ඉඳන් දවල් දොළහ විතර වෙන කල් ඒ අයට දේශනා කළා. ඊටපස්සේ ආයෙත් දෙකේ ඉඳන් මහ රෑ වෙන කල්ම දේශනා කළා.” ඊළඟ දවසේ මේ දෙන්නා වෙන තැනකට යන්න පාන්දරින්ම නැවතිලා හිටපු ගෙදරින් පිටත් වෙලා ගිහින් තිබුණා. කට්ටියක් ඒ දෙන්නා අලුතින් ගිය තැනටත් එයාලාව හොයාගෙන ඇවිල්ලා. ටෙරන්ස් ඒ ගැන මෙහෙම කියනවා. “එතනදීත් මං දවල් වෙන කල් බයිබලයේ තියෙන දේවල් එයාලාට කියලා දුන්නා. ඊටපස්සේ අපි නතර වෙලා හිටපු තැනට ආයෙත් ආවාම තවත් කට්ටියක් එතැනට ඇවිත් හිටියා. මේ වගේ හැම දවසකම හුඟක් අය ආවා අපිව හොයාගෙන. එයාලාට බයිබලය ගැන දැනගන්න කොච්චර ලොකු උනන්දුවක් තියෙනවාද! එයාලා ‘එඬේරෙකු නැති බැටළුවන් වගේ’ කියලා මට හිතුණා.”—මතෙ. 9:36.

ටෙරන්ස් සහ ස්ටෙලාගෙන් ඉගෙනගන්න අසාවෙන් බලන් ඉන්න පැපුවා නිව් ගිනියාවේ වැසියන් පිරිසක්

පැපුවා නිව් ගිනියාව: ටෙරන්ස් සහ ස්ටෙලාගෙන් ඉගෙනගන්න අසාවෙන් බලන් ඉන්න සෙනඟ

වෛද්‍යවරියෙක්ට ලැබුණු තෑග්ග

නව කැලිඩෝනියාවේ පුරෝගාමි සේවය කරපු ඇග්නස්, අතේ කැක්කුමකට වෛද්‍යවරියක්ව හම්බ වෙන්න ගියා. ඒ වෛද්‍යවරිය මෙහෙම කිව්වා. “හුඟදෙනෙක් එක එක විදිහේ දේවල් හින්දා අද වේදනා විඳිනවා. මං හැම තිස්සෙම හිතන්නේ ඇයි දෙවියන් මෙච්චර නපුරු කියලා.” ලැබුණු අවස්ථාව ගැන දෙවිට ස්තුති කරපු ඇග්නස් එයාට ‘දුක් කරදර කවදා හරි නැති වෙයිද?’ කියන පත්‍රිකාව දුන්නා. ඒ වගේම එළිදරව් 21:3, 4 බයිබලයෙන් කියෙව්වා.

එතකොට වෛද්‍යවරිය මෙහෙම කිව්වා. “මං නම් හිතෙන්නේ ඔයා කියවපු පදය මගේ බයිබලයේ නැහැ. මොකද ඒකේ තියෙන්නේ සුවිශේෂ පොත් විතරයි.” ඊටපස්සේ ඇග්නස් සාක්ෂිකරුවෙක් කියලා දැනගත්තාම එයා කිව්වා එයාගේ මව්රට වන චිලීවලදී සාක්ෂිකරුවන්ව හම්බ වෙලා තියෙනවා කියලා.

JW බ්‍රෝඩ්කාස්ටිං එකේ චිලී රට ගැන පළ වුණු වාර්තාවක් තියෙනවා කියලා ඇග්නස්ට මතක් වුණා. ඊළඟ සැරේ වෛද්‍යවරියව හම්බ වෙන්න ගියාම ඇග්නස් ඒක එයාට පෙන්නුවා. චිලී රටේ බෙතෙල් එකත් එක්රැස්වීම් ශාලාවත් දැකලා එයාට හරිම ආස හිතුණා. ඊටපස්සේ ඇග්නස් මෙහෙම කිව්වා. “මං ඔයාට දෙන දෙවෙනි තෑග්ග තමයි මේ බයිබලය. ගිය සතියේ මං ඔයාට පෙන්නපු එළිදරව් 21:3, 4 දැන් ඔයාට ඔයාගේ බයිබලයෙන්ම බලන්න පුළුවන්.” වෛද්‍යවරිය එකපාරටම පුටුවෙන් නැගිටලා එයාව වැලඳගෙන මෙහෙම කිව්වා. “මට මේ දීපු තෑගි දෙකටම ඔයාට ගොඩක් ස්තුතියි.”

නව කැලිඩෝනියාවේ පුරෝගාමියෙක් වන ඇග්නස් වෛද්‍යවරියකට වීඩියෝ එකක් පෙන්වමින්

නව කැලිඩෝනියාව: එයාගේ වෛද්‍යවරිය උනන්දුවක් පෙන්නුවා

ඊළඟ පාර වෛද්‍යවරියව හම්බ වෙන්න ගිය වෙලාවේ ඇග්නස් එයාට ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ කියන පොත දුන්නා. ඒ වගේම මිනිසුන් දුක් වේදනා විඳින්නේ ඇයි කියලත් පැහැදිලි කළා. එයා නිවාඩුවට චිලීවලට යනවා කියලත් මේ පොත අරන් ගිහින් සම්පූර්ණයෙන්ම කියවන්නම් කියලත් වෛද්‍යවරිය කිව්වා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න