ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 132 පි.-137 පි. 1 ¶
  • බාධා හමුවේ ඉදිරියට

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බාධා හමුවේ ඉදිරියට
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • සුම්බාවල සහෝදරයන්ට පීඩා
  • “සාක්ෂිකරුවන් ඇණ වගේ”
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 132 පි.-137 පි. 1 ¶
ඉන්දුනීසියාවේ තහනම තිබුණු කාලයේ පවත්වපු සමුළුවක්. පිරිසක් බෝට්ටුවක ඉඳන් ඇහුම්කන් දෙනවා

තහනම තිබුණු කාලයේ සමුළුවක්. පිරිසක් බෝට්ටුවක ඉඳන් ඇහුම්කන් දෙනවා

ඉන්දුනීසියාව

බාධා හමුවේ ඉදිරියට

සාක්ෂිකරුවන්ව තහනම් කරන්න යනවා කියලා ශාඛා කාර්යාලයේ සහෝදරයන් දැනගත්ත ගමන් කරපු දෙයක් ගැන සහෝදර රොනල්ඩ් ජැකා මෙහෙම කිව්වා. “අපි අපේ ලියකියවිලි, පොත් පත් සහ සම්මාදම් එයාලට හොයාගන්න බැරි වෙන්න ගෙවල්වල හැංගුවා. අපේ ශාඛා කාර්යාලයත් වෙන තැනකට අරං ගිහින් ගොඩනැඟිලි ටික විකුණලා දැම්මා.”

1977 හා 2001 අතර කාලයේදී ඉන්දුනීසියාවේ හිටපු පුරෝගාමීන්ගේ හා ප්‍රචාරකයන්ගේ ගණන පෙන්වන ප්‍රස්ථාරයක්

මේ වෙනකොටත් පීඩා විඳදරාගෙන හිටිය හුඟක් සහෝදරයන් තහනම යටතෙත් බය නැතුව සේවය කළා. ඒත් සමහර අය ටිකක් බය වුණා. උදාහරණයකට දේශනා සේවය නවත්තනවා කියලා වැඩිමහල්ලන් කිහිපදෙනෙක් ලියවිල්ලක අත්සන් කළා. සමහර සහෝදරයන් අනිත් අයව පාවා දුන්නා. ඒ නිසා සහෝදරයන්ව දිරිගන්වන්න සහ විශ්වාසය දුර්වල කරගත්ත අයට උදව් කරන්න ශාඛා කාර්යාලයෙන් විශ්වාසවන්ත සහෝදරයන්ව යැව්වා. පාලක මණ්ඩලයේ සහෝදරයෙක් වුණ ජෝන් බූත් ඒ කාලයේදීම ඉන්දුනීසියාවට ගිහින් සහෝදරයන්ව දිරිගැන්නුවා.

මේ දේවල්වලින් පෙනුණේ අපේ ප්‍රේමණීය එඬේරා වන යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව ශක්තිමත් කරනවා කියන එකයි. (එස. 34:15) ඒ කාලෙදී වැඩිමහල්ලන් වෙනදටත් වඩා උද්‍යෝගයෙන් සේවය කළා. සහෝදරයන්ව දිරිගැන්වුවා. මේ අතර සහෝදරයන් ඥානවන්තව සේවය කරන්න විවිධ උපක්‍රම හොයාගත්තා. (මතෙ. 10:16) උදාහරණයකට සමහර සහෝදරයන් ඉන්දුනීසියාවේ බයිබල් සමාගමෙන් බයිබල් අරං ඒවා බෙදා දුන්නා විතරක් නෙමෙයි අවස්ථාවක් ලැබුණොත් ඒ අයට ශුභාරංචිය ගැනත් කිව්වා. තවත් සහෝදරයන් ප්‍රකාශකයන් ගැන විස්තර තියෙන පිටුව අයින් කරලා අපේ පොත් පත් උනන්දුව දක්වන අයට ලබා දුන්නා. ජපන් හමුදා පාලනය තිබුණු කාලයේ සහෝදරයන් කළා වගේ හුඟක් පුරෝගාමීන් බඩු විකුණන අය වගේ ගෙවල්වලට ගිහින් සාක්ෂි දැරුවා.

මාගරේටා සහ නෝබට් හවුස්ලර්

මාගරේටා සහ නෝබට් හවුස්ලර්

1977දී ආගමික කටයුතු දෙපාර්තමේන්තුව සාක්ෂිකරුවන්ව නවත්තන්න හිතාගෙන තවදුරටත් මිෂනාරි වීසා දෙන එක ප්‍රතික්ෂේප කළා. ඒ නිසා හුඟක් මිෂනාරිවරුන්ට වෙනත් රටවල්වලට යන්න සිද්ධ වුණා.a තමන්ගේ භාර්යාව මාගරේටාත් එක්ක සුලවෙසිවල මනැඩෝ නගරයේ මිෂනාරි සේවය කළ සහෝදර නෝබට් හවුස්ලර් කිව්වේ මෙහෙමයි. “අපි ඉන්දුනීසියාවෙන් යන දවසේ අපිව ඇරලන්න සහෝදරයෝ සිය ගාණක් ඇවිල්ලා හිටියා. ප්ලේන් එක ඇතුළට යන්න කලින් අපි ආපහු හැරිලා බලද්දී ‘අපිත් එක්ක මෙච්චර කාලයක් හිටියට ස්තූතියි’ කියකියා එයාලා හැමෝම අඬඅඬා අපිට අත වැනුවා. ප්ලේන් එකට නැග්ගට පස්සේ අපිත් ගොඩක් ඇඬුවා.”

සුම්බාවල සහෝදරයන්ට පීඩා

සාක්ෂිකරුවන්ව තහනම් කළා කියන ආරංචිය රට පුරාම පැතිරිලා යද්දී ඔවුන්ගේ වැඩ ගැන ආරංචියක් ලැබුණොත් වහාම නිලධාරීන්ට කියන්න කියලා පල්ලිවලින් දැනුම් දුන්නා. මේ නිසා හුඟක් දූපත්වල හිටිය සහෝදරයන්ව ගෙන්නලා ප්‍රශ්න කළා. සමහරුන්ව අත්අඩංගුවට ගත්තා.

සුම්බා දූපතේ වායින්ගාපුවල හිටිය දිස්ත්‍රික් හමුදා නිලධාරියා සහෝදරයන් 23දෙනෙක්ව හමුදා කඳවුරට ගෙන්නුවා. ආගම අත්හරිනවා කියලා ලියවිල්ලක අත්සන් කරන්න කියලා ඔහු සහෝදරයන්ට තර්ජනය කළා. සහෝදරයෝ ඒක කළේ නැති නිසා ගිහින් පහුවදා ආයෙත් කඳවුරට එන්න කියලා නිලධාරියා ඔවුන්ට නියෝග කළා. ඒ නිසා ඔවුන්ට ගිහින් එන්න කිලෝමීටර් 14ක් ඇවිදින්න වුණා.

එදා උදෙත් නිලධාරියා ඔවුන් එක් එක් කෙනාව ගෙන්නලා ලියවිල්ලට අත්සන් කරන්න කියලා ආයෙත් බල කළා. සහෝදරයෝ ඒකට අකමැති වුණ නිසා සොල්දාදුවන් ඔවුන්ට කටු අතුවලින් ගැහුවා. සමහර අයට සිහි නැති වෙන කල් ගහලා ඔවුන් ලැබුවේ ලොකු විනෝදයක්. ඒ වෙලාවේ සහෝදර මනී කෙලී ඉස්සරහට ඇවිත් ඒ ලියවිල්ලේ මොනවදෝ ලිව්වා. මේක දැකපු අනිත් අය හිතුවේ ඔහු විශ්වාසය පාවා දුන්නා කියලයි. ඒත් ඔහු ලිව්ව දේ දැකලා නිලධාරියා වියරු වැටුණා. මොකද ඔහු ලියලා තිබුණේ “මම සදහටම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්” කියලා. සොල්දාදුවෝ ඔහුට කොච්චර ගැහුවද කියනවා නම් ඔහුව රෝහල් ගත කරන්න සිද්ධ වුණා. ඒ මොනවා වුණත් ඔහුගේ විශ්වාසය නම් පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ.

මේ විදිහට දවස් 11ක්ම නිලධාරියා සහෝදරයන්ගේ විශ්වාසය බිඳින්න හැදුවා. ඔහු ඔවුන්ව තද අව්වේ මුළු දවස පුරාම හිටවලා තිබ්බා. හැතැප්ම ගාණක් දණ ගාගෙන යන්න කිව්වා. ලොකු බරක් උස්සගෙන දුර දුවන්නත් කිව්වා. නිලධාරියා සහෝදරයන්ගේ බෙල්ලට තුවක්කුවක් තියලා කොඩියට ආචාර කරන්න කිව්වා. සහෝදරයන් ඒක කළේ නැති නිසා ඔවුන්ට තවත් පහර දෙන්න කියලා ඔහු අණ කළා.

හැම උදේකම සහෝදරයෝ කඳවුරට ආවේ අද මොනවා වෙයිද කියලා හිතහිතයි. ඒ එන අතරේ ඔවුන් එකතු වෙලා යාච්ඤා කළා. එකිනෙකාව දිරිගැන්නුවා. හැම රෑකම ඔවුන් ගෙදර ගියේ ගුටි කාලා, තුවාල වෙලා, ඇවිදගන්නවත් පණ නැතුවයි. ඒ මොනවා වුණත් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න පුළුවන් වුණ එක ගැන සහෝදරයන් සතුටු වුණා.

සහෝදරයන්ට පීඩා කරනවා කියලා ශාඛා කාර්යාලයෙන් දැනගත්ත ගමන්ම ඒ ක්‍රියාව හෙළාදකිනවා කියලා වායින්ගාපුවල නිලධාරියාට දැනුම් දුන්නා. ඒ වගේම ටිමෝරයේ ප්‍රාදේශීය අණ දෙන නිලධාරියාටත් බාලි දූපතේ කොට්ඨාශ භාර අණ දෙන නිලධාරියාටත් ජකාර්තාවල හමුදාවේ ඉහළ තනතුරක් දරපු නිලධාරියෙක්ට හා රජයේ උසස් නිලධාරීන්ටත් ඒ ගැන දැනුම් දුන්නා. ඔහු කරන සැහැසිකකම් මුළු රටටම හෙළි වෙලා කියලා දැනගත්ත නිලධාරියා සහෝදරයන්ට පීඩා කරන එක නැවැත්තුවා.

“සාක්ෂිකරුවන් ඇණ වගේ”

අවුරුදු ගණනාවක්ම ඉන්දුනීසියාවේ සහෝදරයන්ව සිර භාරයට ගත්තා. ඔවුන්ගෙන් ප්‍රශ්න කළා. ඒ වගේම වධ හිංසා කළා. මිෂනාරි සහෝදරයෙක් වුණ බිල් පෙරී මෙහෙම කිව්වා. “එක පළාතක හිටපු හුඟක් සහෝදරයන්ට ගහලා තිබුණ නිසා ඉස්සරහා දත් කැඩිලයි තිබ්බේ. ඒ නිසා ඉස්සරහා දත් තියෙන සහෝදරයෙක් හම්බ වුණාම අනිත් අය විහිළුවට වගේ ‘ඔයා අලුතෙන්ද සත්‍යයට ආවේ? නැත්නම් ඔයා විශ්වාසය පාවා දුන්න කෙනෙක්ද’ කියලා ඇහුවා. කොච්චර පීඩා තිබුණත් එයාලා සතුටින් දෙවිට සේවය කළා.”

“වැඩි වැඩියෙන් දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න හිරේදි මං ඉගෙනගත්තා. ඒකෙන් මං දෙවිට තවත් ළං වුණා”

අවුරුදු 13ක් පුරා සාක්ෂිකරුවන් 93දෙනෙක්ව මාස 2ත් අවුරුදු 4ත් අතර කාලයකට හිරේ යවලා තියෙනවා. එහෙම කළේ ඔවුන්ගේ විශ්වාසය බිඳින්න වුණත් ඒකෙන් වුණේ ඔවුන්ගේ විශ්වාසය තවත් ශක්තිමත් වුණ එකයි. මාස 8ක් හිරේ හිටිය සහෝදර මූසා රාඩේ හිරෙන් නිදහස් වුණාට පස්සේ ගමට ගිහින් සහෝදරයන්ව සේවයට උනන්දු කළා. ඔහු ඔවුන්ට කිව්වේ මෙහෙමයි. “වැඩි වැඩියෙන් දෙවිව විශ්වාස කරලා වැඩ කරන්න හිරේදි මං ඉගෙනගත්තා. ඒකෙන් මං දෙවිට තවත් ළං වුණා.” ඒ නිසා සමහරු මෙහෙම කියන එක පුදුමයක් නෙමෙයි. “සාක්ෂිකරුවන් හරියට ඇණ වගේ. ඇණේකට ගහන්න ගහන්න ඒ ඇණේ තවත් ගැඹුරට යනවා. ඒ වගේ තමයි පීඩා කරන්න කරන්න එයාලගේ විශ්වාස තවත් ශක්තිමත් වෙනවා.”

මාලුකුවල ඇම්බොන් ප්‍රදේශයේ සේවය කරන්න යන පිරිසක්

මාලුකුවල ඇම්බොන් ප්‍රදේශයේ සේවය කරන්න යන පිරිසක්

a අවුරුදු ගාණක් මිෂනාරි සේවය කළ සහෝදර පීටර් වොන්ඩහාකන් හා ලෙන් ඩේවිස් මේ වෙද්දී ගොඩක් වයසට ගිහිල්ලයි හිටියේ. ඒ වගේම මේරියන් ටාම්බුනන් (කලින් මේරියන් ස්ටූවේ) විවාහ වෙලා හිටියේ ඉන්දුනීසියානු සහෝදරයෙක් එක්ක. ඒ නිසා මේ තුන්දෙනාට ඉන්දුනීසියාවේ ඉන්න අවසර ලැබුණා. තහනම පැවතුනු කාලෙදී ඔවුන් උද්‍යෝගයෙන් සේවය කළා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න