ඉන්දුනීසියාව
පාතාල නායකයෙක් හොඳ පුරවැසියෙක් වෙයි
හිසාර් සොමින්
ඉපදුණේ 1911
බව්තීස්ම වුණේ 1952
තොරතුරු කලින් පාතාල කල්ලියක නායකයෙක් වුණත් පස්සේ කාලයකදී ශාඛා කමිටු සාමාජිකයෙක් විදිහට සේවය කළ කෙනෙක්.
දවසක් බුද්ධි අංශ ප්රධානියෙක් සහෝදර සොමින්ව නීතිපති කාර්යාලයට ගෙන්වලා ප්රශ්න කළා.
ඔහු සොමින්ගෙන් මෙහෙම ඇහුවා. “ඔයා ඉන්දුනීසියාවේ මනුස්සයෙක්නේ. ඒ නිසා කිසි දෙයක් හංගන්නේ නැතුව මට ඇත්ත කියන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ ඇත්තටම මෙහේ මොනවද කරන්නේ?”
සහෝදර සොමින් ඔහුට මෙහෙම කිව්වා. “මං ගැන දෙයක් කියන්නද? ඉස්සර මං පාතාල කල්ලියක නායකයෙක්. ඒත් මං දැන් අනිත් අයට බයිබලයේ තියෙන දේවල් උගන්වනවා. ඒක තමයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉන්දුනීසියාවේ කරන්නේ. මං වගේ කිසි වැඩකට නැති මිනිස්සුන්ට හොඳ මිනිස්සු වෙන්න උදව් කරනවා.”
ඊටපස්සේ ඒ නිලධාරියා මෙහෙම ප්රකාශයක් කළා. “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන හුඟක් අය චෝදනා කරනවා. ඒත් මං දන්නවා ඒක හොඳ ආගමක් කියලා. මොකද සොමින් මහත්මයාට එයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වුණේ ඒ ආගම නිසයි.”