ඉන්දුනීසියාව
අවුරුදු 50ක් පුරා සේවය කළ විශේෂ පුරෝගාමියෙක්
ඇලිස්ටන් ලූමාර
ඉපදුණේ 1927
බව්තීස්ම වුණේ 1962
තොරතුරු කලින් පොලිස් පරීක්ෂකයෙක් වෙලා හිටිය, අවුරුදු 50කට වැඩි කාලයක් තිස්සේ විශේෂ පුරෝගාමියෙක් විදිහට සේවය කළ කෙනෙක්.
1964දී මට විශේෂ පුරෝගාමියෙක් විදිහට බටහිර පැපුවාවේ මානොක්වරිවලට පැවරුමක් ලැබුණා. එහේ තිබුණ පුංචි සභාවේ සහෝදරයන්ට පූජකයන් නිතරම වගේ පීඩා කළා. මං එහෙට ගිය අලුත රෙපරමාදු පූජකයෙක් මගේ ගෙදරටත් කඩාපැන්නා.
“මං මේ ගේ කුඩු කරලා දානවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මානොක්වරිවලින් අතුගාලා දානවා” කියලා එයා කෑ ගැහුවා.
මං කලින් වැඩ කළේ පොලීසියේ නිසා එයාගේ තර්ජනවලට මං බය වුණේ නැහැ. මං එයාත් එක්ක හරිම කාරුණිකව කතා කරපු නිසා එයා අපිට කරදරයක් නොකර යන්න ගියා.—1 පේතෘ. 3:15.
ඒ දවස්වල මානොක්වරි සභාවේ හිටියේ ප්රචාරකයන් 8දෙනයි. ඒත් දැන් ඒ කියන්නේ අවුරුදු 50කට විතර පස්සේ එහේ සභා 7ක් තියෙනවා. 2014දී එහේ තිබුණු සමුළුවකට 1,200කට වඩා වැඩිදෙනෙක් ආවා. යෙහෝවා දෙවිගේ උදව්වෙන් මේ ප්රදේශයේ ඇති වෙලා තියෙන දියුණුව දැක්කාම මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්!