ඉන්දුනීසියාව
ඔහු මුල් තැන දුන්නේ යෙහෝවා දෙවිට
තියෝ සෙං බී
ඉපදුණේ 1906
බව්තීස්ම වුණේ 1937
තොරතුරු ජාතිවාදී අරගල නිසා පීඩා වින්ද විශ්වාසවන්ත වැඩිමහල්ලෙක්.—පැවසුවේ ඔහුගේ දුව තියෝ සෝ නියෝ.
1963 මැයි මාසයේ ඉන්දුනීසියාවේ හිටිය චීන ජාතිකයන්ට විරුද්ධව කැරැල්ලක් ඇති වුණා. වැඩියෙන්ම කෝලහල තිබ්බේ සුකාභූමි නගරයේ. ඒ දවස්වල අපිත් හිටියේ එහේ. අපි කළේ භාණ්ඩ ප්රවාහණය කරන ව්‍යාපාරයක්. දවසක් වියරු වැටුණු මිනිස්සු සීයක් විතර අපේ ගෙදරට කඩාපැන්නා. අපේ අසල්වැසියෝ දෙතුන් දෙනෙකුත් එතන හිටියා. එයාලා අපේ ගෙදර බඩු කඩලා සමහර බඩු බලෙන්ම අරගෙන ගියා. අපි හොඳටම බය වුණා.
ඒ කල්ලිය ගියාට පස්සේ අපේ අහළ පහළ ගෙවල්වල හිටපු තවත් කිහිපදෙනෙක් අපිට උදව් කරන්න ආවා. ඒ වෙලාවේ තාත්තා එයාලා එක්ක සාලේ බිම ඉඳගත්තා. සුන්බුන් අතරින් එයාගේ ලොකු බයිබලය හොයාගෙන මේ සිද්ධ වෙන්නේ කලින්ම කියලා තියෙන දේවල් කියලා ඇවිත් හිටපු අයට තාත්තා බයිබලෙන්ම පෙන්නුවා. අනාගතයේදී එන්න යන දේවරාජ්‍යය ගැනත් එයා කිව්වා.
මගේ තාත්තා කවදාවත් සල්ලි දේපළ රැස් කරන්න මුල් තැන දීපු කෙනක් නෙමෙයි. එයා අපිට නිතරම කිව්වේ “දෙවිගේ දේවල්වලට මුල් තැන දෙන්න” කියලා. පවුලේ අයයි, නෑදෑයෝ සහ අසල්වැසියෝ ගොඩදෙනකුයි සත්‍යයට ආවේ තාත්තාගේ හොඳ ආදර්ශය නිසා.