ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 ජූනි 31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • “සංකේතවත් අර්ථයක්” තියෙන සිද්ධියක් තේරුම්ගමු
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අපටත් වැදගත් වන “සංකේතාත්මක අර්ථයක්” ඇති සිද්ධියක්
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය ගැන නොසැලෙන විශ්වාසයකින් ඉන්න
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පූජකයන්ගෙන් යුත් රාජ්‍යයක්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 ජූනි 31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

ගලාති 4:24 පාවුල් කතා කරන්නේ මොන ගිවිසුම් දෙක ගැනද?

ආබ්‍රහම්ට සාරා එක්කයි, හාගර් එක්කයි තියෙන බැඳීම ගැන කිව්වාට පස්සේ පාවුල් මෙහෙම කියනවා. “ඒ සිද්ධීන්වලට සංකේතවත් අර්ථයක් තියෙනවා. ඒ ස්ත්‍රීන් දෙන්නාගෙන් නියෝජනය වෙන්නේ ගිවිසුම් දෙකක්.” (ගලා. 4:22-24) කලින් අපි තේරුම් අරන් හිටියේ ඒ ගිවිසුම් දෙක නීතිය මාර්ගයෙන් ඇති කරගත්ත ගිවිසුම සහ අලුත් ගිවිසුම කියලා. හැබැයි ඒ ගැන තව අධ්‍යයනය කළාට පස්සේ අපිට තේරුණා ඒකේ වෙනසක් වෙන්න ඕනෙ කියලා. පේන විදිහට පාවුල් මෙතන කියන්නේ අලුත් ගිවිසුම ගැන නෙවෙයි, ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුම ගැනයි. එහෙම කියන්න හේතු කීපයක් බලමු.a

පාවුල් කිව්වා සේවිකාවක් වුණ හාගර්ගෙන් නියෝජනය වෙන්නේ සීනයි කන්ද කියලා. (ගලා. 4:25) ඒ කියන්නේ ක්‍රි.පූ. 1513දී සීනයි කන්ද ළඟදී නීතිය මාර්ගයෙන් ඇති කරගත්ත ගිවිසුම හරියට හාගර් වගේ. (නික්. 19:5, 6) පාපය උරුම කරගත්ත කිසිම කෙනෙක්ට බැහැ ඒ නීතිය 100%ක් පිළිපදින්න. ඒ නිසා ඒ ගිවිසුමෙන් යුදෙව්වන්ට මතක් කළා එයාලා පාපයට වහල් වෙලා ඉන්නේ කියලා. මෙසියස්ව අඳුරගන්නත් ඒ ගිවිසුම ඊශ්‍රායෙල්වරුන්ට උදව් වුණා. මොකද ඔහුට විතරයි පුළුවන් ඒ නීතිය 100%ක් පිළිපදින්න. මෙසියස් ඔහුගේ පරිපූර්ණ ජීවිතේ පූජා කළාම පාපය උරුම කරගත්ත මිනිස්සුන්ට අවස්ථාව ලැබුණා පාපයෙන් සහ මරණයෙන් නිදහස් වෙන්න. (ගලා. 3:19, 24, 25) ඉතින් යේසුස් දෙවියන්ගේ අරමුණ ඉටු කළාට පස්සේ තවදුරටත් නීතිය ඕන වුණේ නැහැ.—රෝම 10:4.

පාවුල් හාගර්ගෙයි, “නිදහස් ස්ත්‍රිය” වුණ සාරාගෙයි වෙනස පෙන්නනවා. සාරාට “දරුවා ඉපදුණේ දුන්න පොරොන්දුවක් නිසයි.” (ගලා. 4:23) ඒ පොරොන්දුව තමයි යෙහෝවා ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුම කියලා කියන්නේ. (ගලා. 3:29; 4:28, 30) යෙහෝවා උත්පත්ති 22:18 ඒ ගිවිසුම ගැන මෙහෙම කිව්වා. “ඔයාගෙන් [ආබ්‍රහම්ගෙන්] පැවත එන කෙනා මාර්ගයෙන් පොළොවේ ඉන්න හැම ජාතියක්ම ආශීර්වාද ලබාගන්නවා.”

ඒදන් උයනේදී යෙහෝවා දුන්න පොරොන්දුවට ඇතුළත් තවත් තොරතුරු ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුමෙන් එළිදරව් වුණා. (උත්. 3:15) “පැවත එන කෙනා” එන්නේ ආබ්‍රහම්ගේ පෙළපතින් කියලා ඒකෙන් කිව්වා. “පැවත එන කෙනා” කියද්දී ඒක මූලිකවම අදාළ වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්ට කියලා පාවුල් පැහැදිලි කළා. ඒත් “ක්‍රිස්තුස්ට අයිති අය” ඒ කියන්නේ ඔහුත් එක්ක දේවරාජ්‍යයේ රජකම් කරන 1,44,000දෙනාත් මේ පැවත එන කෙනාට ඇතුළත් වෙනවා කියලා පාවුල් පැහැදිලි කළා. (ගලා. 3:16, 29; එළි. 14:1-3) දෙවියන් ආබ්‍රහම් එක්ක ඇති කරගත්ත ගිවිසුම නිසා යේසුස්ව පිළි අරන් ඔහුට කීකරු වෙන අයට ගොඩක් ආශීර්වාද ලැබෙන්න යනවා.

සාරා සහ හාගර් ගැන කියලා පාවුල් උගන්නන්න හදපු පාඩම මොකක්ද? එයා කිව්වා ඒ කාලේ යුදෙව්වන් දිගටම නීතිය පිළිපදින්න ගියොත් එයාලටත් වෙන්නේ හාගර් වගේ දිගටම දාසියක් විදිහට ඉන්න කියලා. හැබැයි එයාලා ආබ්‍රහම්ගෙන් “පැවත එන” ප්‍රධාන කෙනා වන යේසුස්ව පිළිගත්තොත් එයාලට පුළුවන් සාරා වගේ නිදහස් අය වෙන්න. ඒ කියන්නේ එයාලට අවස්ථාව ලැබෙනවා පාපයෙන් සහ මරණයෙන් නිදහස් වෙන්න. (යොහ. 8:32-34) එයාලා යේසුස්ව පිළිගත්තේ නැත්නම් නීතිය දුන්න අරමුණම එයාලා තේරුම්ගන්නේ නැහැ. ඒ අරමුණ තමයි යේසුස්ව අඳුරගන්න උදව් කරන එක.

පාවුල් මේ ලියුම ලියපු ගලාති සභාවේ හිටපු හුඟදෙනෙක් යුදෙව්වන් නෙවෙයි. එයාලා කවදාවත් නීතිය යටතේ ඉඳලා නැහැ. ඒත් ගලාති සභාවේ හිටපු සමහර යුදෙව්වන් කිව්වා යුදෙව් නොවන අය චර්මච්ඡේදනය ඇතුළුව නීතියට අයිති අනිත් දේවලුත් පිළිපදින්න ඕනෙ කියලා. හැබැයි පාවුල් කිව්වා එයාලා දැනටමත් යේසුස්ව පිළි අරන් “නිදහසක්” අද්දකින නිසා ආයෙත් නීතියේ “දාසයන්” වෙන එක මෝඩකමක් කියලා.—ගලා. 5:1, 10-14.

a 2006 මාර්තු 15 ‘මුරටැඹ’ සඟරාවේ 10-12 පිටුවල තියෙන දේ මේකෙන් නිවැරදි වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න