ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 සැප්තැම්බර් 20-25 පි.
  • “සත්‍යය පිළිගන්න කැමති” අය ඇදිලා එයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “සත්‍යය පිළිගන්න කැමති” අය ඇදිලා එයි
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • පණිවිඩේ පිළිගන්න ලෑස්ති නම්
  • බයිබල් පාඩමක් පටන්ගත්තාම
  • අලුත් අය රැස්වීම්වලට ආවාම
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
  • තව “දක්ෂ විදිහට උගන්වන්න” ඉගෙනගමු
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සේවේ සතුට වැඩි කරගන්නේ කොහොමද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 සැප්තැම්බර් 20-25 පි.

පාඩම් ලිපිය 39

ගීතිකාව 54 “යා යුතු හරි මඟ”

“සත්‍යය පිළිගන්න කැමති” අය ඇදිලා එයි

“සදාකාල ජීවනය ලබා දෙන සත්‍යය පිළිගන්න කැමැත්තෙන් හිටපු හැමෝම යේසුස්ගේ අනුගාමිකයන් වුණා.”—ක්‍රියා 13:48.

ලිපියේ අරමුණ

පාඩමක් කරන්න කැමතිද කියලා අහන්නත් රැස්වීම්වලට ආරාධනා කරන්නත් පුළුවන් මොන අවස්ථාවේදීද?

1. අපි ශුභාරංචිය කියද්දී මිනිස්සුන්ගෙන් මොන වගේ ප්‍රතිචාර ලැබෙයිද? (ක්‍රියා 13:47, 48; 16:14, 15)

ශුභාරංචිය අහපු ගමන්ම මුල් සියවසේ හිටපු හුඟක් අය යේසුස්ගේ අනුගාමිකයන් වුණා. (ක්‍රියා 13:47, 48; 16:14, 15 කියවන්න.) අදත් ශුභාරංචිය අහන පළවෙනි වතාවෙම සමහරු හරිම ආසාවෙන් ඒක පිළිගන්නවා. හැබැයි තවත් අය මුලින්ම ඒක පිළිගත්තේ නැතුවට පස්සේ දෙවියන් ගැන ඉගෙනගෙන ඔහුට නමස්කාර කරන්න පටන්ගන්නවා. ඉතින් සේවේදී “සත්‍යය පිළිගන්න කැමති” කෙනෙක්ව හම්බ වුණොත් අපි මොකක්ද කරන්න ඕනේ?

2. ගෝලයන් වෙන්න උදව් කරන වැඩේ වගා කරන කෙනෙක්ගේ වැඩේට සමාන කරන්න පුළුවන් කොහොමද?

2 මිනිස්සුන්ට ගෝලයන් වෙන්න උදව් කරන වැඩේ වගා කරන කෙනෙක්ගේ වැඩේට සමානයි. වගා කරන කෙනෙක් ගහකින් පලදාව ආවාම ඉක්මනින්ම ඒක නෙළාගන්නවා. ඒත් එයා අනිත් ගස්වලටත් පොහොර, වතුර දාලා සාත්තු කරනවා. මොකද එයා දන්නවා දවසක ඒවායිනුත් පලදාව ලැබෙයි කියලා. කෙනෙක් අපේ පණිවිඩේ පිළිගන්න කැමතියි කියලා දැනගත්තාම එයාට යේසුස්ගේ ගෝලයෙක් වෙන්න අපිත් ඉක්මනට උදව් කරනවා. ඒත් එක්කම තාම පණිවිඩේ පිළිගන්න ලෑස්ති නැති අයට ඒකේ වටිනාකම තේරුම්ගන්න අපි දිගටම උදව් කරනවා. (යොහ. 4:35, 36) කෙනෙක් පණිවිඩේ පිළිගන්න ලෑස්තිද නැද්ද කියලා තේරුම්ගත්තාම අපිට පුළුවන් එයාට උදව් කරන්න පුළුවන් හොඳම විදිහ තීරණේ කරන්න. පණිවිඩේ පිළිගන්න කැමති කෙනෙක්ව හම්බ වුණ මුල් වතාවෙම එයාට උදව් කරන්න පුළුවන් කොහොමද? එයාට දිගටම යෙහෝවාට ළං වෙන්න උදව් කරන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි බලමු.

පණිවිඩේ පිළිගන්න ලෑස්ති නම්

3. උනන්දුවක් පෙන්නන කෙනෙක්ව හම්බ වුණාම අපි මොකක්ද කරන්න ඕනේ? (1 කොරින්ති 9:26)

3 සේවේදී උනන්දුව පෙන්නන කෙනෙක්ව හම්බ වුණාම අපිට ඕනෙ පුළුවන් තරම් ඉක්මනට ජීවනයට යන පාරට අඩිය තියන්න එයාට උදව් කරන්න. ඉතින් ඒ වගේ කෙනෙක්ව හම්බ වෙන මුල්ම වතාවේදීම බයිබලේ පාඩම් කරන්න කැමතිද කියලා අහන්නත් එයාව අපේ රැස්වීම්වලට ආරාධනා කරන්නත් අපි අදිමදි කරන්න හොඳ නැහැ.—1 කොරින්ති 9:26 කියවන්න.

4. ඉක්මනින්ම බයිබල් පාඩමක් පටන්ගන්න ලෑස්ති පිට හිටපු කෙනෙක්ගේ අද්දැකීමක් කියන්න.

4 පාඩමක් කරන්න කැමතිද අහන්න. සේවේදී අපිට හම්බ වෙන සමහරු බයිබල් පාඩමක් පටන්ගන්න ලෑස්ති පිට ඉන්නේ. බ්‍රහස්පතින්දා දවසක කැනඩාවේ තරුණ කාන්තාවක් අපේ කාට් එකක් ළඟට ගිහින් ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ සඟරාව ගත්තා. එතන හිටපු සහෝදරිය එයාට කිව්වා ඒ සඟරාවෙන් නොමිලේම බයිබලේ ගැන ඉගෙනගන්න පුළුවන් කියලා. ඒකට එයා කැමති වුණා. එයාලා දෙන්නා ෆෝන් නම්බර් මාරු කරගත්තා. එදාම ඒ කාන්තාව අපේ සහෝදරියට මෙසේජ් එකක් දාලා බයිබල් පාඩම ගැන ඇහුවා. සහෝදරිය කිව්වා ඒ සති අන්තයේ එයාව හම්බ වෙන්න එන්නම් කියලා. එතකොට අර කාන්තාව කිව්වා “හෙට බැරිද? හෙට මං නිවාඩු” කියලා. ඉතින් ඊළඟ දවසෙම පාඩම පටන්ගත්තා. එයා ඒ සති අන්තයේ රැස්වීම්වලටත් ආවා. දැන් එයා දිගටම දියුණු වෙනවා.

5. පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න කලින් අපි කරන්න ඕනෙ මොනවාද? (පින්තූරත් බලන්න.)

5 අපිට හම්බ වෙන හැමෝම අර කාන්තාව වගේ මුල්ම දවසේ බයිබලේ ඉගෙනගන්න කැමති වෙන එකක් නැහැ. සමහරුන්ට ඒකට කාලයක් ඕනෙ වෙයි. ඒ නිසා අපිට පුළුවන් කෙනෙක්ව හම්බ වෙන මුල්ම වතාවේ එයා උනන්දු විෂයකින් කතාබහක් පටන්ගන්න. බලාපොරොත්තු අත්හරින්නේ නැතුව එයාට දිගටම සැලකිල්ල පෙන්නනවා නම් ටික කාලෙකින් එයා එක්ක පාඩමක් පටන්ගන්න අපිට පුළුවන්. පාඩමක් කරන්න කැමතිද කියලා කෙනෙක්ගෙන් අහද්දී අපිට කියන්න පුළුවන් මොනවාද? ඒ ගැන අපි දක්ෂ විදිහට බයිබල් පාඩම් කරන කීපදෙනෙක්ගෙන් ඇහුවා. අපි දැන් එයාලා කියන්නේ මොනවාද කියලා බලමු.

පින්තූරවල අදහස: 1. ගෙදර ඉස්තෝප්පුවේ පුටුවක ඉඳගෙන ඉන්න වයසක කෙනෙක්ට සහෝදරයෝ දෙන්නෙක් කතා කරනවා. 2. සහෝදරියෝ දෙන්නෙක් දොරකඩ ළඟ ඉඳන් “හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” සඟරාව කාන්තාවකට දෙනවා. ඒ කාන්තාව එයාගේ පොඩි පුතාව වඩාගෙන ඉන්නවා. අනිත් පුතා ඒ ළඟ හිටන් ඉන්නවා.

බයිබල් පාඩමක් කරන්න ආසාවක් ඇති කරන්න මේ අයට කියන්න පුළුවන් මොනවාද? (5 ඡේදය බලන්න)a


6. උනන්දුවක් පෙන්නන කෙනෙක් එක්ක දිගටම සාකච්ඡාවක් කරගෙන යන්න නම් අපි මතක තියාගන්න ඕනෙ මොන දේවල්ද?

6 සමහර ප්‍රචාරකයන්, පුරෝගාමීන් කියනවා පාඩමක් ගැන කතා කරද්දී සමහර රටවල්වල ඉන්න අයට “බයිබල් කෝස් එකක්,” “පාඩමක්,” “ඔයාට උගන්නනවා” වගේ යෙදුම් පාවිච්චි කරන්නේ නැත්නම් හොඳයි කියලා. ඒ වෙනුවට “පොඩ්ඩක් කතා කරමු,” “අදහස් බෙදාගමු,” “බයිබලේ ගැන ඔයාට දැනගන්න පුළුවන්” වගේ දේවල් කියන එක හොඳයි කියලා එයාලා කියනවා. කෙනෙක් එක්ක දිගටම සාකච්ඡාවක් කරගෙන යන්න මේ වගේ දේකුත් කියන්න පුළුවන්. “ජීවිතේ ප්‍රශ්නවලට උත්තර බයිබලේ තියෙනවා කියලා දැනගත්තොත් ඔයා පුදුම වෙයි.” නැත්නම් මෙහෙම කියන්න. “බයිබලේ කියන්නේ නිකං ආගමික පොතක් නෙවෙයි. ඒකේ ජීවිතේ හැම පැත්තකටම උදව් වෙන තොරතුරු තියෙනවා.” මෙහෙමත් කියන්න පුළුවන්. “විනාඩි 10ක්, 15ක් වගේ පුංචි කාලෙකින් ඔයාට ගොඩක් වටින දේවල් ඉගෙනගන්න පුළුවන්.” ඒ වගේම “සතියට වෙලාවක් වෙන් කරගන්න,” “හැම සතියෙම කරමු” වගේ දේවල් කියන්නත් එපා. මොකද එතකොට එයාලට හිතෙයි එයාලා ඒක කරන්න බැඳිලා ඉන්නවා කියලා.

7. සමහරු බයිබල් සත්‍යයන් මුලින්ම තේරුම්ගන්නේ මොන වෙලාවේදීද? (1 කොරින්ති 14:23-25)

7 රැස්වීම්වලට ආරාධනා කරන්න. පාවුල්ගේ කාලේ සමහරු මුලින්ම බයිබල් සත්‍යයන් තේරුම්ගත්තේ රැස්වීම්වලට ආවාම. (1 කොරින්ති 14:23-25 කියවන්න.) අදත් අලුත් අයට ඉක්මනටම දියුණු වෙන්න රැස්වීම් එන එක උදව්වක්. ඒත් අපි කෙනෙක්ට රැස්වීම්වලට ආරාධනා කරන්න ඕනෙ මොන අවස්ථාවේදීද? ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ 10වෙනි පාඩමේ රැස්වීම්වලට ආරාධනා කරලා තියෙනවා. හැබැයි ඒ පාඩම එන කල්ම ඉන්නේ නැතුව එයාව හම්බ වෙන මුල්ම දවසෙම ඒක කරන්න අපිට පුළුවන්. ඒ සතියේ තියෙන බයිබල් දේශනයේ මාතෘකාව හරි ‘මුරටැඹ’ පාඩමේ කරුණක් හරි කියලා එයාට ආරාධනා කරන්න.

8. කෙනෙක්ට රැස්වීම්වලට ආරාධනා කරද්දී මොන වගේ දේවල් කියන්න පුළුවන්ද? (යෙසායා 54:13)

8 කෙනෙක්ට රැස්වීම්වලට ආරාධනා කරද්දී අපේ රැස්වීම්වලයි, අනිත් ආගමික මෙහෙයන්වලයි තියෙන වෙනස ගැන එයාට පැහැදිලිවම කියන්න. සැරයක් බයිබල් ශිෂ්‍යයෙක් අපේ රැස්වීමකට ආවා. ‘මුරටැඹ’ පාඩම කරන විදිහ දැකලා එයාත් එක්ක පාඩම කරන කෙනාගෙන් එයා ඇහුවා “ඒ ප්‍රශ්න අහන කෙනා හැමෝගෙම නම් දන්නවාද” කියලා. එතකොට අපේ සහෝදරිය කිව්වා “ඔව්, අපි පවුලක් වගේ. අපි උත්සාහ කරනවා හැමෝගෙම නම් මතක තියාගන්න” කියලා. එතකොට එයා කිව්වා “අපේ පල්ලියේ නං අපි අනිත් අයගේ නම් දන්නේ නෑ” කියලා. ඒ වගේ තවත් වෙනස්කම් ගැන අලුත් අයට කියන්න අපිට පුළුවන්. (යෙසායා 54:13 කියවන්න.) අපි රැස් වෙන්නේ යෙහෝවාට නමස්කාර කරන්න. ඔහුගෙන් ඉගෙනගන්න. එකිනෙකාව දිරිගන්වන්න. (හෙබ්‍රෙ. 2:12; 10:24, 25) ඒ නිසා අපේ රැස්වීම්වල ආගමික වත්පිළිවෙත් නැහැ. රැස්වීම් හරිම පිළිවෙළට සංවිධානය කරලා තියෙනවා. (1 කොරි. 14:40) ඉගෙනගන්න ලේසි වෙන්න අපේ ශාලා හොඳට එළිය තියෙන විදිහට හදලා තියෙනවා. අපි පැති ගන්නේ නැති නිසා අපි කවදාවත් එක දේශපාලන පක්ෂයකට බර වෙලා තොරතුරු කියන්නේ නැහැ. අපේ රැස්වීම්වල වාද කරන්නේ, කෑගහන්නේ නැහැ. රැස්වීමට ආරාධනා කරද්දී අපිට පුළුවන් ‘අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?’ කියන වීඩියෝ එකත් පෙන්නන්න. ඒකෙන් රැස්වීම් ගැන කෙනෙක්ට පොඩි අදහසක් ගන්න පුළුවන්.

9-10. කෙනෙක්ට රැස්වීම්වලට ආරාධනා කරද්දී එයාගේ බය නැති කරන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

9 සමහරු එයාලව “ආගමකට බඳවගනියි” කියලා බය වෙලා අපේ රැස්වීම්වලට එන්න අදිමදි කරනවා. ඒ නිසා එයාට කියන්න අලුත් අය එනවාට අපි කැමතියි, එයාට තියෙන්නේ ඇවිත් අහන් ඉන්න විතරයි කියලා. අපි එයාට මුකුත් කරන්න, කියන්න කියලා බල කරන්නේ නැහැ කියලත් කියන්න. ඒ වගේම පවුලේ හැමෝටම, පුංචි දරුවන්ව අරන් වුණත් රැස්වීම්වලට එන්න පුළුවන්. රැස්වීම්වලදී ළමයින්ව වෙනම ඉන්දලා එයාලට උගන්නන්නේ නැහැ. දෙමාපියන් සහ දරුවන් එකට ඉඳගෙන, එකට ඉගෙනගන්නවා. ඒ නිසා දරුවන් ඉන්නේ කොහෙද, ඉගෙනගන්නේ මොනවාද කියලා දෙමාපියන් දන්නවා. (ද්වි. 31:12) රැස්වීම්වලදී අපි සල්ලි එකතු කරන්නෙවත් සම්මාදම් දාන්න කියලා ලියුම් කවර යවන්නෙවත් නැහැ. අපි පිළිපදින්නේ යේසුස් දුන්න මේ ආඥාවයි. “ඔයාලට නොමිලේ ලැබුණ දේ නොමිලේම දෙන්න.” (මතෙ. 10:8) රැස්වීම්වලට එන්න ලොකුවට වියදම් කරලා හොඳ හොඳ ඇඳුම් අඳින්න ඕනෙත් නැහැ. මොකද දෙවියන් බලන්නේ පිටින් පේන දේ නෙවෙයි, කෙනෙක්ගේ හදවත.—1 සාමු. 16:7.

10 රැස්වීම් ආපු කෙනෙක්ව පිළිගන්න ඔයාට කරන්න පුළුවන් හැම දේම කරන්න. වැඩිමහල්ලන්ට, සභාවේ අයට එයාව හඳුන්වලා දෙන්න. සභාව පවුලක් වගේ කියලා එයාට දැනෙන්න සලස්වන්න. එතකොට එයාට ආයේ රැස්වීම් එන්න ආස හිතෙයි. එයා ළඟ බයිබලයක් නැත්නම් ඔයාගේ බයිබලේ පෙන්නන්න. කථිකයා බයිබල් පද කියද්දී ඒවා බලන්න උදව් කරන්න. සාකච්ඡා කරන ප්‍රකාශනයත් එයාට පෙන්නන්න.

කලින් පින්තූරේ ඉන්න කාන්තාව රැස්වීමකට ආවාම සහෝදර සහෝදරියන් එයාව ආදරෙන් පිළිගන්නවා. එයාගේ පොඩි පුතාව එයා වඩාගෙන ඉන්න අතරේ අනිත් පුතා එක්ක තව පුංචි පුතෙක් කතා කරනවා.

ඉක්මනට රැස්වීම්වලට එන තරමටම එයා ඉක්මනට යෙහෝවාට ළං වෙයි (9-10 ඡේද බලන්න)


බයිබල් පාඩමක් පටන්ගත්තාම

11. ශිෂ්‍යයාගේ කාලේ ගැන සැලකිලිමත් කියලා පෙන්නන්න පුළුවන් කොහොමද?

11 බයිබල් පාඩමක් පටන්ගත්තාම අපි මතක තියාගන්න ඕනෙ මොනවාද? ශිෂ්‍යයාගේ කාලේ ගැන සැලකිලිමත් වෙන්න. ඔයා එනවා කියපු වෙලාවටම පාඩමට යන්න. ඔයාගේ සංස්කෘතියේ වැඩිදෙනෙක් වෙලාවට වැඩ කරන්නේ නැතත් ඔයා ඒක කරන්න. ඔයාට කරන්න පුළුවන් තව දෙයක් තමයි පාඩම කරන පළවෙනි දවසේ ලොකු කාලයක් ගන්නේ නැතුව පොඩි වෙලාවකින් ඒක ඉවර කරන එක. අද්දැකීම් තියෙන ප්‍රචාරකයන්ට තේරිලා තියෙනවා ශිෂ්‍යයා තව දේවල් දැනගන්න කැමති වුණත් පාඩම කලින්ම ඉවර කරන එක හොඳයි කියලා. පාඩමේදී ඔයා වැඩියෙන් කතා නොකර ශිෂ්‍යයාට කතා කරන්න අවස්ථාව දෙන්න.—හිතෝ. 10:19.

12. කෙනෙක් එක්ක පාඩමක් පටන්ගත්ත දවසේ ඉඳන්ම අපේ ඉලක්කය වෙන්න ඕනෙ මොකක්ද?

12 පාඩමක් පටන්ගත්ත පළවෙනි දවසේ ඉඳන් අපේ ඉලක්කය වෙන්න ඕනෙ එයාට යෙහෝවාවයි, යේසුස්වයි අඳුරගෙන ඒ දෙන්නා ගැන ආදරයක් ඇති කරගන්න උදව් කරන එක. ඒකට අපේ දැනුම මත රැඳිලා උගන්නනවා වෙනුවට අපි බයිබලෙන් දේවල් පෙන්නන්න ඕනේ. (ක්‍රියා 10:25, 26) උගන්නද්දී පාවුල් හැම වෙලේම අවධානය දුන්නේ යේසුස්ට. මොකද යෙහෝවා ගැන අපිට උගන්නන්න, ඔහු ගැන ආදරයක් ඇති කරගන්න අපිට උදව් කරන්නේ යේසුස්. (1 කොරි. 2:1, 2) විශ්වාසය, ප්‍රඥාව, වටහාගැනීමේ හැකියාව, ගරුබිය වගේ ගතිලක්ෂණ ඇති කරගන්න අලුත් අයට උදව් කරන එකේ වැදගත්කම ගැනත් පාවුල් කිව්වා. (ගීතා. 19:9, 10; හිතෝ. 3:13-15; 1 පේතෘ. 1:7) එයා ඒ ගතිලක්ෂණ සමාන කළේ රත්තරන්, රිදී, මැණික් වගේ වටිනා දේවලට. (1 කොරි. 3:11-15) අපිටත් පුළුවන් පාවුල් උගන්නපු විදිහ අනුගමනය කරලා ශිෂ්‍යයන්ට ශක්තිමත් විශ්වාසයක් ඇති කරගන්න වගේම ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න උදව් කරන්න.—2 කොරි. 1:24.

13. උනන්දුව පෙන්නන කෙනෙක්ට උදව් කරද්දී එයාව තේරුම් අරන්, ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් කොහොමද? (2 කොරින්ති 10:4, 5) (පින්තූරයත් බලන්න.)

13 යේසුස් උගන්නපු විදිහ ආදර්ශයට අරන් ශිෂ්‍යයාව තේරුම්ගන්න. එයාත් එක්ක ඉවසීමෙන් වැඩ කරන්න. එයාට අපහසුතාවක් දැනෙන විදිහේ ප්‍රශ්න අහන්න එපා. ශිෂ්‍යයාට මොකක් හරි ඉගැන්වීමක් පිළිගන්න, තේරුම්ගන්න අමාරුයි නම් ඒක තියලා ඉස්සරහට යන්න. වෙන වෙලාවක ඒ ගැන ආයේ කතා කරන්න. එයා ඉගැන්වීමක් පිළිගන්න ලෑස්ති නැත්නම් ඒක පිළිගන්න කියලා බල කරන්න එපා. ඒ ගැන හිතන්න, ඒක එයාගේ හදවතේ මුල් බහින්න කාලේ දෙන්න. (යොහ. 16:12; කොලො. 2:6, 7) බොරු ඉගැන්වීම් ශක්තිමත් බලකොටු වගේ. (2 කොරින්ති 10:4, 5 කියවන්න.) ඉතින් ශිෂ්‍යයාට තියෙන බලකොටු එයාගෙම ඇඟට කඩලා දාන්නේ නැතුව ඒවායින් අයින් වෙලා ඇවිත් යෙහෝවාව එයාගේ රැකවරණය කරගන්න එයාට උදව් කරන්න.—ගීතා. 91:9.

කලින් පින්තූරේ ඉන්න වයස කෙනා සහෝදරයන් දෙන්නෙක් එක්ක “හැමදාටම සතුටින් ජීවත් වෙන්න!” පොතෙන් පාඩමක් කරනවා. හමුදාවේදී ලැබුණ පදක්කම් ඒ ළඟ පේන්න තියෙනවා.

සත්‍යයට හිතේ මුල් අදින්න කාලේ දෙන්න (13 ඡේදය බලන්න)


අලුත් අය රැස්වීම්වලට ආවාම

14. රැස්වීම්වලට එන අලුත් අයට අපි සලකන්න ඕනෙ කොහොමද?

14 රැස්වීම්වලට අලුතෙන් එන කෙනෙක් මොන සංස්කෘතියකට, පසුබිමකට අයිති වුණත් දුප්පත් වුණත් පෝසත් වුණත් අපි ඒ හැමෝටම ආදරෙන්, කරුණාවෙන් සලකනවාටයි යෙහෝවා කැමති. (යාකො. 2:1-4, 9) ඉතින් අලුත් කෙනෙක් රැස්වීම්වලට ආවාම එයාට ආදරේ පෙන්නන්න අපිට පුළුවන් කොහොමද?

15-16. රැස්වීම්වලට අලුතෙන් එන අයට අපේ ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද?

15 සමහරු අපේ රැස්වීම්වලට එන්නේ එතන මොනවාද වෙන්නේ කියලා බලන්න. වෙන පළාතක කෙනෙක් අපේ රැස්වීම් ගැන කියපු නිසා එන අයත් ඉන්නවා. ඉතින් රැස්වීම් ගියාම අඳුරන්නේ නැති කෙනෙක්ව දැක්කොත් එයා ළඟට ගිහින් කතා කරන්න. හැබැයි එයා ආපු එක ගැන ඕනාවට වඩා සතුටු වෙනවා කියලා පෙන්නලා එයාව අපහසුතාවට පත් කරන්න එපා. එයාට ඔයාත් එක්ක ඉඳගන්න කියන්න. ඔයාගේ බයිබලේ, සඟරාව, වැඩපොත එයාට පෙන්නන්න. නැත්නම් ඒවායේ කොපියක් දෙන්න. එයාගේ බය නැති කරන්න තව මොන වගේ දේවල් කරන්න පුළුවන්ද කියලත් හිතන්න. දවසක් කෙනෙක් අපේ රැස්වීමකට ආවා. එයා එයාව පිළිගත්ත සහෝදරයාට කිව්වා එතන ඉන්න අනිත් අය වගේ හොඳට ඇඳන් ආපු නැති නිසා එයාට ලැජ්ජයි කියලා. එතකොට ඒ සහෝදරයා කිව්වා “ඒක ප්‍රශ්නයක් නෑ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් සාමාන්‍ය මිනිස්සු” කියලා. පස්සේ ඒ කෙනා ටික ටික දියුණු වෙලා බව්තීස්ම වුණා. එදා ඒ සහෝදරයා එයාගේ බය නැති කරපු විදිහ එයාට කවදාවත් අමතක වුණේ නැහැ. අපි රැස්වීම්වලට කලින්, රැස්වීම් ඉවර වෙලා අලුත් අය එක්ක කතා කරනවා. එයාලට අපේ ආදරේ, සැලකිල්ල පෙන්නනවා. හැබැයි එයාලාගේ පෞද්ගලික කාරණා දැනගන්න අදහසින් අපි අනවශ්‍ය ප්‍රශ්න අහන්න හොඳ නැහැ.—1 පේතෘ. 4:15.

16 රැස්වීම්වලට අලුතෙන් එන අයට ආදරේ, සැලකිල්ල පෙන්නන්න පුළුවන් තව විදිහක් මොකක්ද? අපි කතාබහ කරද්දී, අදහස් දෙද්දී, කොටස් කරද්දී සාක්ෂිකරුවන් නොවන අය ගැන, එයාලාගේ විශ්වාසයන් ගැන පහත් කරලා කතා කරන්නේ නැහැ. එයාලට අප්සට් යන විදිහේ, අපහාස වෙන විදිහේ දේවල් කියන්නෙත් නැහැ. (තීත. 2:8; 3:2) උදාහරණෙකට අපි එයාලාගේ විශ්වාසයන් විහිළුවට අරන් ඒවාට අගෞරව කරන්නේ නැහැ. (2 කොරි. 6:3) බයිබල් දේශනය දෙන සහෝදරයා විශේෂයෙන්ම ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම එයා හැම තිස්සේම මනසේ තියාගන්න ඕනෙ සබයේ අලුත් අයත් ඉන්නවා කියලා. ඒ නිසා ඒ වගේ කෙනෙක්ට තේරුම්ගන්න බැරි වචන, යෙදුම් එයා පැහැදිලි කරන්න ඕනේ.

17. “සත්‍යය පිළිගන්න කැමති” කෙනෙක්ව හම්බ වුණොත් අපේ ඉලක්කය වෙන්න ඕනෙ මොකක්ද?

17 ගෙවෙන හැම දවසක් ගාණේම යේසුස්ගේ ගෝලයන් වෙන්න අනිත් අයට උදව් කරන වැඩේ තවත් හදිසි එකක් වෙනවා. “සත්‍යය පිළිගන්න කැමති” අයව අපි දිගටම හොයමු. (ක්‍රියා 13:48) එහෙම කෙනෙක්ව හම්බ වුණාම එයාගෙන් බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්නත් රැස්වීමට ආරාධනා කරන්නත් අදිමදි කරන්න එපා. එතකොට “ජීවනයට යන පාරේ” මුල් අඩි කීපය තියන්න එයාට උදව් කරන්න ඔයාට පුළුවන්.—මතෙ. 7:14.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • “සත්‍යය පිළිගන්න කැමති” කෙනෙක්ව හම්බ වුණ මුල්ම අවස්ථාවේ එයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

  • බයිබල් පාඩමක් පටන්ගත්ත මුල් දවසේ ඉඳන් ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

  • අලුත් කෙනෙක් රැස්වීමට ආවාම එයාට ආදරේ, සැලකිල්ල පෙන්නන්න පුළුවන් කොහොමද?

ගීතිකාව 64 ප්‍රීතියෙන් අස්වැන්න නෙළීමට සහභාගි වන්න

a පින්තූරවල අදහස: හමුදාවෙන් විශ්‍රාම ගිය කෙනෙක් එක්ක සහෝදරයෝ දෙන්නෙක් කතා කරනවා; කාර්යබහුල අම්මා කෙනෙක්ට සහෝදරියන් දෙන්නෙක් කෙටියෙන් සාක්ෂි දරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න