ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w26 මාර්තු 2-7 පි.
  • තව “දක්ෂ විදිහට උගන්වන්න” ඉගෙනගමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තව “දක්ෂ විදිහට උගන්වන්න” ඉගෙනගමු
  • 2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මිනිස්සු ගැන හිතන්න
  • බයිබලේ පාවිච්චි කරන්න
  • යෙහෝවාව අඳුරගන්න උදව් කරන්න
  • ඉගැන්වීමේ කලාව දිගටම දියුණු කරගන්න
  • යෙහෝවාට සේවේ කරන්න බයිබල් ශිෂ්‍යයාට උදව් කරන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව අඳුරගන්න අනිත් අයට උදව් කරමු
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “සත්‍යය පිළිගන්න කැමති” අය ඇදිලා එයි
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w26 මාර්තු 2-7 පි.

2026 මැයි 4-10

ගීතිකාව 53 දේශනා සේවයට සූදානම් වෙමු!

තව “දක්ෂ විදිහට උගන්වන්න” ඉගෙනගමු

‘දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරන්න. හුඟක් ඉවසිලිවන්තව, දක්ෂ විදිහට උගන්වන්න.’—2 තිමෝ. 4:2.

ලිපියේ අරමුණ

තව දක්ෂ විදිහට උගන්නන්න උදව් වෙන දේවල් තුනක්.

1. අපි ඉගෙනගන්න ඕනෙ මොකක් කරන්නද? ඒ ඇයි? (2 තිමෝති 4:2) (පින්තූරයත් බලන්න.)

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා ‘මිනිස්සුන්ට මගේ ගෝලයන් වෙන්න උදව් කරන්න. මං ඔයාලට අණ කරපු හැම දෙයක්ම පිළිපදින්න එයාලට උගන්වන්න’ කියලා. (මතෙ. 28:19, 20) හැම ක්‍රිස්තියානියෙක්ම ගුරුවරු වෙන්න ඕනෙ කියලා ඒකෙන් පැහැදිලියි. ඇත්ත, යෙහෝවා තමයි ‘සත්‍යය පිළිගන්න කැමැත්තෙන් ඉන්න අයව’ ඔහුට ළං කරගන්නේ. ඒ වගේ අයව හොයාගන්න දේවදූතයොත් උදව් කරනවා. (ක්‍රියා 13:48; යොහ. 6:44; එළි. 14:6) ඒත් අපේ පැත්තෙනුත් කරන්න දෙයක් තියෙනවා. උදාහරණෙකට පාවුල් සහ බානබස් ගැන හිතන්න. බයිබලේ කියනවා එයාලා ඉකෝනියේ සිනගෝගයේදී “කොච්චර හොඳට ඉගැන්නුවාද කිව්වොත් යුදෙව්වරු සහ ග්‍රීකවරු විශාල පිරිසක් යේසුස්ගේ අනුගාමිකයෝ වුණා” කියලා. (ක්‍රියා 14:1) කිසිම සැකයක් නැහැ පාවුලුයි, බානබසුයි “දක්ෂ විදිහට උගන්වන්න” ඉගෙනගෙන තිබුණා. (2 තිමෝති 4:2 කියවන්න.) එයාලා වගේ අපිත් දක්ෂ විදිහට උගන්නන්න ඉගෙනගන්න ඕනේ.

සිනගෝගයේදී පාවුල් හරිම විශ්වාසෙන් කතා කරද්දී මිනිස්සු එයාට ඇහුම්කන් දෙනවා. ඒ ළඟ ඉන්න බානබස් පාවුල් උගන්නන විදිහ දිහා හොඳට බලන් ඉන්නවා.

“දක්ෂ විදිහට උගන්වන්න” යේසුස්ගෙන් වගේම පාවුල්, බානබස් වගේ ඔහුගේ ගෝලයන්ගෙනුත් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න තියෙනවා (1 ඡේදය බලන්න)


2. දක්ෂ ගුරුවරු වෙන්න බැහැ කියලා සමහරුන්ට හිතෙන්නේ ඇයි?

2 සමහරු හිතනවා එයාලා හරියට ඉගෙනගෙන නැති නිසා, එයාලට දක්ෂ විදිහට කතා කරන්න බැරි නිසා එයාලට හොඳ ගුරුවරු වෙන්න බැහැ කියලා. එහෙම හිතුණ අය ගැන බයිබලෙත් කතා කරනවා. (නික්. 4:10; යෙරෙ. 1:6) තව අය හිතනවා එයාලට හොඳ බයිබල් පාඩම් නැති නිසා, සේවේ හොඳ අද්දැකීම් නැති නිසා එයාලා හොඳ ගුරුවරු නෙවෙයි කියලා. අපිත් එක්ක කතා කරන හැමෝම ශුභාරංචිය පිළිගනියි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. අනික, කෙනෙක් පණිවිඩේ පිළිගන්නවාද නැද්ද කියන එක අපේ දක්ෂකම මත රැඳිලා තියෙන දේකුත් නෙවෙයි. මොකද අපි කලින් බලපු විදිහට යෙහෝවායි, දේවදූතයෝයි තමයි අවංක හදවත් තියෙන අයව හොයාගන්න අපිට උදව් කරන්නේ. හැබැයි කෙනෙක්ගේ හදවතට දැනෙන විදිහට පණිවිඩේ කියන්න අපේ පැත්තෙනුත් දෙයක් කරන්න තියෙනවා. ඒක කරන්න උදව් වෙන දේවල් තුනක් ගැනයි අපි මේ ලිපියෙන් බලන්නේ.

මිනිස්සු ගැන හිතන්න

3. මිනිස්සුන්ගේ හදවතට දැනෙන විදිහට උගන්නන්න යේසුස්ට පුළුවන් වුණේ ඇයි?

3 බයිබලේ කියනවා ‘යේසුස් මිනිස්සුන්ගේ හිත්වල තියෙන දේ දැනන් හිටියා’ කියලා. (යොහ. 2:25) ඒකෙන් පැහැදිලියි මිනිස්සු හිතන විදිහ ගැනයි, එයාලා එහෙම හිතන්නේ ඇයි කියලයි යේසුස් දැනන් හිටියා කියලා. මිනිස්සුන්ගේ අවශ්‍යතාවන් තේරුම් අරන් ඒවා ගැන ඔහු කතා කළා. යේසුස් දැක්කා මිනිස්සුන්ට හොඳ මඟ පෙන්වීම්, සහනය ඕනෙ කියලා. ආගමික නායකයන් නීති දාලා එයාලාගේ ජීවිත තවත් අමාරු කරලා තිබුණා කියලා යේසුස් දැක්කා. (මතෙ. 9:36; 23:4) ඒ නිසයි එදිනෙදා ජීවිතේට උදව් වෙන දේවල් ගැන යේසුස් කන්ද උඩ දේශනයේදී කතා කළේ. මිනිස්සු වධ වෙන කාරණා තේරුම් අරන් කතා කරපු නිසා එයාලා ආසාවෙන් යේසුස්ට ඇහුම්කන් දුන්නා.

4. මිනිස්සු ගැන අපි හිතනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)

4 මිනිස්සු වධ වෙන්නේ මොන වගේ දේවල් ගැනද කියලා තේරුම්ගන්න එකෙන් අපි පෙන්නනවා අපි එයාලා ගැන හිතනවා කියලා. ඇත්තටම අපි දේශනා කරන හැම කෙනෙක්ම සාතන්ගේ මේ දුෂ්ට සමාජය නිසා මොනම හරි විදිහකින් බැට කනවා. ඒක මනසේ තියාගත්තොත් එයාලට උදව් කරන්න අපිට ලේසියි. උදාහරණෙකට අහපු ප්‍රවෘත්තියක් නිසා අපේ පැත්තේ හුඟදෙනෙක් ඉන්නේ කලකිරිලද? ඉස්කෝලේදී ළමයින්ට ආරක්ෂාවක් ලැබෙනවාද කියලා දෙමාපියන් වධ වෙනවාද? අපේ පැත්තේ ඉන්න හුඟදෙනෙක්ට රස්සා හොයාගන්න අමාරුද? බයිබලේ තියෙන බලාපොරොත්තුව ගැන දන්නේ නැතුව ඒ වගේ අමාරු දේවලට මූණ දෙන මිනිස්සු ගෙවන්නේ මොන වගේ ජීවිතයක්ද කියලා ටිකක් හිතන්න.—2 තිමෝ. 3:1; යෙසා. 65:13, 14.

පින්තූරවල අදහස: සහෝදරියක් සේවේ යන්න ඉස්සෙල්ලා ඒ පැත්තේ ඉන්න මිනිස්සු මූණ දෙන්නේ මොන වගේ දේවලටද කියලා හොඳට හිතනවා. 1. මනුස්සයෙක් අතමිට මොළවගෙන ගහන්න ලෑස්ති වෙද්දී අම්මා කෙනෙක් එයාගේ පුතාව තුරුලු කරගෙන පුතාව ආරක්ෂා කරනවා. 2. තරුණ කාන්තාවක් සිගරට් එකක් බොනවා. 3. මහලු කාන්තාවකට එයාගේ අසනීපේ දරුණුයි කියලා වෛද්‍යවරයා කියනවා.

මිනිස්සු මොන වගේ දේවලටද මූණ දෙන්නේ කියලා හිතන්න. ඔයා එයාලා ගැන හිතනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද කියලා හිතන්න (4 ඡේදය බලන්න)


5. යේසුස් පරිසිවරුන්ට වඩා වෙනස් වුණේ මොන විදිහෙන්ද? (මතෙව් 11:28-30)

5 යේසුස් මිනිස්සුන්ට ගොඩක් ආදරේ කළා. ඔහු එයාලට සලකපු විදිහෙන් ඒක එයාලට දැනුණා. මිනිස්සුන්ව කිසිම වැඩකට නැති, පහත් අය විදිහට සලකපු පරිසිවරුන්ට වඩා ඔහු කොච්චර වෙනස්ද! (මතෙ. 23:13; යොහ. 7:49) ඔහු මිනිස්සුන්ට ගෞරවයෙන් සැලකුවා. ඔහු “කරුණාවන්ත, යටහත්පහත් කෙනෙක්.” ඒක ඔහුට උදව් වුණා හොඳ ගුරුවරයෙක් වෙන්න. (මතෙව් 11:28-30 කියවන්න.) අපිත් දේශනා කරන අයට කාරුණිකව, ගෞරවයෙන් සලකන්න ඕනේ.

6. අපේ පණිවිඩේ පිළිගන්නේ නැති, ඒකට විරුද්ධ වෙන අයට කාරුණිකව, ගෞරවයෙන් සලකන්න පුළුවන් කොහොමද?

6 සමහරු අපේ පණිවිඩේ පිළිගන්නේ නැහැ. තවත් අය අපිට විරුද්ධ වෙනවා. ඒ වගේ වෙලාවට අපි වැඩ කරන්න ඕනෙ කොහොමද? විරුද්ධවාදිකම් එද්දී නිකම්ම ඒක දරාගන්න කියලා නෙවෙයි යේසුස් කිව්වේ. ඒ වෙනුවට ‘ඔයාලට වෛර කරන අයට යහපත් දේවල් කරන්න. ඔයාලට ශාප කරන අයට ආශීර්වාද කරන්න. ඔයාලට නින්දා කරන අය වෙනුවෙන් යාච්ඤා කරන්න’ කියලා ඔහු කිව්වා. (ලූක් 6:27, 28) කෙනෙක් අපේ පණිවිඩේ පිළිගන්නේ නැත්තේ ඒකට මොකක් හරි හේතුවක් තියෙන නිසා කියලා අපි මනසේ තියාගන්නවා නම් යේසුස් කියපු දේ කරන්න අපිට ලේසියි. ඇත්ත, සමහරුන්ට ඕනෙ අපේ සේවේ කඩාකප්පල් කරන්න. ඒත් තවත් අය අපේ පණිවිඩේ අහන්නේ නැත්තේ එයාලා පවුල් ප්‍රශ්නයක් එක්ක හරි වෙන ප්‍රශ්නයක් එක්ක හරි ඔට්ටු වෙන නිසා වෙන්න පුළුවන්. නැතුව අපිට අකමැති නිසා නෙවෙයි. අපි දේශනා කරන්න ගියේ සුදුසු වෙලාවේ නෙවෙයි වෙන්න ඇති. අපි ඒ මොන තත්වෙට මූණ දුන්නත් බයිබලේ තියෙන මේ දේ හිතට ගන්න ඕනේ. ‘හැම වෙලාවෙම කාරුණිකව කතා කරන්න. අපේ කතාව ලුණුවලින් රස කරපු කෑමක් වගේ වෙන්න ඕනේ. එතකොට එක් එක් කෙනාට උත්තර දෙන්න ඕනෙ විදිහ තේරුම්ගන්න අපිට පුළුවන් වෙයි.’ (කොලො. 4:6) අපිට මිනිස්සු ගැන අනුකම්පාවක් දැනෙනවා නම්, අපි එයාලා ඉන්න තත්වේ තේරුම්ගන්න උත්සාහ කරනවා නම් එයාලා කියන දේවලට අපිට අප්සෙට් යන්නේ නැහැ. ඒ වෙනුවට අපි එයාලට උදව් වෙන දෙයක් ගැන එයාලත් එක්ක කතා කරනවා. එහෙම කළොත් අපිට පුළුවන් හොඳ ගුරුවරු වෙන්න.

බයිබලේ පාවිච්චි කරන්න

7. උගන්නන්න පාවිච්චි කළේ දේවවචනය කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? (යොහන් 7:14-16)

7 යේසුස් කවදාවත් ඔහුගේ දැනුම මත රැඳිලා හිටියේ නැහැ. ශුද්ධ ලියවිලිවල තියෙන්නේ මොනවාද කියලත් ඒවා මිනිස්සුන්ට උදව් වෙන්නේ කොහොමද කියලත් යේසුස් පෙන්නුවා. ඔහුගේ ඉගැන්වීම් හරිම සරලයි. ඒ නිසා ඒවා තේරුම්ගන්න, ඒවායින් උගන්නන පාඩම මතක තියාගන්න පුළුවන් වුණා. ‘යේසුස් ඉගැන්නුවේ නීතිය පිටපත් කරන අය වගේ නෙමෙයි. ඔහු උගන්නපු දේවල් දෙවියන්ගෙන් ලැබුණු දේවල් කියලා මිනිස්සුන්ට තේරුණා.’ ඒවා අහලා එයාලා “පුදුම වුණා.” (මාක් 1:22) ඒ කාලේ නීතිය පිටපත් කරන අය ඉගැන්නුවේ ප්‍රසිද්ධ ආගමික නායකයන් කියපු දේවල්. ඒත් යේසුස් ඉගැන්නුවේ ශුද්ධ ලියවිලිවලින්. දෙවියන්ගේ පුතා නිසා යේසුස් පොළොවට එන්න කලින් හිටියේ ස්වර්ගයේ. හැබැයි ඔහුට තිබුණ දැනුම පාවිච්චි කරලා දන්න හැම දේම ඔහු මිනිස්සුන්ට උගන්නන්න ගියේවත් ඔහු තරම් දේවල් කවුරුත් දන්නේ නැහැ කියලා පෙන්නන්න ගියේවත් නැහැ. ඒ වෙනුවට දෙවියන් එයාලාගෙන් බලාපොරොත්තු වෙන දේ ඔහු ශුද්ධ ලියවිල්ලෙන් පෙන්නුවා. (යොහන් 7:14-16 කියවන්න.) යේසුස් අපිට කොච්චර හොඳ ආදර්ශයක්ද!

8. පේතෘස් යේසුස්ව ආදර්ශයට ගත්තේ කොහොමද?

8 යේසුස්ගේ අනුගාමිකයනුත් උගන්නද්දී දේවවචනය මත රැඳිලා හිටියා. උදාහරණෙකට ක්‍රි.ව. 33 පෙන්තකොස්ත දවසේදී පේතෘස් දුන්න දේශනය ගැන හිතන්න. පේතෘස් ගොඩක් ඉගෙනගත්ත කෙනෙක් නෙවෙයි. හැබැයි ශුද්ධ ලියවිලි පාවිච්චි කරලා යේසුස් මාර්ගයෙන් අනාවැකි ඉටු වුණ විදිහ එයා පැහැදිලි කරපු නිසා හුඟක් අයගේ හදවතට ඒක වැදුණා. (ක්‍රියා 2:14-37) මොකක්ද ප්‍රතිඵලය? “එයා කියපු දේවල් සතුටින් පිළිගත්ත අය බව්තීස්ම වුණා. එදා 3,000ක විතර සෙනඟක් එයාලට එකතු වුණා.”—ක්‍රියා 2:41.

9. උගන්නද්දී අපි බයිබලේ පාවිච්චි කරන්න ඕනෙ ඇයි?

9 අපිට සවන් දෙන අයගේ හදවතට කතා කරන්න බයිබලේට තරම් බලයක් වෙන කිසිම දේකට නැහැ. (හෙබ්‍රෙ. 4:12) ඒ නිසා අපි උගන්නද්දී බයිබලේ පාවිච්චි කරන්න ඕනේ. අපිට ඕනෙ අපේම අදහස් කියන්න නෙවෙයි, “දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරන්න.” (2 තිමෝ. 4:2) හිතෝපදේශ 2:6ත් කියන්නේ “ප්‍රඥාව දෙන්නේ යෙහෝවායි. දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නෙත් ඔහුගෙන්” කියලා. ඉතින් බයිබලේ පාවිච්චි කරලා උගන්නද්දී අපි කරන්නේ යෙහෝවාට කතා කරන්න ඉඩ දෙන එකයි. (මලා. 2:7) අපිට ඕනෙ බයිබලේ තියෙන අදහස් මිනිස්සුන්ගේ ප්‍රඥාවට වඩා ගොඩක් උසස් කියලා පෙන්නන්න. බයිබලේ තියෙන්නේ අපේ නිර්මාතෘගේ ඉගැන්වීම්. ඔහුගේ හිත සතුටු කරන්නත් අපිට සතුටින් ඉන්නත් ඒවා උදව් වෙනවා.—2 තිමෝ. 3:16, 17.

10. ශිෂ්‍යයා ඉගෙනගන්නේ බයිබලෙන් කියලා තේරුම්ගන්න එයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

10 ශිෂ්‍යයාට බයිබලේ තියෙන දේවල් තේරුම්ගන්න උදව් කරන්න නම් මොන වගේ පදද පෙන්නන්න ඕනෙ කියලා බයිබල් පාඩමට ලෑස්ති වෙද්දී හිතන්න. උගන්නන්න පින්තූර, වීඩියෝ පාවිච්චි කළාට ශිෂ්‍යයා තේරුම්ගන්න ඕනෙ අපි උගන්නන දේවල් අරන් තියෙන්නේ බයිබලෙන් කියලා. ඉතින් පාඩම වෙලාවේ එයාට ප්‍රධාන කරුණ තේරුම්ගන්න උදව් වෙන බයිබල් පද කියවන්න. ඊටපස්සේ ඒ පදවලින් මොනවාද ඉගෙනගන්න පුළුවන් කියලා හිතන්න එයාට උදව් කරන්න. ඔයා පින්තූර, වීඩියෝ පාවිච්චි කරද්දී ඒවාවලින් උගන්නන්න හදන බයිබල් ප්‍රතිපත්ති තේරුම්ගන්න එයාට උදව් කරන්න. ඒක කරන්න ඔයා ගොඩක් කතා කරන්නවත් ගොඩක් බයිබල් පද කියවන්නවත් ඕනෙ නැහැ. ඒ වෙනුවට බයිබල් පදයක් කියවන හැම වතාවේදීම ඒකේ කියන දේ තේරුම්ගන්න එයාට ඇති තරම් කාලේ දෙන්න. සමහරවිට ඒක කරන්න ඒ පදේ ආයේ කියවන්නත් වෙයි. එහෙම කරද්දී අපි කරන්නේ නිකම්ම පොතකින් කරන පාඩමක්වත් පින්තූරවලින්, වීඩියෝවලින් කරන පාඩමක්වත් නෙවෙයි බයිබල් පාඩමක්.—1 කොරි. 2:13.

11-12. (අ) බයිබල් ශිෂ්‍යයන් ගැන ඉවසන්න පුළුවන් කොහොමද? (ක්‍රියා 17:1-4) (පින්තූරයත් බලන්න.) (ආ) සමහරු බයිබලේ ගැන තේරුම්ගන්න ඕනෙ මොකක්ද? ඒක කරන්න එයාලට උදව් කරන්න පුළුවන් කොහොමද?

11 ශිෂ්‍යයාට මොකක් හරි ඉගැන්වීමක් පිළිගන්න අමාරුයි නම් අපි ‘දෙවියන්ගේ පණිවිඩය ගැන හුඟක් ඉවසිලිවන්තව උගන්නන්න ඕනේ.’ (2 තිමෝ. 4:2) මොකද හැමෝම එකම විදිහට දියුණු වෙන්නේ නැහැ. අපිට සරල ඉගැන්වීමක් වුණත් සමහර ශිෂ්‍යයන්ට ඒක තේරුම්ගන්න කාලේ ඕනෙ වෙයි. තෙසලෝනිකයේ හිටපු යුදෙව්වනුත් පාවුල් කියපු දේවල් ඉක්මනටම තේරුම්ගත්තේ නැහැ. ඒ නිසා පාවුල්ට සිද්ධ වුණා ශුද්ධ ලියවිලිවල තියෙන දේවල් කීප සැරයක්ම එයාලට පැහැදිලි කරන්න. එතකොට තමයි එයාලාගෙන් සමහරුන්ට ඒක තේරුණේ.—ක්‍රියා 17:1-4 කියවන්න.

12 ශිෂ්‍යයා එක්ක ඉවසීමෙන් වැඩ කරන්න පුළුවන් තව විදිහක් තමයි එයාගෙන් ප්‍රශ්න අහලා ඒවාට උත්තර දෙන්න එයාට ඇති තරම් කාලේ දෙන එක. ඒ වගේ වෙලාවට එයාට හොඳට ඇහුම්කන් දීලා එයා හිතන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන්න. ඊටපස්සේ දෙවියන් ඒ කාරණේ ගැන හිතන්නේ කොහොමද කියලා තේරුම්ගන්න උදව් වෙන බයිබල් පද කියවලා ඒවා එයාත් එක්ක සාකච්ඡා කරන්න. සමහරු බයිබලේ තියෙන දේවල් දන්නවා තියා බයිබලයක් ඇහැටවත් දැකලා නැහැ. ඒ වගේ කෙනෙක්ට මුද්‍රිත බයිබලයක් පෙන්නන එක හොඳ දෙයක් නෙවෙයිද? ඔයාට පුළුවන් ‘නව ලොව පරිවර්තනයේ’ “දේවවචනයට හැඳින්වීමක්” කියන කොටස පාවිච්චි කරලා බයිබලේ තියෙන්නේ මොන වගේ තොරතුරුද කියලා එයාට පෙන්නන්න. ඒකේ 15වෙනි ප්‍රශ්නේ යටතේ තියෙන බයිබල් පදයක් දෙකක් පාවිච්චි කරලා බයිබලේ තියෙන දේවල් සතුටින් ඉන්න අපිට උදව් වෙන්නේ කොහොමද, ඒකේ කොච්චර ප්‍රායෝගික මඟ පෙන්වීම් තියෙනවාද කියලා එයාට පෙන්නන්න. ඒ විදිහට ඔයා බයිබලේට තියෙන බලය ශිෂ්‍යයාට පෙන්නුවොත් එයා ඒකේ තියෙන දේවල් අදාළ කරගන්න, ඒ ගැන තව ඉගෙනගන්න පෙලඹෙයි.

කලින් පින්තූරේ හිටපු සහෝදරිය සිගරට් එකක් බීපු තරුණ කාන්තාව එක්ක එළිමහනක තියෙන බංකුවක් උඩ ඉඳගෙන බයිබල් පාඩමක් කරනවා. ඒ කාන්තාව කතා කරද්දී සහෝදරිය හොඳින් අහන් ඉන්නවා.

දක්ෂ ගුරුවරයෙක් කතා කරනවාට වඩා සවන් දෙනවා (11-12 ඡේද බලන්න)


යෙහෝවාව අඳුරගන්න උදව් කරන්න

13. උගන්නද්දී අපි වැඩියෙන් අවධානය දෙන්න ඕනෙ කාටද? උදාහරණයක් කියන්න.

13 අපේ අරමුණ වෙන්න ඕනෙ අපිට සවන් දෙන අයට යෙහෝවාව අඳුරගෙන ඔහුගේ යාළුවෙක් වෙන්න උදව් කරන එක. (යාකො. 4:8) මේ උදාහරණේ බලන්න. හිතන්න ඔයාට ඕනෙ අඳුරේ තියෙන දෙයක් කාට හරි පෙන්නන්න කියලා. එතකොට ඔයා ටෝච් එක ගහන්න ඕනෙ ඒ දේට මිසක් ඔයාට නෙවෙයිනේ. අන්න ඒ වගේ බයිබල් පාඩම කරද්දීත් ඔයා ටෝච් එක ගහන්න ඕනෙ යෙහෝවාට මිසක් ඔයාටම නෙවෙයි.

14. යෙහෝවාව සතුටු කරන්න ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

14 යෙහෝවාට ආදරේ කරන්න ශිෂ්‍යයාට උදව් කරන්න. එතකොට එයා පෙලඹෙයි ඔහුගේ හිත සතුටු කරන්න. (හිතෝ. 27:11) සාක්ෂිකරුවෙක් වෙන්න මොනවාද කරන්න ඕනෙ, මොනවාද නොකරන්න ඕනෙ කියලා නිකම්ම උගන්නනවා වෙනුවට ඔයාට ඕනෙ යෙහෝවාව සතුටු කරන්න ශිෂ්‍යයාට තියෙන ආසාව නිසා එයා ජීවිතේ වෙනස්කම් කරගන්නවා දකින්න. උදාහරණෙකට නරක පුරුද්දක් අත්හරින්න එයාට අමාරුයි නම් මේ වගේ ප්‍රශ්න එයාගෙන් අහන්න පුළුවන්. “ඇයි මේ පුරුද්ද යෙහෝවා පිළිකුල් කරන්නේ? ඔයා ආසාවෙන් කරන දෙයක් අත්හරින්න කියලා යෙහෝවා ඔයාගෙන් ඉල්ලන්නේ ඇයි? ඔහු ඔයාට ගොඩක් ආදරෙයි කියලා ඒකෙන් පේන්නේ කොහොමද?” ඒ විදිහට යෙහෝවා ගැන හිතන්න ඔයා එයාට උදව් කරද්දී යෙහෝවා කොච්චර ආදරණීය තාත්තා කෙනෙක්ද කියලා එයා දකියි. එතකොට එයා පෙලඹෙයි යෙහෝවාගේ හිත සතුටු කරන්න.

ඉගැන්වීමේ කලාව දිගටම දියුණු කරගන්න

15. ඉගැන්වීමේ කලාව දිගටම දියුණු කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?

15 දක්ෂ ගුරුවරයෙක් වෙන්න නම් ඔයා තව මොන පැත්තෙන්ද දියුණු වෙන්න ඕනෙ කියලා තේරුම්ගන්න යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලන්න. (1 යොහ. 5:14) හැබැයි ඔයාගේ යාච්ඤාවට යෙහෝවා උත්තර දෙන්න නම් ඔයාගේ පැත්තෙනුත් කරන්න දෙයක් තියෙනවා. හොඳ ගුරුවරු වෙන්න රැස්වීම්වලින් දෙන පුහුණුවට හොඳ අවධානයක් දීලා ඒවා අදාළ කරගන්න. ඒ වගේම බයිබල් පාඩම්වලට යද්දී දක්ෂ විදිහට උගන්නන අයව එක්කගෙන යන්න. ඊටපස්සේ ඔයා දියුණු වෙන්න ඕනෙ මොන පැත්තෙන්ද කියලා එයාලාගෙන් අහන්න. ඔයා මතක තියාගන්න ඕනෙ තව දෙයක් තියෙනවා. සමහරවිට ඔයා උගන්නන විෂය ගැන ඔයා හොඳට දන්නවා වුණාට ශිෂ්‍යයාට ඒ ගැන එච්චර දැනුමක් නැතුව ඇති. ඒ නිසා ඒ විෂය දිහා ශිෂ්‍යයාගේ පැත්තෙන් බලන්න උත්සාහ කරන්න. ඊටපස්සේ එයා ඉගෙනගන්න දේවල් කොච්චර ප්‍රයෝජනවත්ද කියලත් යෙහෝවා දීලා තියෙන පොරොන්දු ගැනත් තේරුම්ගන්න එයාට පාඩම අතරතුරේදී උදව් කරන්න. මොකද ඒක එයාට උදව් වෙයි යෙහෝවාත් එක්ක හොඳ බැඳීමක් ඇති කරගෙන නියම සතුට අද්දකින්න.—ගීතා. 1:1-3.

16. දිගටම දක්ෂ ගුරුවරු වෙන්න ඉගෙනගන්න එකෙන් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

16 යෙහෝවා ගැන අනිත් අයට කියලා දෙන එක තරම් සතුටක් තවත් නැහැ. පාරාදීසේදී ඒ වැඩේ අපිට ඊටත් වඩා වැඩියෙන් කරන්න වෙයි. ඒ නිසා ශුභාරංචිය කියද්දී අපිට සවන් දෙන අය ගැන වැඩියෙන් හිතමු. උගන්නද්දී බයිබලේ පාවිච්චි කරමු. අපිට අවධානය ගන්නවා වෙනුවට යෙහෝවාට අවධානය දෙමු. එහෙම කරද්දී ඉගැන්වීමේ කලාව දිගටම දියුණු කරගන්න අපිට පුළුවන්.

ඔයාට කොහොමද පුළුවන් උගන්නද්දී . . .

  • සවන් දෙන අය ගැන හිතනවා කියලා පෙන්නන්න?

  • බයිබලේ පාවිච්චි කරන්න?

  • අවධානය යෙහෝවාට දෙන්න?

ගීතිකාව 65 දියුණු වන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න