ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 දෙසැම්බර් 30 පි.
  • ඔයාට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාට මතකද?
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ඔයාට මතකද?
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අලුත් සේවා වසරට ඔයාගේ ඉලක්ක මොනවාද?
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අසාධාරණකම් දරාගන්න
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • 1වෙනි කොටස
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 දෙසැම්බර් 30 පි.

ඔයාට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

“අලුත් ආකාරයකින් හිතන්න පුරුදු වෙනවා” කියන්නේ මොකක්ද? (රෝම 12:2)

නිකම්ම හොඳ දේවල් කරන එකට වඩා දෙයක් ඒකට ඇතුළත්. කෙනෙක් ඇතුළාන්තයෙන්ම මොන වගේද කියලා සෝදිසි කරලා බලන්න ඕනේ. ඊටපස්සේ දෙවියන්ගේ ප්‍රමිතිවලට අනුව ජීවිතේ වෙනස්කම් කරගන්නත් ඕනේ.—w23.01, 8-9 පිටු.

ලෝකේ වෙන දේවල් ගැන සමබරව හිතන්න අපිට පුළුවන් කොහොමද?

අද ලෝකේ වෙන දේවල් අනාවැකිවල ඉටු වීමට සම්බන්ධ වෙන විදිහ දකින්න අපි ආස වුණත් ඒවා ගැන අපිම නිගමනවලට එන්න හොඳ නැහැ. මොකද ඒකෙන් අපේ එක්සත්කම නැති වෙනවා. ඒ නිසා අපි කතා කරන දේවල් සංවිධානයෙන් දෙන අලුත්ම තොරතුරුවලට එකඟද කියලා අපි බලන්න ඕනේ. (1 කොරි. 1:10)—w23.02, 16 පිටුව.

යේසුස්ගේ බව්තීස්මය ඔහුගේ අනුගාමිකයන්ගේ බව්තීස්මයට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

යේසුස් යුදෙව්වෙක් නිසා ඔහු විශේෂයෙන්ම යෙහෝවාට කැප වෙන්න ඕනෙ වුණේ නැහැ. ඔහු පරිපූර්ණ කෙනෙක් නිසා වැරදි ගැන පසුතැවිලි වෙන්න ඕනෙ වුණෙත් නැහැ.—w23.03, 5 පිටුව.

රැස්වීමේදී අනිත් අයටත් උත්තර දෙන්න අවස්ථාව දෙන්න අපිට පුළුවන් කොහොමද?

කෙටියෙන් උත්තර දෙන්න. ඡේදේ තියෙන හැම අදහසක්ම ඔයාගේ උත්තරේට ඔබන්න එපා. එතකොට තව හුඟදෙනෙක්ට උත්තර දෙන්න අවස්ථාව ලැබෙනවා.—w23.04, 23 පිටුව.

යෙසායා 35:8 කතා කරන “ශුද්ධ මඟ” මොකක්ද?

අතීතයේදී මේ සංකේතවත් මඟ වුණේ බැබිලෝනියේ ඉඳන් ඊශ්‍රායෙල් දේශයට යන මාර්ගයයි. එතකොට මේ කාලේ තියෙන “ශුද්ධ මඟ?” 1919ට සියවස් ගාණකට කලින් ඉඳන් සමහරු මේ මඟ එළිපෙහෙළි කරන්න බයිබලේ පරිවර්තනය කරන එක සහ මුද්‍රණය කරන එක ඇතුළු ගොඩක් දේවල් කළා. මේ මාර්ගයේ දිගටම ගමන් කරන අයට දෙවියන්ගේ ආශීර්වාද ලබාගන්න පුළුවන්.—w23.05, 15-19 පිටු.

හිතෝපදේශ 9වෙනි පරිච්ඡේදයේ සඳහන් ස්ත්‍රීන් දෙන්නාට ඇහුම්කන් දුන්නොත් වෙන්නේ මොනවාද?

ඒකේ “මෝඩ ස්ත්‍රියක්” ගැන කතා කරනවා. ඒ ස්ත්‍රියගේ ආරාධනය පිළිගන්න අය යන්නේ “මිනී වළට.” හැබැයි “සැබෑ ප්‍රඥාව” කියන ස්ත්‍රියට ඇහුම්කන් දුන්නොත් “තේරුම්ගැනීම කියන මාවතේ ඉදිරියටම ගමන් කරලා” ජීවනය ලබාගන්න පුළුවන්. (හිතෝ. 9:1, 6, 13, 18)—w23.06, 22-24 පිටු.

ලොත්ගේ සිද්ධියෙන් දෙවියන් නිහතමානියි, සාධාරණයි කියලා පේන්නේ කොහොමද?

දෙවියන් ලොත්ට කිව්වා කඳුවලට පලා යන්න කියලා. හැබැයි ලොත් ඔහුගෙන් ඇහුවා ෂොවර්වලට යන්නද කියලා. දෙවියන් ඒ ඉල්ලීමට ඇහුම්කන් දුන්නා.—w23.07, 21 පිටුව.

සැමියා අසභ්‍ය දර්ශන බලනවා නම් බිරිඳට කරන්න පුළුවන් මොනවාද?

ඒක වුණේ තමන්ගේ වරදින් කියලා බිරිඳක් හිතන්න හොඳ නැහැ. ඒ වෙනුවට එයා දෙවියන් එක්ක එයාට තියෙන බැඳීමට අවධානය දෙන්න ඕනේ. යෙහෝවාට යාච්ඤා කරලා සහනය ලබාගත්ත ස්ත්‍රීන්ගේ ආදර්ශ ගැනත් හොඳට හිතන්න එයාට පුළුවන්. වරදකට වැටෙන්න වැඩි ඉඩකඩක් තියෙන අවස්ථා මඟහරින්න සැමියාට උදව් කරන්නත් එයාට පුළුවන්.—w23.08, 14-17 පිටු.

අපේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරද්දී මෘදු විදිහට උත්තර දෙන්න වටහාගැනීමේ හැකියාව උදව් වෙන්නේ කොහොමද?

කෙනෙක් අපේ විශ්වාසයන් ගැන ප්‍රශ්න අහද්දී එයා හිතන විදිහ, එයා උනන්දු වෙන දේවල් ගැන තේරුම්ගන්න අපිට පුළුවන්. අපි හැම වෙලේම එයාට උත්තර දෙන්න ඕනෙ සන්සුන්ව සහ මෘදු විදිහට.—w23.09, 17 පිටුව.

මරියාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

ගැලවුම්කරුගේ අම්මා වෙනවා කියලා දැනගත්තාම ඒ පැවරුම ඉටු කරන්න මරියා අනිත් අයගෙන් උදව් ගත්තා. ගාබ්‍රියෙල් සහ එලිසබෙත් එයාව දිරිගැන්නුවා. අපිටත් පුළුවන් අනිත් අයගෙන් උදව් අරන් ශක්තිමත් වෙන්න.—w23.10, 15 පිටුව.

යෙහෝවා අපේ යාච්ඤාවලට උත්තර දෙන්නේ කොහොමද?

අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා කියලා යෙහෝවා පොරොන්දු වෙනවා. අපේ ඉල්ලීම් කොච්චර දුරට ඔහුගේ අරමුණට සම්බන්ධ වෙනවාද කියලත් ඔහු බලනවා. (යෙරෙ. 29:12) එකම ඉල්ලීමට විවිධ විදිවලින් උත්තර දුන්නත් ඔහු හැම වෙලේම අපේ උදව්වට ඉන්නවා.—w23.11, 21-22 පිටු.

රෝම 5:2, 4 “බලාපොරොත්තුව” ගැන කියන්නේ මොකක්ද?

පාරාදීසේ ගැන මුලින්ම අහද්දී කෙනෙක්ට බලාපොරොත්තුවක් ඇති වෙනවා. හැබැයි එයා ප්‍රශ්නවලට මුහුණ දෙද්දී, ඒවා විශ්වාසවන්තව විඳදරාගනිද්දී එයාට දැනෙනවා එයාට යෙහෝවාගේ අනුමැතිය තියෙනවා කියලා. එතකොට බලාපොරොත්තුව ගැන එයාගේ හිතේ තියෙන විශ්වාසයත් තව වැඩි වෙනවා.—w23.12, 12-13 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න