ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 මැයි 32 පි.
  • අසාධාරණකම් දරාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අසාධාරණකම් දරාගන්න
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • “මුළු පොළොවෙම විනිශ්චයකරු” සැමවිටම යුක්තිය ඉටු කරනවා
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • එයා වැරදි දේ ප්‍රතික්ෂේප කළා
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • ‘මේ තරම් දුෂ්ට දෙයක් කරන්නේ කොහොමද?’
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාව සාර්ථක කරන්නේ යෙහෝවා දෙවියන්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 මැයි 32 පි.

අධ්‍යයනයට දෙයක්!

අසාධාරණකම් දරාගන්න

යෝසෙප් අසාධාරණකම් දරාගත්ත විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දේවල් දැනගන්න උත්පත්ති 37:23-28; 39:17-23 කියවන්න.

සිද්ධියේ වටපිටාව දැනගන්න. අනිත් අය යෝසෙප්ට අසාධාරණ විදිහට සැලකුවේ ඇයි? (උත්. 37:3-11; 39:1, 6-10) යෝසෙප්ට කොච්චර කල් ඒවා දරාගන්න වුණාද? (උත්. 37:2; 41:46) ඒ දේවල් වෙද්දී යෙහෝවා එයා වෙනුවෙන් කළේ මොනවාද, කළේ නැත්තේ මොනවාද?—උත්. 39:2, 21; w23.01 17 13¶.

ගැඹුරට යන්න. පොතිෆර්ගේ බිරිඳ යෝසෙප්ට විරුද්ධව කරපු චෝදනා බොරුයි කියලා යෝසෙප් කිව්වා කියලා බයිබලේ කියන්නේ නැහැ. යෝසෙප් ඒ වෙලාවේ කට පියන් ඉන්න ඇත්තේ ඇයි? ඒ හැම තොරතුරක්ම බයිබලේට ඇතුළත් කරයි කියලා අපිට හිතන්න බැරි ඇයි? ඒ ප්‍රශ්නවලට උත්තර තේරුම්ගන්න මේ බයිබල් පද උදව් වෙන්නේ කොහොමද? (හිතෝ. 20:2; යොහ. 21:25; ක්‍රියා 21:37) ආසාධාරණකම් ඉවසගන්න යෝසෙප්ට උදව් වෙන්න ඇත්තේ මොන වගේ ගුණාංගද?—මීකා 7:7; ලූක් 14:11; යාකො. 1:2, 3.

පාඩම් අඳුරගන්න. මේ ගැන හිතන්න.

  • ‘යේසුස්ගේ අනුගාමිකයෙක් නිසා මට මොන වගේ අසාධාරණකම්වලට මූණ දෙන්න වෙයිද?’ (ලූක් 21:12, 16, 17; හෙබ්‍රෙ. 10:33, 34)

  • ‘අසාධාරණකම්වලට හොඳින් මූණ දෙන්න මට දැන් ඉඳන්ම කරන්න පුළුවන් මොනවාද?’ (ගීතා. 62:7, 8; 105:17-19; w19.07 2-7)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න