ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 දෙසැම්බර් 31 පි.
  • ඔයාට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාට මතකද?
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ඔබට මතකද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • 1වෙනි කොටස
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 දෙසැම්බර් 31 පි.

ඔයාට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

යෙහෝවාව ගෞරවේට පත් කරන්න අපිව පොලඹවන්නේ මොකක්ද?

අපි එහෙම කරන්නේ ඔහු මොන වගේ කෙනෙක්ද කියලා අපි දන්න නිසා, අපි ඔහුට ගොඩක් ආදරේ නිසා සහ යෙහෝවා ගැන අනිත් අයත් දැනගන්නවාට අපි කැමති නිසා.—w25.01, 3 පිටුව.

අපේ හිත රිද්දන කෙනෙක්ට සමාව දෙන්න අපි කරන්න ඕනෙ මොනවාද?

දැනෙන විදිහ ගණන් නොගෙන ඉන්න එපා. හැබැයි කේන්තිය හිතේ තියාගන්නේ නැතුව වුණ දේ අමතක කරන්න.—w25.02, 15-16 පිටු.

යෞවන සහෝදරයන්ට මාක් හොඳ ආදර්ශයක් කියන්නේ ඇයි?

මාක් කැමැත්තෙන්ම එයාට ලැබුණ පැවරුම භාරගත්තා. එයාගේ හිත රිදෙන, අධෛර්යය වෙන දෙයක් වුණත් සේවේ කරන එක එයා අත්හැරියේ නැහැ. එයා පාවුල්වයි, අවබෝධයෙන් වැඩ කරන අනිත් අයවයි කිට්ටුවෙන් ආශ්‍රය කළා.—w25.04, 27 පිටුව.

යේසුස් යාච්ඤා කරද්දී “ඔයාගේ නම ගැන මං එයාලට කියලා දුන්නා” කියලා කියපු එකෙන් අදහස් කළේ මොකක්ද? (යොහ. 17:26)

යේසුස්ගේ ගෝලයෝ දෙවියන්ගේ නම දැනගෙනයි හිටියේ. යේසුස් කියපු දෙයින් අදහස් කළේ ඒ නම අයිති දෙවියන් කොයි වගේ කෙනෙක්ද ඒ කියන්නේ ඔහුගේ අරමුණ, ඔහු කරලා තියෙන දේවල්, ඔහුගේ ගුණාංග ගැන යේසුස් එයාලට පැහැදිලි කළා කියන එකයි.—w25.05, 20-21 පිටු.

නිහතමානී නම් අපි මොකක්ද පිළිගන්නේ?

සමහර දේවල් අපි දන්නේ නැහැ කියලා අපි පිළිගන්නවා. අවසානය එන දවස, එදාට යෙහෝවා මොන වගේ දේවල් කරයිද, හෙට මොනවා වෙයිද, යෙහෝවා අපිව කොච්චර දුරට දන්නවාද කියලා අපි දන්නේ නැහැ.—w25.06, 15-18 පිටු.

ලිපියකින්, බයිබල් දේශනයකින් ප්‍රයෝජන ගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

මෙහෙම හිතන්න. ‘මේ ඉගැන්වීම සත්‍යයයි කියලා පෙන්නන්න පාවිච්චි කරලා තියෙන සාක්ෂි මොනවාද? ඒක පැහැදිලි කරන්න මට පාවිච්චි කරන්න පුළුවන් හොඳ උදාහරණයක් මේකේ තියෙනවාද? මේ විෂය ගැන කොයි වගේ අයද උනන්දු වෙන්නේ?’—w25.07, 19 පිටුව.

දෙවියන් දාවිත් එක්ක වැඩ කරපු විදිහෙන් ඔහු සමාව දෙන විදිහ ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

දාවිත් බරපතළ වරදක් කළත් එයා පසුතැවෙද්දී යෙහෝවා එයාට සමාව දුන්නා. (1 රාජා. 9:4, 5) දෙවියන් සමාව දුන්නාම ඒක ආයේ මතක් කරකර දඬුවම් කරන්නේ නැහැ.—w25.08, 17 පිටුව.

ශිෂ්‍යයෙක්ට බයිබල් සත්‍යයක් තේරුම්ගන්න අමාරුයි නම් මොකද කරන්නේ?

ඒක තියලා ඉස්සරහට යන්න. වෙන වෙලාවක ඒ ගැන ආයේ කතා කරන්න.—w25.09, 24 පිටුව.

“පාපයට තියෙන බලය” මොකක්ද? (හෙබ්‍රෙ. 3:13)

පාපය අපිව වැරදි කරන්න පොලඹවනවාට අමතරව යෙහෝවාගේ ආදරේ ගැන අපේ හිතේ සැක ඇති කරගන්නත් අපිව පොලඹවනවා.—w25.10, 16 පිටුව.

අපේ යාච්ඤා තව අර්ථවත් කරගන්න උදව් වෙන දේවල් තුන මොනවාද?

(1) යෙහෝවාගේ ගතිලක්ෂණ ගැන හිතන්න. (2) යාච්ඤා කරන්න කලින් ‘මට තියෙන්නේ මොන වගේ ප්‍රශ්නද? මං සමාව නොදී කාත් එක්ක හරි තරහෙන් ඉන්නවාද’ කියලා හිතන්න. (3) හොඳට වෙලාව ගන්න. එතකොට හැඟෙන හැම දේම තව වැඩියෙන් කියන්න පුළුවන්.—w25.10, 19-20 පිටු.

මහලු අයට උදව් කරන්න පුළුවන් කොහොමද?

එයාලට කෝල් එකක් දෙන්න. එයාලව බලන්න යන්න. එයාලත් එක්ක දොස්තර ළඟට යන්න. එක එක විදිවලින් එයාලත් එක්ක සේවේ හවුල් වෙන්න.—w25.11, 6-7 පිටු.

ගෞරවනීය විවාහ උත්සවයක් පවත්වන්න උදව් වෙන වැදගත් දේවල් මොනවාද?

විවාහය ගැන ආණ්ඩුවෙන් දාලා තියෙන නීතිවලට කීකරු වෙන්න. විවාහ උත්සවය, සාදය සැලසුම් කරලා තියෙන විදිහෙන් පේන්න ඕනෙ ඒ යුවළ දෙවියන්ගේ බලයට යටත් අය කියලා. ඇඳුම් පැලඳුම් චාම් ඒවා වෙන්නත් ඕනේ. බයිබලේට එකඟ නැති චාරිත්‍ර කරන්න හොඳ නැහැ. සැලසුම් කරද්දී පැහැදිලිව අදහස් හුවමාරු කරගන්න.—w25.12, 21-24 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න