ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb25 ජූලි 12-13 පි.
  • අගෝස්තු 18-24

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අගෝස්තු 18-24
  • 2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb25 ජූලි 12-13 පි.

අගෝස්තු 18-24

හිතෝපදේශ 27

ගීතිකාව 102 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. සැබෑ යාළුවන් අපිට හයියක්!

(විනා. 10යි)

අවංක යාළුවන් අපිට ඕන කරන උපදෙස් බය නැතුව දෙනවා (හිතෝ 27:5, 6; w19.09 5 12¶)

අපිට උදව් ඕන මොන පැත්තෙන්ද කියලා නෑදෑයන්ට වඩා හොඳට කිට්ටු යාළුවෝ දන්නවා (හිතෝ 27:10; it-2-E 491 3¶)

සැබෑ යාළුවන් අපේ ගුණාංග දියුණු කරගන්න අපිට උදව් කරනවා (හිතෝ 27:17; w23.09 10 7¶)

මහලු සහෝදරයෙක්ට එයාගේ දොස්තර එක්ක කතා කරන්න තරුණ සහෝදරයෙක් උදව් කරනවා.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • හිතෝ 27:21—ප්‍රශංසාව ලැබෙද්දී ඒක භාරගන්න විදිහෙන් අපි ගැන හෙළි වෙන්නේ මොනවාද? (w06 9/15 19 12¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) හිතෝ 27:1-17 (th 5 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. ගෙහිමියා ක්‍රිස්තියානි නොවන කෙනෙක්. (lmd 6 පාඩමේ 5 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) අවිධිමත්ව. ඉගැන්වීම් කට්ටලේ තියෙන වීඩියෝ එකක් පෙන්නන්න. (lmd 8 පාඩමේ 3 කරුණ)

6. දේශනය

(විනා. 5යි) ijwyp 75 ලිපිය—තේමාව: යාළුවා කරපු දෙයක් නිසා මගේ හිත රිදුණොත් . . . (th 14 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 109

7. “කරදරයකදී උදව් කරන්න ඉපදුණ සහෝදරයෙක්”

(විනා. 15යි) සාකච්ඡාවක්.

යෙහෝවා අපිට ලොකු පවුලක් දීලා තියෙනවා. එයාලා අතරින් හොඳ යාළුවෝ හොයාගන්න අපිට පුළුවන්. සභාවේ ඉන්න හුඟක් අය අපේ යාළුවෝ තමයි. හැබැයි එයාලාගෙන් කීදෙනෙක්ව අපි කිට්ටු යාළුවෝ විදිහට සලකනවාද? දෙන්නා හොඳට අඳුරගද්දී, විශ්වාසේ තියද්දී, හිතේ තියෙන දේ කියද්දී, දේවල් එකට කරද්දී, උදව් කරගද්දී යාළුකම තව ශක්තිමත් වෙනවා. කිට්ටු මිතුදම් දවසින් දෙකෙන් ඇති වෙන්නේ නැහැ. ඒකට අපේ පැත්තෙනුත් මහන්සි වෙන්න ඕනේ.

හිතෝපදේශ 17:17 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • මහත් පීඩාවට කලින් දැන් ඉඳන්ම කිට්ටු මිතුදම් ඇති කරගන්න එක වටින්නේ ඇයි?

2 කොරින්ති 6:12, 13 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • මේ පද අදාළ කරගෙන හොඳ යාළුකම් ඇති කරගන්න පුළුවන් කොහොමද?

“ ‘සෑම දෙයකටම නියමිත කාලයක් ඇත’ - මිතුදම් ඇති කරගන්න කාලය ඕනේ” කියන වීඩියෝ එකේ දර්ශනයක්. ඕගස්ට් සහ බෙන් බාස්කට්බෝල් ගහන තැනක බංකුවක ඉඳගෙන ඉන්නවා. ඕගස්ට් බෙන්ට බෝලේ දෙනවා.

‘“සෑම දෙයකටම නියමිත කාලයක් ඇත” - මිතුදම් ඇති කරගන්න කාලය ඕනේ’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • මේ වීඩියෝ එකෙන් ඔයා යාළුකම් ගැන මොනවාද ඉගෙනගත්තේ?

පොඩි හිනාවකින්, “හලෝ, කොහොමද” වගේ වචන කීපයකින් යාළුකමක් පටන්ගන්න පුළුවන්. ඔයා එයා ගැන සැලකිලිමත් කියලා පෙන්නලා ඒ පටන්ගන්න යාළුකම තව වැඩි කරගන්න. දෙන්නෙක් කිට්ටු යාළුවෝ වෙන්න කාලයක් යනවා. ඒ නිසා ඉවසන්න. බැඳීම් ශක්තිමත් කරගන්න ඔයා මහන්සි වෙද්දී සදහටම ඔයාත් එක්ක ඉන්න යාළුවෝ ඔයාට හම්බ වෙයි.

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 10-11 පාඩම්

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 118 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න