අගෝස්තු 25-31
හිතෝපදේශ 28
ගීතිකාව 150 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. දුෂ්ට කෙනෙක්ගෙයි, ධර්මිෂ්ඨ කෙනෙක්ගෙයි වෙනස
(විනා. 10යි)
දුෂ්ට කෙනෙක් ඉන්නේ බයෙන්. ඒත් ධර්මිෂ්ඨ කෙනා නිර්භීතයි (හිතෝ 28:1; w93 5/15 26 2¶)
දුෂ්ට කෙනෙක්ට දේවල් හරියට තේරුම්ගන්න බැහැ. ධර්මිෂ්ඨ කෙනා ඥානවන්ත තීරණ ගන්නවා (හිතෝ 28:5; it-2-E 1139 3¶)
දුෂ්ට පොහොසතෙක්ට වඩා දුප්පත් ධර්මිෂ්ඨයෙක් වටිනවා (හිතෝ 28:6; it-1-E 1211 4¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 28:14—මේ හිතෝපදේශයේ දෙන අනතුරු ඇඟවීම මොකක්ද? (w01 12/1 12 1¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 28:1-17 (th 10 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) ගෙයින් ගෙට. යුද්ධ සහ ප්‍රචණ්ඩ දේවල්වල අවසානය ගැන කතා කරන්න. (lmd 5 පාඩමේ 5 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) ගෙයින් ගෙට. යුද්ධ සහ ප්‍රචණ්ඩ දේවල්වල අවසානය ගැන කතා කරන්න. (lmd 5 පාඩමේ 4 කරුණ)
6. කතාබහක් පටන්ගද්දී
(විනා. 2යි) පොදු සේවය. යුද්ධ සහ ප්‍රචණ්ඩ දේවල්වල අවසානය ගැන කතා කරන්න. (lmd 1 පාඩමේ 4 කරුණ)
7. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) අවිධිමත්ව. යුද්ධ සහ ප්‍රචණ්ඩ දේවල්වල අවසානය ගැන කතා කරන්න. (lmd 2 පාඩමේ 4 කරුණ)
ගීතිකාව 112
8. ප්‍රචණ්ඩ දේවලට ඔයා වෛර කරනවාද?
(විනා. 6යි) සාකච්ඡාවක්.
ප්‍රචණ්ඩ දේවල් පටන්ගත්තේ සාතන්. ඒකයි යේසුස් කිව්වේ සාතන් “මිනීමරුවෙක්” කියලා. (යොහ 8:44) සාතන්ගේ කැරැල්ලට සමහර දේවදූතයනුත් එකතු වුණාට පස්සේ පොළොවේ අස්සක් මුල්ලක් නෑර සැහැසියාව පැතිරුණා. ඒකෙන් පොළොව පිරිහුණා. (උත් 6:11) සැහැසියාව පිරුණු සාතන්ගේ මේ ලෝකේ අවසානෙට ළං වෙන්න වෙන්න මිනිස්සු තව දරුණු වෙනවා. එයාලට එයාලවම පාලනය කරගන්න බැරි වෙනවා.—2තිමෝ 3:1, 3.
ගීතාවලිය 11:5 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
ප්‍රචණ්ඩ දේවලට කැමති අය ගැන යෙහෝවාට හැඟෙන්නේ කොහොමද? ඒ ඇයි?
ජනප්‍රිය ක්‍රීඩාවලින්, විනෝදෙට කරන දේවල්වලින් මිනිස්සු ප්‍රචණ්ඩ දේවලට කැමතියි කියලා පේන්නේ කොහොමද?
හිතෝපදේශ 22:24, 25 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
විනෝදෙට අපි තෝරගන්න දේවල් නිසාත් ළඟින් ආශ්‍රය කරන අය නිසාත් දරුණු දේවල් ගැන අපිට තියෙන අකමැත්ත අඩු වෙන්න පුළුවන් කොහොමද?
විනෝදෙට අපි තෝරගන්න දේවලින් දරුණු දේවලට අපේ කැමැත්ත අකමැත්ත පේන්නේ කොහොමද?
9. සැප්තැම්බර් මාසේ විශේෂ ව්‍යාපෘතිය
(විනා. 9යි)
සේවා සංවිධායක දෙන දේශනයක්. ව්‍යාපෘතිය ගැන උද්‍යෝගයක් ඇති කරන්න. සභාවෙන් දාලා තියෙන සැලැසුම් ගැන කියන්න.
‘නිමක් නැති සාමයක්! (2022 තුන්දින සමුළුවේ ගීතිකාව)’ වීඩියෝ එක පෙන්වන්න.
10. සභා බයිබල් පාඩම
(විනා. 30යි) lfb 12-13 පාඩම්