අගෝස්තු 11-17
හිතෝපදේශ 26
ගීතිකාව 88 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. “මෝඩයෙක්ගෙන්” ඈත් වෙන්න
(විනා. 10යි)
“මෝඩයෙක්” ගෞරවේ ලබන්න වටින්නේ නැහැ (හිතෝ 26:1; it-2-E 729 6¶)
හුඟක් වෙලාවට “මෝඩයන්ට” තද හික්මවීම් ඕනේ (හිතෝ 26:3; w87 -E 10/1 19 12¶)
“මෝඩයෙක්ව” විශ්වාස කරන්න බැහැ (හිතෝ 26:6; it-2-E 191 4¶)
පැහැදිලි කිරීම: බයිබලේ “මෝඩයෙක්” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ, කරන්න ඕන දේ පැහැදිලිව පෙනුණත් ඒක කරන්නේ නැති කෙනෙක්වයි. ඒ වගේම එයා හරි වැරැද්ද ගැන දෙවියන් දීලා තියෙන ප්‍රමිති පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ.
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 26:4, 5—මේ පද දෙකේ කියන දේවල් එකිනෙකට වෙනස් නැහැ කියලා අපි කියන්නේ ඇයි? (it-1-E 846)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 26:1-20 (th 5 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) ගෙයින් ගෙට. පත්‍රිකාවක් පාවිච්චි කරලා කතාබහක් පටන්ගන්න. (lmd 1 පාඩමේ 5 කරුණ)
5. ආයෙත් හම්බ වෙද්දී
(විනා. 4යි) ගෙයින් ගෙට. කලින් වතාවේ ඔයා දීපු පත්‍රිකාවෙන් කතාබහ දිගටම කරගෙන යන්න. (lmd 7 පාඩමේ 4 කරුණ)
6. ගෝලයන් වෙන්න උදව් කරද්දී
(විනා. 5යි) නෑදෑයෙක්ට සාක්ෂි දරන්න ශිෂ්‍යයාව පුරුදු කරන්න. (lmd 11 පාඩමේ 5 කරුණ)
ගීතිකාව 94
7. පෞද්ගලික අධ්‍යයනයෙන් ‘ගැලවීමට උදව් වෙන ප්‍රඥාව’ ලබාගන්න
(විනා. 15යි) සාකච්ඡාවක්.
පුංචි කාලේ ඉඳන් ශුද්ධ ලියවිලිවලින් ඉගෙනගත්ත දේවල් කොච්චර වටිනවාද කියලා පාවුල් තිමෝතිට මතක් කළා. ‘ගැලවීමට උදව් වෙන ප්‍රඥාව’ ලබාගන්න ඒවා තිමෝතිට උදව් වුණා. (2තිමෝ 3:15) බයිබල් සත්‍යයන් ගොඩක් වටින නිසා අපි හැම කෙනෙක්ම බයිබලේ කියවන්න, අධ්‍යයනය කරන්න කාලේ වෙන් කරන එක හරිම වැදගත්. හැබැයි අධ්‍යයනය කරන්න අපිට ආසාවක් නැත්නම්?
1 පේතෘස් 2:2 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
අධ්‍යයනය කරන්න ආසාවක් ඇති කරගන්න පුළුවන්ද?
දේවවචනය ගැන ‘ආසාවක් ඇති කරගන්න’ අපි කරන්න ඕනෙ මොනවාද?—w18.03 29 6¶
අධ්‍යයනය කරලා තව තව දේවල් ඉගෙනගන්න සංවිධානයෙන් දීලා තියෙන ‘JW ලයිබ්‍රරි’ ඇප් එක වගේ දේවල් අපිට උදව් වෙන්නේ කොහොමද?
‘දරපු විශේෂ වෑයම් - “JW ලයිබ්‍රරි” ඇප් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් ඔයා ප්‍රයෝජන අරන් තියෙන්නේ කොහොමද?
ඔයා වැඩියෙන්ම කැමති ඒකේ තියෙන මොන විශේෂ දේවලටද?
ඔයා ඉගෙනගෙන පාවිච්චි කරන්න කැමති ඒකේ තියෙන මොන විශේෂ දේවල්ද?
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) lfb 8-9 පාඩම්