ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb25 ජූලි 8-9 පි.
  • ජූලි 28–අගෝස්තු 3

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 28–අගෝස්තු 3
  • 2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb25 ජූලි 8-9 පි.

ජූලි 28–අගෝස්තු 3

හිතෝපදේශ 24

ගීතිකාව 38 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. අමාරු කාලවලට මූණ දෙන්න දැන්ම ශක්තිමත් වෙන්න

(විනා. 10යි)

දිගටම දැනුම, ප්‍රඥාව ලබාගන්න (හිතෝ 24:5; it-2-E 610 8¶)

අධෛර්යය වුණත් නමස්කාරයේ දේවල් දිගටම කරන්න (හිතෝ 24:10; w09 12/15 18 12-13¶)

අමාරු දේවලදී නොසැලී ඉන්න දෙවියන් ගැන තියෙන විශ්වාසේ සහ ආදරේ උදව් වෙනවා (හිතෝ 24:16; w20.12 15)

බරපතළ අසනීපයක් තියෙන සහෝදරියක් හරිම සතුටින් එයාගේ යාළුවෙක් එක්ක ගෙයින් ගෙට සේවේ යනවා. එයා එයාගේ ටැබ් එකෙන් දෙයක් නිවැසියාට පෙන්නනවා.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • හිතෝ 24:27—මේ හිතෝපදේශයෙන් ගන්න පුළුවන් පාඩම මොකක්ද? (w09 10/15 12)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) හිතෝ 24:1-20 (th 11 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) අවිධිමත්ව. සාක්ෂි දරන්න කලින් සාකච්ඡාව මඟ නතර වෙනවා. (lmd 2 පාඩමේ 4 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) ගෙයින් ගෙට. (lmd 3 පාඩමේ 4 කරුණ)

6. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) පොදු සේවය. අපි බයිබල් පාඩම් කරන විදිහ ගැන කියලා බයිබලය ඉගෙනගන්න කන්ටැක්ට් කාඩ් එකක් දෙන්න. (lmd 4 පාඩමේ 3 කරුණ)

7. දේශනය

(විනා. 3යි) lmd 1වෙනි උපග්‍රන්ථය 11 කරුණ—තේමාව: දෙවියන් ඔහුගේ අදහස් අපිට දැනුම් දෙනවා. (th 6 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 99

8. අමාරු කාලවලදී එකිනෙකාට අත දෙන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

වසංගත, ස්වාභාවික විපත්, අරගල, යුද්ධ, විරුද්ධවාදිකම් වගේ දේවල් එකපාරටම ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් වුණාම අපේ සහෝදර සහෝදරියන් එකිනෙකාට උදව් කරනවා, දිරිගන්නනවා. ඒවා අපිට කෙළින්ම බලපෑවේ නැතත් ඒවාට මූණ දෙන සහෝදරයන්ගේ දුක අපිට දැනෙනවා. එයාලට අත දෙන්න කරන්න පුළුවන් හැම දේම අපි කරනවා.—1කොරි 12:25, 26.

පින්තූරවල අදහස: සහෝදර සහෝදරියන් අනිත් සහෝදරයන්ට උදව් කරන විදි. 1. ස්වාභාවික විපතකින් විනාශ වුණ නමස්කාර මධ්‍යස්ථානයක් ආයෙත් ගොඩනඟනවා. 2. සරණාගතයන් විදිහට ආපු අම්මා කෙනෙක්වයි, දුවෙක්වයි ආදරෙන් පිළිගන්නවා. 3. සහෝදරියක් නමස්කාර මධ්‍යස්ථානයේ තියෙන සම්මාදම් පෙට්ටියට සම්මාදමක් දානවා. 4. සරණාගත වුණ සහෝදරයන්ට ඕන කරන දේවල් සහෝදර සහෝදරියන් නමස්කාර මධ්‍යස්ථානයේදී දෙනවා. 5. ස්වේච්ඡා සේවකයන් වතුර බෝතල් බෙදනවා. 6. සහෝදරයෙක් යාච්ඤා කරනවා.

1 රාජාවලිය 13:6 සහ යාකොබ් 5:16ආ කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • අනිත් අය වෙනුවෙන් දෙවියන්ගේ සේවකයන් කරන යාච්ඤා බලවත් ඇයි?

මාක් 12:42-44 සහ 2 කොරින්ති 8:1-4 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • අපිට එච්චර දේවල් තිබුණේ නැතත් ලෝක ව්‍යාප්ත සේවේ වෙනුවෙන් අපිට සම්මාදම් කරන්න පුළුවන් පොඩි ගාණක් වුණත් ඒක නොදී ඉන්න හොඳ නැත්තේ ඇයි?

‘තහනමක් මැද හිටපු සහෝදරයන්ට උදව් කළා’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • නැඟෙනහිර යුරෝපයේ අපේ වැඩ තහනම් කරපු රටවල හිටපු සහෝදරයන්ට උදව් කරන්න අපේ අනිත් සහෝදරයන් කළේ මොන වගේ කැප කිරීම්ද?

  • එකට රැස් වෙලා එකිනෙකාව දිරිගන්වන්න කියන ආඥාවට තහනමක් මැද වුණත් සහෝදරයෝ කීකරු වුණේ කොහොමද?—හෙබ්‍රෙ 10:24, 25

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 4-5 පාඩම්

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 112 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න