ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb25 ජූලි 6-7 පි.
  • ජූලි 21-27

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූලි 21-27
  • 2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb25 ජූලි 6-7 පි.

ජූලි 21-27

හිතෝපදේශ 23

ගීතිකාව 97 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. මත්පැන් පාවිච්චිය ගැන ඥානවන්ත මඟ පෙන්වීම්

(විනා. 10යි)

ඔයා මත්පැන් බොන්න තීරණේ කරනවා නම් ඕනෑවට වැඩිය බොන්න එපා (හිතෝ 23:20, 21; w04 12/1 19 5-6¶)

බේබදුකම නිසා වෙන හානිය අමතක කරන්න එපා (හිතෝ 23:29, 30, 33-35; it-1-E 656)

මත්පැන්වල දිස්නෙට රැවටෙන්න එපා (හිතෝ 23:31, 32)

සහෝදරියක් සෝෆා එකේ ඉඳගෙන ඊට එහායින් තියෙන මත්පැන් බෝතලයක් දිහා බලාගෙන ඉන්නවා.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • හිතෝ 23:21—කෑදරකමයි, තරබාරුකමයි අතරේ තියෙන වෙනස මොකක්ද? (w04 11/1 31 2¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) හිතෝ 23:1-24 (th 5 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 2යි) පොදු සේවය. (lmd 3 පාඩමේ 5 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 5යි) ගෙයින් ගෙට. බයිබල් පාඩමක් කරන විදිහ පෙන්නන්න. (lmd 9 පාඩමේ 5 කරුණ)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

(විනා. 5යි) දෙවියන් අකමැති පුරුද්දකින් ගොඩ එන්න උත්සාහ කරන ඔයාගේ බයිබල් ශිෂ්‍යයාව දිරිගන්වන්න. (lmd 12 පාඩමේ 4 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 35

7. මත්පැන් දෙනවාද නැද්ද?

(විනා. 8යි) සාකච්ඡාවක්.

වෙඩින් එකේදී නැත්නම් වෙන පාටියකදී එන අයට ඔයා මත්පැන් දෙන්නම ඕනෙද? ඒක පෞද්ගලික තීරණයක්. හැබැයි ඒ තීරණේ ගන්න කලින් බයිබල් ප්‍රතිපත්ති සහ අනිත් වැදගත් පැති ගැන හොඳට හිතන්න ඕනේ.

විවාහ ගිවිසගෙන ඉන්න යුවළක් එයාලාගේ වෙඩින් එකේදී මත්පැන් දෙනවාද නැද්ද කියලා කතා වෙනවා. එතන මේස උඩ දිගහැරපු බයිබලයක් තියෙනවා. එයාලාගේ ටැබ් එක එක ජාතියේ වයින් බෝතල්වල පින්තූර තියෙනවා.

‘මත්පැන් මං පිළිගන්වන්න ඕනෙද?’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • මත්පැන් දෙනවාද නැද්ද කියලා තීරණේ කරන්න මේ බයිබල් ප්‍රතිපත්ති උදව් වෙන්නේ කොහොමද?

    • යොහ 2:9—යේසුස් විවාහ උත්සවයකදී වතුර වයින්වලට හැරෙව්වා.

    • 1කොරි 6:10—‘බේබද්දන්ට දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ.’

    • 1කොරි 10:31, 32—‘ඔයාලා කෑවත් බිව්වත් ඒ හැම දෙයක්ම දෙවියන්ට ගෞරවය ලැබෙන විදිහට කරන්න. කාටවත් අමනාපයක් ඇති වෙන්න හේතු වෙන දෙයක් කරන්න එපා.’

  • අපි හිතලා බලන්න ඕන පැති මොනවාද?

  • බයිබල් ප්‍රතිපත්ති තේරුම් අරන්, හොඳ තීරණ ගන්න නම් ‘හිතලා දේවල් කරන්න තියෙන හැකියාව’ පාවිච්චි කරන්න ඕනෙ ඇයි?—රෝම 12:1; දේශ 7:16-18

8. සභා අවශ්‍යතා

(විනා. 7යි)

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) lfb 2 පාඩම, 2වෙනි කොටසට හැඳින්වීම සහ 3 පාඩම

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 40 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න