ජූලි 14-20
හිතෝපදේශ 22
ගීතිකාව 79 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. දරුවන්ව ඇතිදැඩි කරන්න ඥානවන්ත මඟ පෙන්වීම්
(විනා. 10යි)
ජීවිතේ එන අභියෝගවලට දරුවන්ව සූදානම් කරන්න (හිතෝ 22:3; w20.10 27 7¶)
ඉපදුණ දවසේ ඉඳන් පුහුණුව පටන්ගන්න (හිතෝ 22:6; w19.12 26 17-19¶)
ආදරෙන් එයාලව හික්මවන්න (හිතෝ 22:15; w06 4/1 9 5¶)
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 22:29—සභාවේ කරන වැඩවලට මේ හිතෝපදේශය අදාළ කරගන්න පුළුවන් කොහොමද? ඒකෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? (w21.08 22 11¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 22:1-19 (th 10 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) ගෙයින් ගෙට. (lmd 5 පාඩමේ 4 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) අවිධිමත්ව. දෙමාපියන්ට ප්‍රයෝජනවත් වෙන තොරතුරු jw.org එකෙන් හොයාගන්න විදිහ පෙන්නන්න. (lmd 1 පාඩමේ 4 කරුණ)
6. දේශනය
(විනා. 5යි) ijwyp 100 ලිපිය—තේමාව: අම්මා තාත්තා දාපු නීතියක් මගේ අතින් කැඩුණොත් . . . (th 20 පාඩම)
ගීතිකාව 134
7. ඉවසන්න, හැබැයි හැම දේටම ඉඩ දෙන්න එපා
(විනා. 15යි) සාකච්ඡාවක්.
දරුවන්ව ඇතිදැඩි කරද්දී ඉවසීම ඕනෙමයි. දෙමාපියන් දරුවන් ගැන නිතරම හොයලා බලන්න ඕනේ. එයාලත් එක්ක නිවිහැනහිල්ලේ කාලේ ගත කරන්නත් ඕනේ. (ද්වි 6:6, 7) දරුවන්ගේ හිතේ තියෙන දේ දැනගන්න නම් දෙමාපියන් ඉවසීමෙන් ඒවා එයාලාගෙන්ම අහලා දැනගන්න ඕනේ. දරුවෝ කතා කරද්දී හොඳට ඇහුම්කන් දෙන්න ඕනේ. (හිතෝ 20:5) දරුවෝ දෙමාපියන් දෙන මඟ පෙන්වීම් හිතට අරන් එකපාරින්ම අදාළ කරගනියි කියලා හිතන්න බැහැ. ඒ නිසා සමහරවිට එයාලට එකම දේ ආයේ ආයේ කියන්න වෙයි.
දෙමාපියන් ඉවසීමෙන් වැඩ කරනවා කියන්නේ දරුවන්ට හිතුමතේට වැඩ කරන්න ඉඩ දෙනවා කියන එක නෙවෙයි. දරුවන් කරන්න ඕන මොනවාද නොකරන්න ඕන මොනවාද කියලා කියන්නත් අකීකරු වුණොත් එයාලව හික්මවන්නත් යෙහෝවා දෙමාපියන්ට අධිකාරිය දීලා තියෙනවා.—හිතෝ 6:20; 23:13.
එෆීස 4:31 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
දෙමාපියන් කේන්තියෙන් දරුවන්ව හික්මවන්න හොඳ නැත්තේ ඇයි?
ගලාති 6:7 කියවන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
වැරදි දෙයක් කළොත් ඒකේ ප්‍රතිඵල විඳින්න වෙනවා කියලා දෙමාපියන් දරුවන්ට කියලා දෙන එක වැදගත් ඇයි?
‘“ඉවසීමෙන් දුර්වලකම් ප්‍රේමණීයව දරාගන්න”—දරුවන්ගේ’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
වීඩියෝ එකෙන් ඔයා හිතට ගත්ත පාඩම් මොනවාද?
8. සභා බයිබල් පාඩම
(විනා. 30යි) lfb “පාලක මණ්ඩලයෙන් ලියුමක්,” 1වෙනි කොටසට හැඳින්වීම සහ 1 පාඩම