ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb25 මැයි 12-13 පි.
  • ජූනි 16-22

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 16-22
  • 2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb25 මැයි 12-13 පි.

ජූනි 16-22

හිතෝපදේශ 18

ගීතිකාව 90 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. අසනීපයෙන් ඉන්න අයට ප්‍රබෝධයක් ලැබෙන විදිහට කතා කරන්න

(විනා. 10යි)

ඔයාගේ වචනවලින් දෙවියන්ගේ ප්‍රඥාව පේන්න සලස්වන්න (හිතෝ 18:4; w22.10 22 17¶)

එයාට දැනෙන විදිහ තේරුම්ගන්න උත්සාහ කරන්න (හිතෝ 18:13; mrt 19 ලිපිය කොටුව)

ඉවසීමෙන් උදව් කරන යාළුවෙක් වෙන්න (හිතෝ 18:24; wp23.1 14 3¶–15 1¶)

බිරිඳ එයාට හැඟෙන දේ ගැන කියද්දී සැමියා එයාට හොඳට ඇහුම්කන් දෙනවා.

මේ ගැන හිතන්න. ‘මං විවාහ වෙලා ඉන්න කෙනාට මානසික හරි ශාරීරික හරි අසනීපයක් තියෙනවා නම් එයාට උදව් කරන්න මට පුළුවන් කොහොමද?’

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • හිතෝ 18:18—අතීතයේ දාදු දැම්මේ ඇයි? (it-2-E 271-272)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) හිතෝ 18:1-17 (th 11 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 1යි) ගෙයින් ගෙට. නිවැසියා වෙන භාෂාවක් කතා කරන කෙනෙක්. (lmd 2 පාඩමේ 5 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 3යි) පොදු සේවය. නිවැසියා කියනවා “කියන්න ආපු දේ කෙටියෙන් කියන්න” කියලා. (lmd 7 පාඩමේ 4 කරුණ)

6. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 3යි) අවිධිමත්ව. දේවරාජ්‍යය ගැන වැදගත් සත්‍යයක් එයාට කියලා දෙන්න. (lmd 9 පාඩමේ 5 කරුණ)

7. ඔයාගේ විශ්වාසය පැහැදිලි කරන්න

(විනා. 4යි) නිරූපණයක්. ijwfq 29 ලිපිය—තේමාව: ඔයා මැවුම්වාදියෙක්ද? (lmd 5 පාඩමේ 5 කරුණ)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 144

8. ඔයාගේ හැසිරීමෙන් ඔයා ආදරේ කරන අයව යෙහෝවාට ළං කරන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

ඔයාගේ සැමියා, බිරිඳ, දරුවා දැනට යෙහෝවාට සේවේ කරන්නේ නැතුව ඇති. එහෙම නැන්තම් ඔයාගේ කිට්ටු යාළුවෙක් සභාවෙන් ඈත් වෙලා ඇති. එයාගේ හිතේ සත්‍යය ගැන ආසාවක් ඇති කරන්න ඔයා එයාට බලෙන්, තද විදිහට දේවල් කියනවාද? ඔයා ඒක හොඳ හිතින් කළත් ඔයා කියන දේවල් නිසා එයාට සත්‍යය එපා වෙන්න පුළුවන්. (හිතෝ 12:18) සත්‍යය ගැන ආසාවක් ඇති කරන්න ඊට වඩා හොඳ විදිහක් තියෙනවාද?

1 පේතෘස් 3:1 කියනවා සත්‍යයේ නැති සැමියාව දිනාගන්න අපි “කියන දේවලට” වඩා බලවත් දෙයක් තියෙනවා කියලා. සැමියා බයිබලේ ඉගෙනගන්න අකැමති වුණත් බිරිඳට පුළුවන් යෙහෝවාව අඳුරගන්න එයාට උදව් කරන්න. ඒ, එයාගේ හැසිරීමෙන්. ආදරේ, කරුණාව, ප්‍රඥාව වගේ දෙවියන්ගේ ගුණාංග බිරිඳ එයාගේ ජීවිතෙන් පෙන්නද්දී සැමියාගේ හිත වෙනස් වෙන්න පුළුවන්. (හිතෝ 16:23) දැන් යෙහෝවාට සේවේ කරන්නේ නැති අපේ ආදරණීයන්ව වෙනස් කරන්න අපේ හැසිරීමට, කරුණාවන්තකමට පුළුවන්.

‘විශ්වාසය නිසා ලොකු සටනක් කරන අය - සැමියා හරි බිරිඳ හරි සත්‍යයේ නැති අය’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

    “විශ්වාසය නිසා ලොකු සටනක් කරන අය - සැමියා හරි බිරිඳ හරි සත්‍යයේ නැති අය” කියන වීඩියෝ එකේ දර්ශනයක්. සහෝදරි හිදෙකෝ සසාකි.
  • සහෝදරි සසාකිගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

  • “විශ්වාසය නිසා ලොකු සටනක් කරන අය - සැමියා හරි බිරිඳ හරි සත්‍යයේ නැති අය” කියන වීඩියෝ එකේ දර්ශනයක්. සහෝදරි නොරිකෝ ඊතෝ.
  • සහෝදරි ඊතෝගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

  • “විශ්වාසය නිසා ලොකු සටනක් කරන අය - සැමියා හරි බිරිඳ හරි සත්‍යයේ නැති අය” කියන වීඩියෝ එකේ දර්ශනයක්. සහෝදරි තොමොඒ ඔකදා.
  • සහෝදරි ඔකදාගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොනවාද?

9. සභා බයිබල් පාඩම

(විනා. 30යි) bt 12 පරි. 14-20¶

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 60 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න