ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb25 මැයි 10-11 පි.
  • ජූනි 9-15

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ජූනි 9-15
  • 2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb25 මැයි 10-11 පි.

ජූනි 9-15

හිතෝපදේශ 17

ගීතිකාව 157 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

ඊශ්‍රායෙල් කාලේ හිටපු යුවළක් එයාලාගේ ගෙදර ඉඳන් සතුටින් රොටි කනවා.

ඊශ්‍රායෙල් කාලේ හිටපු යුවළක් හරිම සාමකාමී වටපිටාවක ඉඳන් සරල කෑමක් ගන්නවා

1. ඔයාගේ විවාහයේ සාමය රැකගන්න

(විනා. 10යි)

සාමය රැකගන්න මහන්සි වෙන්න ඕනේ. ඒත් ඒ මහන්සියෙන් ප්‍රයෝජන තියෙනවා (හිතෝ 17:1; පින්තූරය බලන්න)

පොඩි දේවල් ලොකු කරගන්න එපා (හිතෝ 17:9; g 9/14 11 2¶)

හැඟීම් පාලනය කරගන්න (හිතෝ 17:14; w08 5/1 10 6¶–11 1¶)

අතීතයේ හිටපු කිසිම සතුටක් නැති ධනවත් යුවළක් ලොකු භෝජනයක් ගන්න ඉඳගෙන ඉන්නවා. දෙන්නාම ඉන්නේ අත් දෙක බැඳගෙන. සැමියා කතා කරද්දී බිරිඳ අහක බලාගෙන ඉන්නවා.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • හිතෝ 17:24 පාදසටහන—“අඥානයාගේ ඇස් එහේ මෙහේ දුවනවා” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? (it-1-E 790 2¶)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) හිතෝ 17:1-17 (th 10 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) අවිධිමත්ව. (lmd 3 පාඩමේ 5 කරුණ)

5. කතාබහක් පටන්ගද්දී

(විනා. 4යි) පොදු සේවය. බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා අහන්න. (lmd 6 පාඩමේ 4 කරුණ)

6. දේශනය

(විනා. 5යි) ijwbv 60 ලිපිය—තේමාව: හිතෝපදේශ 17:17 අදහස මොකක්ද? (th 13 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 113

7. හොඳ කතාබහකට උදව් වෙන දේවල් කරන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

හොඳ කතාබහක් සතුට පිරුණු විවාහයකට නැතුවම බැරි දෙයක්. පවුලේ අය නිදහසේ කතාබහ කරද්දී හැමෝටම එකතු වෙලා දේවල් කරන්න පුළුවන්. ප්‍රශ්න එද්දී එකිනෙකාට ශක්තියක් වෙන්නත් පුළුවන්. (හිතෝ 15:22) නිදහසේ කතාබහ කරන්න හොඳ වතාවරණයක් ඇති කරන්න ඔයාට පුළුවන් කොහොමද?

එකට කාලේ ගත කරන්න. (ද්වි 6:6, 7) පවුලේ අය එකට වැඩ කරද්දී, නමස්කාරයේ දේවල් කරද්දී, විනෝද වෙද්දී එයාලා අතරේ ආදරේ, විශ්වාසේ වැඩි වෙනවා. ඒකෙන් නිදහසේ කතා කරන්නත් අවස්ථාව ලැබෙනවා. සමහර වෙලාවට පවුලේ අයගේ කැමැත්ත වෙනුවෙන් ඔයා කරන්න ආසාවෙන් හිටපු දෙයක් කැප කරන්න වෙයි. හැබැයි එහෙම කළා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. (ෆිලි 2:3, 4) ඔයාලා එකට ගත කරන කාලෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?—එෆී 5:15, 16.

“පවුලේ සාමයට ළඟා වෙන්න නම් . . . කතාබහ කරන්න කාලය ගන්න” කියන වීඩියෝ එකේ දර්ශනයක්. පවුලක් හරිම සතුටින් එකට එකතු වෙලා ආහාර වේලක් ගන්නවා.

‘පවුලේ සාමයට ළඟා වෙන්න නම් . . . කතාබහ කරන්න කාලය ගන්න’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • ෆෝන්, ටැබ් වගේ දේවල් පවුලේ කතාබහට බාධාවක් වෙන්න පුළුවන් කොහොමද?

  • හොඳ කතාබහක් ගැන මේ වීඩියෝ එකෙන් ඔයා තව මොනවාද ඉගෙනගත්තේ?

හොඳට ඇහුම්කන් දෙන්න. (යාකො 1:19) දෙමාපියන් දරුවාව වැරදියට තේරුම්ගන්නේ නැහැ, එයා ගැන වැරදි නිගමනවලට එන්නේ නැහැ කියලා දැනෙද්දී දරුවා එයාගේ හිතේ තියෙන දේ කියන්න පෙලඹෙයි. ඉතින් ඔයාගේ හිත ගැස්සෙන විදිහේ දෙයක් දරුවා කිව්වත් කලබල වෙන්න එපා. (හිතෝ 17:27) එයාට ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න. එයාගේ හැඟීම්, එයා හිතන විදිහ තේරුම්ගන්න. එතකොට එයාට ආදරෙන් උදව් කරන්න ඔයාට පුළුවන්.

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) bt 12 පරි. 7-13¶, 109 පිටුවේ කොටුව

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 35 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න