ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb25 මැයි 6-7 පි.
  • මැයි 19-25

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මැයි 19-25
  • 2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2025 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb25 මැයි 6-7 පි.

මැයි 19-25

හිතෝපදේශ 14

ගීතිකාව 89 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

1. විපතකදී කරන්නේ මොනවාද කියලා හොඳට හිතන්න

(විනා. 10යි)

කනට වැටෙන “හැම දේම” විශ්වාස කරන්න එපා (හිතෝ 14:15; w23.02 22-23 10-12¶)

ඔයාගේ හැඟීම්, අද්දැකීම් මතම විශ්වාසේ තියන්න එපා (හිතෝ 14:12)

යෙහෝවාගේ සංවිධානයෙන් දෙන මඟ පෙන්වීම් හෑල්ලු කරන අයට කන් දෙන්න එපා (හිතෝ 14:7)

පවුලක් JW බ්‍රෝඩ්කාස්ටිං වැඩසටහන බලනවා.

මේ ගැන හිතලා බලන්න. වැඩිමහල්ලෙනි, විපතක් වුණාම ලැබෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙලා යෙහෝවා මතම රැඳිලා ඉන්න ඔයා ලෑස්තිද?—w24.07 5 11¶.

2. දේවවචනයෙන් මැණික්

(විනා. 10යි)

  • හිතෝ 14:17—“හොඳට කල්පනා කරලා වැඩ කරන කෙනා වෛරයට ලක් වෙනවා” කියන්නේ ඇයි? (it-2-E 1094)

  • මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?

3. බයිබල් කියවීම

(විනා. 4යි) හිතෝ 14:1-21 (th 11 පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

4. කතාබහක් පටන්ගද්දී

(විනා. 3යි) පොදු සේවය. ආර්ථිකය ගැන වධ වෙන කෙනෙක් එක්ක බයිබලේ තියෙන දෙයක් බෙදාගන්න. (lmd 3 පාඩමේ 3 කරුණ)

5. ආයෙත් හම්බ වෙද්දී

(විනා. 4යි) ගෙයින් ගෙට. කලින් වතාවේ උනන්දු වුණ විෂයක් ගැන තියෙන සඟරාවක් දෙන්න. (lmd 9 පාඩමේ 4 කරුණ)

6. ගෝලයන් වෙන්න උදව් කරද්දී

(විනා. 5යි) හැමදාම බයිබලේ කියවන්න කියලා ශිෂ්‍යයාට උනන්දු කරන්න. ඒක කරන විදිහ කියලා දෙන්න. (th 19 පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ගීතිකාව 126

7. විපත්තිවලට ලෑස්ති වෙන්න

(විනා. 15යි) සාකච්ඡාවක්.

වැඩිමහල්ලෙක් මෙහෙයවන්න ඕනේ. ශාඛා කාර්යාලයෙන් සහ වැඩිමහල් මණ්ඩලයෙන් යම් සිහිගැන්වීම් කරලා තියෙනවා නම් ඒවා සඳහන් කරන්න.

අපි ඉන්නේ “අන්තිම දවස්වල” නිසා මූණ දෙන ප්‍රශ්න තව තවත් වැඩි වෙයි කියලා අපි දන්නවා. (2තිමෝ 3:1) විපතකට කලින් සහ විපතක් අතරතුරේදී ජීවිත බේරගන්න ඕන කරන මඟ පෙන්වීම් යෙහෝවාගේ සෙනඟට ලැබෙනවා. හැබැයි අපි බේරෙනවාද නැද්ද කියන එක තීරණේ වෙන්නේ දැන් තියාම අපේ විශ්වාසේ ශක්තිමත් කරගන්න එකත් අපිට අවශ්‍ය දේවල් කලින්ම ලෑස්ති කරගන්න එකත් මතයි.—හිතෝ 14:6, 8.

  • විශ්වාසේ ශක්තිමත් කරගන්න: බයිබලේ කියවන, අධ්‍යයනය කරන පුරුද්ද ඇති කරගන්න. එක එක විදිවලින් දේශනා කරන හැකියාව වැඩි කරගන්න. ටික කාලෙකට සභාවේ අයගෙන් වෙන් වෙන්න වුණොත් කලබල වෙන්න එපා. (හිතෝ 14:30) මොකද කවුරු නැතත් යෙහෝවායි, යේසුයි ඔයා ළඟින්ම ඉන්නවා.—od 175 15-17¶

  • අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්න: ආපදා මල්ල ලෑස්ති කරගන්නවාට අමතරව ටිකක් වැඩිපුර කෑම, වතුර, බෙහෙත් වගේ දේවල් එකතු කරලා තියාගන්න. එතකොට හදිස්සියේ ගෙදරට කොටු වෙන්න වුණොත් ඕන කරන දේවල් තියෙනවා.—හිතෝ 22:3; g17.5 4

කලින් පින්තූරේ හිටපු පවුල හදිස්සියකදී ඕන වෙන බඩු කලින්ම ලෑස්ති කරගන්නවා.

‘ඕනම විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.

  • විපතකදී යෙහෝවා අපිට උදව් කරන්නේ කොහොමද?

  • විපතකට මූණ දෙන්න ලෑස්ති වෙන්න කල්තියාම කරන්න පුළුවන් මොනවාද?

  • විපතක් නිසා අසරණ වුණ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

මේ ගැන හිතන්න.

‘කල්තියාම ලෑස්ති වෙලා ඉන්න එකේ වැදගත්කම ගැන ළඟකදී වුණ විපතකින් මං ඉගෙනගත්තේ මොනවාද?’

8. සභා බයිබල් පාඩම

(විනා. 30යි) bt 11 පරි. 5-10¶ සහ 101 පිටුවේ කොටුව

සාරාංශය (විනා. 3යි) | ගීතිකාව 116 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න