මැයි 12-18
හිතෝපදේශ 13
ගීතිකාව 34 සහ යාච්ඤාව | හැඳින්වීම (විනා. 1යි)
1. “දුෂ්ටයාගේ පහනට” රැවටෙන්න එපා!
(විනා. 10යි)
දුෂ්ටයන්ට අනාගතයක් නැහැ (හිතෝ 13:9; it-2-E 196 2-3¶)
නරක දේවල් හොඳයි කියලා පෙන්නන්න හදන අයව ඇසුරු කරන්න එපා (හිතෝ 13:20; w12 7/15 12 3¶)
ධර්මිෂ්ඨ අයට යෙහෝවා ආශීර්වාද කරනවා (හිතෝ 13:25; w04 7/15 31 6¶)
මේ ලෝකේ දේවල් පස්සේ යන අය හිතන තරම් සතුටකින් නෙවෙයි ඉන්නේ. හැබැයි යෙහෝවාගේ කැමැත්ත කරන අයගේ ජීවිත සතුටින් පිරිලා
2. දේවවචනයෙන් මැණික්
(විනා. 10යි)
හිතෝ 13:24—ආදරේ කරන එකයි, හික්මවීම් දෙන එකයි ගැන සමහරුන්ට තියෙන වැරදි අදහස මොකක්ද? (it-2-E 276 2¶)
මේ සතියේ බයිබල් කියවීමෙන් ඔයා හොයාගත්ත මැණික් මොනවාද?
3. බයිබල් කියවීම
(විනා. 4යි) හිතෝ 13:1-17 (th 10 පාඩම)
4. කතාබහක් පටන්ගද්දී
(විනා. 3යි) ගෙයින් ගෙට. වැඩිදෙනෙක්ගේ මනසේ දුවන විෂයකින් පටන්ගන්න. පස්සේ එයාට වැඩියෙන් ප්‍රයෝජනවත් වෙන බයිබලේ තියෙන දේකට විෂය මාරු කරන්න. (lmd 2 පාඩමේ 5 කරුණ)
5. කතාබහක් පටන්ගද්දී
(විනා. 4යි) අවිධිමත්ව. රැස්වීමකට ආරාධනා කරන්න. (lmd 2 පාඩමේ 3 කරුණ)
6. දේශනය
(විනා. 5යි) lmd 1වෙනි උපග්‍රන්ථය 9 කරුණ—තේමාව: දෙමාපියන්ට ගෞරව කරනවා නම්, එයාලට කීකරු වෙනවා නම් දරුවන්ට සතුටින් ඉන්න පුළුවන්. (th 16 පාඩම)
ගීතිකාව 77
7. “ධර්මිෂ්ඨයාගේ පහනේ එළිය දීප්තියෙන් බැබළෙයි”
(විනා. 8යි) සාකච්ඡාවක්.
කිසිම දේකට සම කරන්න බැරි දැනුමක්, ප්‍රඥාවක් දේවවචනයේ තියෙනවා. ඒකේ තියෙන දේවල් අපි අපේ ජීවිතවලට අදාළ කරගද්දී සතුට පිරුණු, සාර්ථක ජීවිත ගත කරන්න පුළුවන්. ඒ වගේ ජීවිතයක් අපිට දෙන්න මේ ලෝකෙට කවදාවත් බැහැ.
‘නැති දෙයක් අපිට දෙන්න දුෂ්ට සමාජයට බැහැ’ වීඩියෝ එක පෙන්වන්න. ඊටපස්සේ මෙහෙම අහන්න.
‘ධර්මිෂ්ඨයාගේ පහනේ එළිය දුෂ්ටයාගේ පහනට’ වඩා ආලෝකවත් කියලා සහෝදරි ගෙයිනන්ශීනාගේ අද්දැකීමෙන් පැහැදිලි වෙන්නේ කොහොමද?—හිතෝ 13:9
මේ ලෝකේ දේවල් ලබාගන්න සිහින මවමව කාලේ කන්න එපා. යෙහෝවා වෙනුවෙන් ඔයා අත්හැරපු දේවල් ගැන දුක් වෙන්නත් එපා. (1යොහ 2:15-17) ඔයාට ලැබිලා තියෙන ‘මිල කරන්න බැරි දැනුම’ මොන තරම් වටිනවාද කියලා හිතන්න.—ෆිලි 3:8.
8. සභා අවශ්‍යතා
(විනා. 7යි)
9. සභා බයිබල් පාඩම
(විනා. 30යි) bt 11 පරි. 1-4¶, 95වෙනි පිටුවේ “4වෙනි කොටස” සහ 98-99 පිටුවල කොටු