දේවවචනය නිධානයක් | නික්මයාම 39-40
මෝසෙස් හැම මඟ පෙන්වීමකටම කීකරු වුණා
යෙහෝවා දෙවියන් ශුද්ධ කූඩාරම හදන්න සහ සවි කරන්න ඕනෙ විදිහ ගැන පැහැදිලි මඟ පෙන්වීම් දුන්නා. මෝසෙස් ඒ හැම එකකටම හොඳින් ඇහුම්කන් දීලා කීකරු වුණා. ඒ වගේ අපිත් යෙහෝවා දෙවියන්ගේ සංවිධානයෙන් ලබා දෙන ඕනම මඟ පෙන්වීමක් කැමැත්තෙන්ම පිළි අරන් ඉක්මනින්ම අදාළ කරගන්න ඕනේ. සමහර අවස්ථාවලදී යම් මඟ පෙන්වීමක් පිළිපදින එක එච්චර වැදගත් නැහැ කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒක දුන්නේ ඇයි කියලා අපිට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒත් අපි ඒකට කීකරු වෙන එක හුඟක් වැදගත්.—ලූක් 16:10.
මේ අවස්ථාවලදී අපි හැම මඟ පෙන්වීමකටම ඇහුම්කන් දීලා කීකරු වෙන එක වැදගත් ඇයි?
ක්ෂේත්‍ර සේවා රැස්වීමේදී.
සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දෙන්න සූදානම් වෙද්දී.
ආපදාවකට මුහුණ දෙන්න කලින්ම සූදානම් වෙද්දී.