ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 මැයි 3 පි.
  • ඔයා සූදානම්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයා සූදානම්ද?
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • මේ අවසාන දවස්වල දිගටම සූදානමින් ඉන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ස්වාභාවික විපතකට මුහුණ දීමට ඔබ සූදානම්ද?
    2007 අපගේ රාජ්‍ය සේවාව
  • කලබලකාරී තත්වයකට මුහුණ දෙන්න ඔයා ලෑස්තිද?
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ආපදාවලට එරෙහිව මිනිසාගේ සටන
    1995 පිබිදෙව්!
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 මැයි 3 පි.
පවුලක් හදිසි අවස්ථාවකදී ඕන කරන දේවල් බෑග් එකකට දමමින්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

ඔයා සූදානම්ද?

ස්වාභාවික විපතක් ඇති වුණොත් ඒකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද? භූමිකම්පා, සුළිසුළං, ලැව්ගිනි, ගංවතුර, නායයෑම් වගේ දේවල් එකපාරටම ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් නිසා ලොකු විනාශයක් වෙන්නත් පුළුවන්. ත්‍රස්ත ප්‍රහාර, කෝලහල සහ වසංගත හිතන්නේ නැති වෙලාවක ඕනම පළාතක ඇති වෙන්න ඉඩ තියෙනවා. (දේශ 9:11) අපේ පළාතේ නම් ඒ වගේ දේවල් වෙන්නේ නැහැ කියලා හිතන එක සුදුසු නැහැ.

හදිසියේ ඇති වෙන විපතකට හොඳින් මුහුණ දෙන්න අපි හැමෝම සූදානමින් ඉන්න ඕනේ. (හිතෝ 22:3) යෙහෝවා දෙවියන්ගේ සංවිධානය හදිසි විපතක් ඇති වුණාම අපිට අවශ්‍ය උදව් ලබා දෙනවා තමයි. ඒත් විපතකට කලින්ම සූදානම් වෙන වගකීම අපි එක් එක් කෙනා සතුයි කියලා අපි මතක තියාගන්න ඕනේ.—ගලා 6:5.

‘ස්වාභාවික විපතකට මුහුණ දෙන්න ඔයා සූදානම්ද?’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • දෙවියන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගෙන ඉන්න එක විපතකට හොඳින් මුහුණ දෙන්න උදව් වෙනවා කියලා තේරුම් අරන් ඉන්න සහෝදරයෙක් බයිබලය කියවමින්.

    දෙවියන් එක්ක හොඳ බැඳීමක් ඇති කරගෙන ඉන්න එක විපතකට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන්නේ කොහොමද?

  • හදිසි අවස්ථාවකදී ඕන කරන දේවල් තියෙන බෑග් එකක්, අවශ්‍ය කරන දුරකතන අංක සඳහන් ලැයිස්තුවක් සහ ජංගම දුරකතනයක්.

    පහත සඳහන් දේවල් වැදගත් වෙන්නේ ඇයි?

    • • විපතකට කලිනුත් අතරතුරත් පසුවත් වැඩිමහල්ලන් එක්ක හොඳ අදහස් හුවමාරුවක් පවත්වගැනීම.

    • • හදිසි අවස්ථාවකදී ඕන කරන දේවල් තියෙන බෑග් එකක් ලෑස්ති කිරීම.—g17.5 6

    • • ඇති වෙන්න පුළුවන් විපත් ගැනත් එහෙම වුණොත් කරන්න ඕන දේවල් ගැනත් කතා කරගැනීම.

  • පින්තූරවල අදහස: විපතකට පත් වෙලා ඉන්න අයට උදව් කරන්න පුළුවන් විදි. 1. සහෝදරයෙක් යාච්ඤා කරමින්. 2. ස්වේච්ඡා සේවකයන් සහන සේවා කටයුතුවලට උදව් වෙමින්. 3. සහෝදරයෙක් නමස්කාර මධ්‍යස්ථානයේ තියෙන සම්මාදම් පෙට්ටියට මුදල් දමමින්.

    විපතකදී අනිත් අයට උදව් කරන්න පුළුවන් ක්‍රම තුනක් මොනවාද?

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්ද?

ලෝකේ පුරාම සිද්ධ වෙන සහන සේවා කටයුතුවලට ස්වේච්ඡා සේවකයන්ගේ අවශ්‍යතාව එන්න එන්නම වැඩි වෙනවා. ඔයා උදව් කරන්න කැමති නම් ඉක්මනින්ම වැඩිමහල්ලන්ට ඒ ගැන දැනුම් දෙන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න