දේවවචනය නිධානයක් | කොලොස්සි 1-4
පරණ පෞද්ගලිකත්වය ඉවත් කර අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න
සත්‍යය දැනගත්තාට පස්සේ ඔයා ජීවිතයේ කරගත්තු ලොකු වෙනස්කම් ගැන යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම සතුටු වෙන්න ඇති. (එස 33:11) ඒත් පරණ පෞද්ගලිකත්වයේ නරක ගති ආයේ මතු වෙන එක වළක්වගන්නත් අලුත් පෞද්ගලිකත්වය පැළඳගෙන ඉන්නත් දිගටම ලොකු වෑයමක් දරන්න වෙනවා. ඔයා දියුණු වෙන්න ඕන පැති තේරුම්ගන්න මේ ප්‍රශ්න ගැන හිතන්න.
මාව රිද්දපු කෙනෙක් ගැන තාමත් මගේ හිතේ ලොකු කේන්තියක් තියෙනවාද?
වැඩ වැඩි නැත්නම් මහන්සි වෙලාවලදී වුණත් මං ඉවසීමෙන් වැඩ කරනවාද?
අනාචාර සිතුවිල්ලක් මනසට ආපු ගමන්ම මං ඒක අයින් කරලා දානවාද?
වෙන ජාතියක, රටක අය ගැන මට එච්චර හොඳ හැඟීමක් නැද්ද?
මෑතකදී මං කාට හරි අකාරුණික විදිහට කතා කළාද? නැත්නම් කේන්තියෙන් වැඩ කළාද?