දේවවචනය නිධානයක් | 1 කොරින්ති 7-9
තනිකඩව ඉන්න එක දීමනාවක්
තනිකඩව ඉන්න අයට දෙවියන් වෙනුවෙන් වැඩි සේවයක් කරන්න වගේම ඔහු එක්කත් අනිත් අය එක්කත් හොඳ බැඳීම් ඇති කරගන්න වැඩිපුර අවස්ථාවන් ලැබෙනවා කියලා හුඟදෙනෙක් තේරුම් අරන් තියෙනවා.
1937දී ඕස්ට්‍රේලියාවේ දේශනා සංචාරයක යෙදෙමින්; 1947දී ගිලියද් පාසැලෙන් පැවරුම ලැබිලා මෙක්සිකෝවට ආපු සහෝදරියක්
බ්‍රසීලයේ සේවයේ යෙදෙමින්; මලාවිවල ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වෙමින්
මේ ගැන හිතලා බලන්න. ඔයා තනිකඩයෙක් නම් ඔයාට තියෙන කාලයෙන් සහ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද?
තනිකඩ අයට උදව් කරන්න, එයාලව දිරිගන්වන්න සභාවේ අයට පුළුවන් කොහොමද?