දේවවචනය නිධානයක් | ලූක් 12-13
“ගේකුරුල්ලන් බොහෝදෙනෙකුට වඩා ඔබ වටිනවා”
යේසුස් එහෙම කිව්වේ ඇයි? ලූක් 12:4 යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා විරුද්ධවාදීන්ගෙන් පීඩා අද්දකින්න වෙයි, සමහරවිට මැරුම් කන්න සිද්ධ වෙයි කියලා. ඒ මොන දේ වුණත් බය වෙන්න එපා කියලත් ඔහු කිව්වා. ඒකෙන් පැහැදිලි වෙනවා ඉදිරියේදී මුහුණ දෙන්න තිබුණු දේවලට යේසුස් තමන්ගේ අනුගාමිකයන්ව සූදානම් කරමිනුයි හිටියේ කියලා. දෙවිට එයාලව හුඟක් වටිනවා කියලත් මරණය අද්දකින්න සිද්ධ වුණත් දෙවි එයාලට ආයෙත් ජීවිතය දෙනවා කියලත් මතක් කරලා දෙන්නයි යේසුස්ට ඕන වුණේ.
පීඩා විඳින අය ගැන යෙහෝවා දෙවි හුඟක් සැලකිලිමත් වෙනවා. අපිටත් ඒ දේ කරන්න පුළුවන් කොහොමද?
විශ්වාසය නිසා සිරදඬුවම් විඳින සාක්ෂිකරුවන් ගැන අලුත්ම තොරතුරු හොයාගන්න පුළුවන් කොහෙන්ද?
මේ වෙද්දී සහෝදර සහෝදරියන් කීදෙනෙක් සිරදඬුවම් විඳිනවාද?