යහපත් ක්‍රිස්තියානීන් වෙමු
ක්‍රිස්තුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න
පීඩා පරීක්ෂාවලට මුහුණ දෙද්දී අපිට අනුගමනය කරන්න පුළුවන් හොඳ ආදර්ශයක් යේසුස් තියලා තියෙනවා. (1පේතෘ 2:21-23) සතුරන් නින්දා කරද්දී යේසුස් එකට එක කළේ නැහැ. ලොකු වේදනාවකින් ඉද්දී වුණත් එහෙම කළේ නැහැ. (මාක් 15:29-32) යේසුස්ට විඳදරාගන්න පුළුවන් වුණේ දෙවිගේ කැමැත්ත ඉටු කරන්න ඔහු අදිටන් කරගෙන හිටපු නිසයි. (යොහ 6:38) ඒ වගේම “තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව” ගැන ඔහු නිතරම හිතුවා.—හෙබ්‍රෙ 12:2.
විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙද්දී අපි කරන්න ඕනෙ මොනවාද? ක්‍රිස්තියානීන් විදිහට අපි “නපුරට නපුර” කරන්නේ නැහැ. (රෝම 12:14, 17) යේසුස් වගේ අපිත් විඳදරාගන්නවා නම් අපිට සතුටු වෙන්න පුළුවන්. මොකද ඒකෙන් අපිට දෙවිගේ අනුමැතිය ලැබෙනවා.—මතෙ 5:10-12; 1පේතෘ 4:12-14.
‘යෙහෝවා දෙවිගේ නම තමයි වැදගත්ම දේ’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
සහෝදරි පෝට්සිඟa තනියෙන් සිරකුටියක ඉද්දී කාලය ඥානවන්ත විදිහට පාවිච්චි කළේ කොහොමද?
විවිධ ගාල් කඳවුරුවල ඉද්දී සහෝදර සහ සහෝදරි පෝට්සිඟට මුහුණ දෙන්න වුණේ මොන වගේ දේවලටද?
ඒ දේවල් විඳදරාගන්න එයාලට උදව් වුණේ මොනවාද?
පීඩාවලට මුහුණ දෙද්දී ක්‍රිස්තුස්ගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න
a සමහර සඟරාවල ඒ නම පෝට්සිංගර් විදිහටත් සඳහන් කරලා තියෙනවා.