දේවවචනය නිධානයක් | ගීතාවලිය 74–78
යෙහෝවා දෙවිගේ පුදුම ක්‍රියා සිහි කරන්න
යෙහෝවා දෙවි කරලා තියෙන යහපත් දේවල් ගැන හොඳින් කල්පනා කරන එක හුඟක් වැදගත්
බයිබලයෙන් කියවන දේවල් ගැන හොඳින් කල්පනා කරන එක ඒ දේවල් හිතට ගන්නත් ඒවා අගය කරන්නත් උදව් වෙනවා
යෙහෝවා දෙවි ගැන හොඳින් කල්පනා කරන එක දෙවි කරලා තියෙන යහපත් දේවල් ගැනත් දෙවි අපිට දීලා තියෙන බලාපොරොත්තුව ගැනත් මතක තියාගන්න උදව් වෙනවා
යෙහෝවා දෙවි කරලා තියෙන යහපත් දේවල් කිහිපයක්:
නිර්මාණ
දෙවිගේ නිර්මාණ ගැන කල්පනා කරන තරමට ඔහු ගැන අපේ හිතේ තියෙන අගය වැඩි වෙනවා
පෙරමුණ අරන් වැඩ කරන සහෝදරයන්
පෙරමුණ අරන් වැඩ කරන්න යෙහෝවා දෙවි පත් කරලා තියෙන සහෝදරයන්ට අපි කීකරු වෙන්න ඕනේ
සෙනඟව ගලවාගත්තා
යෙහෝවා දෙවි තමන්ගේ සෙනඟව ගලවාගන්න කරපු දේවල් ගැන කල්පනා කරන එක, තමන්ගේ සෙනඟව ගලවාගන්න යෙහෝවා දෙවිට තියෙන කැමැත්ත සහ හැකියාව සම්බන්ධයෙන් අපිට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා