දේවවචනය නිධානයක් | ගීතාවලිය 1-10
යෙහෝවා දෙවි එක්ක සමාදාන වෙන්න නම් යේසුස්ව පිළිගන්න ඕනේ
යෙහෝවා දෙවිට සහ යේසුස්ට විරුද්ධත්වයක් එනවා කියලා කලින්ම කියලා තිබුණා
ජාතීන් යේසුස්ගේ අධිකාරිය පිළි නොගෙන තමන්ගේ අධිකාරිය පවත්වගන්න උත්සාහ කරයි කියලා අනාවැකියක කියලා තිබුණා
ඒ අනාවැකියේ මුල් ඉටු වීම යේසුස් පොළොවේ හිටපු කාලෙදිම සිද්ධ වුණා. ඒකේ මහත් ඉටු වීම සිද්ධ වෙන්නේ මේ කාලෙදියි
ජාතීන් පලක් නැති දේවල් යෝජනා කරනවා කියලා ගීතිකාකරු කියනවා. ඒකෙන් අදහස් කරන්නේ ඔවුන්ගේ අරමුණු අසාර්ථක ඒවා වෙනවා කියලයි
යෙහෝවා දෙවිගේ අභිෂේක ලත් රජුව පිළිගන්න අයට විතරයි ජීවනය ලැබෙන්නේ
දේවරාජ්‍යයේ රජුට විරුද්ධ වෙන හැමෝටම අත් වෙන්නේ මරණයයි
යේසුස්ව පිළිගන්න අයට සාමයෙන්, සුරක්ෂිතව ඉන්න අවස්ථාව ලැබෙනවා