අත්හදා බැලීමට යෝජනා
‘මුරටැඹ’ ජනවාරි 1
“මේ ප්‍රතිපත්තියට එකඟව හැමෝම ජීවත් වුණොත් මේ ලෝකේ මීට වඩා හොඳ තැනක් වෙයි කියලා ඔයා හිතනවාද? [හෙබ්‍රෙව් 13:18 කියවලා ප්‍රතිචාරයට ඉඩහරින්න.] හැම දේකදීම අවංක වෙන්න කියලා බයිබලේ කියනවා. හැම දේකදීම අවංක වෙන්න පුළුවන් විදිහ ගැන මේ මාසේ ‘මුරටැඹ’ සඟරාවේ විස්තර කරලා තියෙනවා.”
‘පිබිදෙව්!’ ජනවාරි
“මං ආවේ මේ මාසේ ‘පිබිදෙව්!’ සඟරාව දෙන්න. [ඔහුට හෝ ඇයට සඟරා දෙන්න.] 2වෙනි පිටුවේ තියෙන මේ ප්‍රශ්නෙයි හුඟක් අය ඒකට දෙන උත්තරයි බලන්න. ඔයා මොකක්ද හිතන්නේ? [ප්‍රතිචාරයට ඉඩහරින්න.] අභියෝගවලට මුහුණ දෙද්දී ජීවිතය ගැන සුබවාදීව හිතන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මේ ලිපියේ තියෙනවා.”